Skip to main content

අවුරුදු 26 කට පෙර සිදුකළ 'බලු ජුලිය '


Image result for black july in sri lanka

   'බලු ජුලිය' මහා පරිමාණයෙන් 1983 ජුලි 24 මා සිටියේ කොළඹය .මා එදින කොළඹ ගියේ නැවත මා සේවයේ පිහිටුවන්නට යන බව ආරංචි වී ඒ වන වැඩි දුර සොයා  බැලීමටය .1980 ජුලී මහා වැඩවර්ජනයට සහභාගිවීම නිසා අවුරුදු තුනකට අධික කාලයක්  ජේ ආර් ගේ ආණ්ඩුව මා ගුරු සේවයෙන් නෙරපා  හැර තිබුණි .


එකළ අධ්යාපන අමාත්යංශය තිබුණේ කොළඹ 2 මැලේ වීදියේය.  මා  සේවයේ පිහිටුවන ලෙස කලුතර ප්රාදේශීය අධ්යාපන කාර්යාලයට දැනුම් දී ඇති බව අමාත්යංශයෙන් දැනගන්නට ලැබිණ .

අමාත්යංශයෙන් පිටතට පැමිණි විට බොහෝ දෙනෙකු කොටුව දෙසින් නගින දුම් රොටු දෙස බලා සිටියහ .දෙමල මිනිසුන්ගේ වෙළඳ ව්යාපාරවලට ගිනි තබා ඇති බව බලාසිටියවුන්ගේ කතා බහින් මට අවබෝධ විය .


මතුගම බලා ඒමට බස් රථයක් අල්ල ගැනීමේ අදහසින් ලේක්හවුසිය පැත්තට පා ගමනින් ගොස් රීගල් සිනමා හල ඉදිරිපිට පාරේ අනිත් පැත්තේ තිබු බස් නැවතුමක් අසලට වී සිටියෙමි.


Image result for black july in sri lanka

පොලු අතේ තබාගෙන සිටි මැරයෝ කීප දෙනෙක් පුද්ගලික වාහන නවතා ප්රශ්න කොට දෙමලු සිටියේනම් වාහන වලින්  එලියට ඇද පොලුවලින් පහර දුන්හ .ඇතැමෙකු ගුටි කාගෙන රීගල් සිනමා හලේ පිටිපසට දිවුහ. ඉන්පසු මැරයෝ පෙට්‍ර්ල් වත්කොට  එම වාහනවලට ගිනි තැබුහ 

දහස් ගානක් මිනිස්සු මේ ප්රහාර දෙස නිහඬව බලා සිටියහ .


ඒ අතර හමුදා ට්රක් රථයක් මැරයන් පසු කොට ගෙන කොම්පඥඥ වීදිය දෙසට ගියේය එහි සිටි සෙබළු අත තුවක්කු තිබිණ .ඔවුන්ගේ කීප දෙනෙකු මැරයන්ට අත් ඔසොවා ආචාර කළහ.

මේ අතර එම ස්ථානයට පොලිස් පරික්ෂයෙකු හැකි යයි සිතිය හැකි නිලධාරියෙක් පැමිණ රිවොල්වරයෙන් අහසට වෙඩි තබමින් මැරයන් පලවා හැරියේය . මැරයෝ මීටර් 100 ක් පමණ  ඇතට ගොස් යලිත් දෙමල මිනිසුන් එන වාහන නවතා පහර දුන්හ .පොලිස් නිලධාරියා එතනට දුව ගොස් යලිත් මැරයන් පලවා හැරියේය .මