Skip to main content

පකිස්ථානයෙන් ආ ගැටයා

 



මතුගම අධ්යාපන කලාපයේ ඉංග්රීසි විෂය භාර අධ්යක්ෂ කම කරන කාලයේ මම විදේශ විශ්ව විද්යාලවල ඉගෙන ගන්නා සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගෙන ළමුන්ට ඉංගිරිසි කතාව හුරු කිරීමට උත්සහ කළෙමි.


එම සිසුන් සහ සිසුවියන් මට ගෙන්වා දුන්නේ රටවල සියගනනක විශ්ව විද්යාල සිසුන්ගේ සංවිධානයක් වූ අයිසෙක් (AIESEC) හි ලංකා ශාඛාව මෙහෙයවන සිසුන් කීප දෙනෙකු විසිනි .


වරකට සිසුන් /සිසුවියන් හතර පස් දෙනා බැගින් ගෙන්වා දීමට ඔවූන් මට උදව් කළ අතර මගේ වගකීම වුයේ ඔවුන් පාසලකට අනුයුක්ත කිරීමත් ඔවුන්ට ආහාර සහ නවාතැන් සපයා දීමත්ය අදාල පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ඉංග්රීසි ගුරුවරුන්ගේ සහයෙන් එය ඉටු කිරීමට මට හැකිවිය .


එසේ පැමිණි සිසුන්ට මම දුන් උපදෙස වුයේ ඉංග්රීසි උගන්වන්නට උත්සහ නොකරන ලෙසත් සිසුන් සමග විවිධ ක්රියාකාරකම් වල යෙදෙමින් ඉංග්රීසියෙන් ඔවුන්ට කතාකරන ලෙසත්ය.


එසේ ගෙන්වූ එක සිසුවෙක් වුයේ පකිස්ථානයේ විශ්ව විද්යාලයක ඉගෙන ගනිමින් සිටි තල්හා වහීඩ්ය මම ඔහුව අනුයුක්ත කලේ මතුගම ජාතික පාසලක් වන ආනන්ද ශාස්ත්රාලයටය
එකල එහි විදුහල්පතිවු රණවීර මහතාට ළමුන්ට ඉංග්රීසි ඉගැන්වීමට ලොකු කැක්කුමක් තිබුනේය මේ නිසා තල්හා වහීඩ්ට අවශ්ය පහසුකම් සැපයීමට විදුහල්පතිවරයා උනන්දුවෙන් කටයුතු කළේය

ඔහු ආ දිනවල හලාල් කළ ආහාර හෙව්වේය .හලාල් ආහාර ගන්නා ලෙස ගෙදරින් කිව් බව තල්හා මට කීය .




හලාල් ආහාර සොයාගැනීම දුෂ්කර බවත් තියෙන දෙයක් කන ලෙස මම ඔහුට කීවෙමි .
"ඔය හලාල් කනවද නැද්ද කියල ගෙදර අය දන්නේ නැහැනේ. ලංකාවට ආවම ලංකාවේ විදිහට ඉන්න .පකිස්තනෙට ගියාම එහෙ විදිහට ඉන්න " මම ඔහුට කීමි .

මගේ උපදේශයට ඔහු එක පයින්ම එකඟ විය .

ඔහු ආනන්ද ශාස්ත්රාලයේ මාස දෙකක කාලයක් ගත කළ අතර පාසලේ සිසුන් අතරත් ගුරුවරු අතරත් ඔහු ජනප්රිය විය .

තල්හා පමණක් නොව සියලුම සිසුන් මෙහි ආවේ තමන්ගේ පොකට්ටුවෙන් වියදම් කරමිනි අපි තවමත් විශේෂයෙන්ම ගැහැණු ළමයින් තනිවම රටකට නොව අහලපහලටවත් යවන්නට බයය එහෙත් ඒ දිනවල චීනයේ ගැහැණු ළමුන් පවා මෙහි ආවෝය.


එකල චීනයේ මව් පියන්ට හදන්නට දුන්නේ එක ළමයෙකු පමණි තමන්ට එක ළමයෙකු පමණක් සිටින විට දෙමාපියෝ ඔහු/ඇය විශේෂයෙන්ම ආරක්ෂා කරන බව අමුතුවෙන් කිව යුතු නැත එහෙත් චීන ගැහැණු ළමයි ගණනාවක් ම මතුගමට මම ගෙන්වා ගතිමි.

ඔවුන් විදේශ රටකට තනිවම ගොස් ලැබූ පුහුණුව හෝ කාර්යයන් රැකියාවක් ලබා ගැනීමේදී විශේෂ සුදුසුකමක් විය .

වරක් මෙහි පැමිණ පාසලක සේවය කොට ආපසු ගිය ජර්මානු සිසුවියක් පසුව මට පණිවිඩයක් එවමින් ඇය මෙහි කළ ක්රියාකාරකම් ගැන වාර්තාවක් එවන ලෙස ඉල්ලා සිටියාය . ඒ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ඇය ගිය විට එම වාර්තාව ඇගෙන් ඉල්ලා තිබුන නිසාය .





මතුගම අධ්යාපන කලාපයේ මම සේවය කරන කාලය තුලදී විදේශ විශ්ව විද්යාල සිසු සිසුවියන් 30 ක් 40ක් ගෙන්වා ගෙන පාසල්වලට අනුයුක්ත කොට පාසල් සිසුන්ට ඉංගිසි කථනය යම් පමණකින් පුහුණු කිරීමට මට හැකිවිය ඔවුන් සිංහල බස නොදන්නා බැවින් අපේ ළමුන්ට සිදුවුයේ දන්නා ඉංග්රීසියෙන් විදේශ සිසුන් සමග කතා කිරීමටය.


භාෂාවක් කතා කිරීමට ඉගන ගත හැක්කේ ඒ බස කතා කිරීමෙන් මිස පෙළපොත් කියවීමෙන් හෝ විභාවලට පෙනී සිට සමත් වීමෙන් නොවේ Spoken English කියා පන්ති අප රටේ වැහි වැස තිබුණත් ඒවායෙන් ඉංග්රීසි කතාව ඉගෙනගත් අය සිටිද? තුන්හාරසීයක් සිසුන්ට සතියකට පැය දෙක තුනක් උගන්වා ඉංග්රීසි කතාව මාස දෙක තුනකින් පුහුණු කළ කරන්නට හැකි නම් එය නවීන ලෝකයේ පුදුම 7න් එකක් වනු ඇත .


ලංකාවේ පාසල් සිසුන්ගෙන් 90%කට ඉංග්රීසි කතා කිරීමට නොහැකි වී ඇත්තේ ඉංග්රීසි කතාව පුහුණු කිරීමට අධ්යාපන අමාත්යංශය සාර්ථක වැඩ පිළිවෙලක් යොදා නැති කමත් ඉන්ග්රීසි කතාව පුහුණුවීමට සමාජයෙන් පෙළඹවීමක් නැති කමත්ය .


මේ පිළිබඳව ලියන්නට ගියොත් දිග ලිපියක් ලිවීමට සිදුවේ එය ඉදිරි දිනක ලියමි .


(පින්තුරවල සිටින්නේ පකිස්ථානයෙන් අවුත් මතුගම ආනන්ද ශාස්ත්රාලයට අනුයුක්ත කළ තල්හා වහීඩ්ය පින්තුර ගත්තේ එකළ ඉංග්රීසි ගුරුවරයෙකු ලෙස මතුගම කලාපයේ සේවය කළ අජිත් පැරකුම් ජයසිංහ ය )


Comments

Anonymous said…
අජිත් පී ජයසිංහ කියන්නේ කොටියෙක්. පොඩි ළමයි මිනිහා ලගට යවන්නේ පරිස්සමෙන්. මේ පින්තුරේ ඉන්න පකිස්ථාන කෙනත් ඒ වගේ. පේන්නේ නැද්ද කුඩා ළමයි බදාගෙන ඉන්න විදිය. දෙමාපියන්ට මොලේ නැද්ද?
Litseeker said…
විදේශීය සිසුන් පමණක් නොව දේශීය වශයෙන් ද සිංහල, මුස්ලිම් හා දෙමළ සිසුන් එකිනෙකා මුණ ගැසෙන මෙවන් වැඩසටහන් අවශ්‍ය ය. එය ඉහත පෙනෙන කමෙන්ටුවෙන් ද පැහැදිළි වේ. එමෙන්ම මගේ අත්දැකීම් අනුව ඉංග්‍රීසි අධ්‍යාපනයට බාධකයක්ව පවතින තවත් කරුණක් වන්නේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ භාෂා දැනුමේ දුර්වලතා ය. එය පෙළපොත් වලින් මිදී නිර්මාණාත්මක වීමට බාදාවක්ව පවතී.
දැන් නම් බොහොමයක ළමයි පොඩි කාලෙ ඉදන්ම ඉංග්‍රීසි කතා කරනවා.
පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් නම් හැදෙන්නෙම නැති දෙයක් ඒක. මොකද බොහොමයක් ඉංග්‍රිසි ගුරුවරුන්ට කතා කිරීමේ හැකියාව නැහැ සිලබස් එකෙන් ඉංග්‍රිසි කතාව භාවිතයට සහ හසුරවීමට උපකාරයක් නැහැ.
Jagath Pathirana said…
කඅනඩාවේ ඉංග්‍රීසි කතා කරන කෙනෙකුයි ප්‍රංශ කතාකරන කෙනෙකුයි මුන ගැහුනම කතා කරන්නේ මොන බාශාවෙන්ද?

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...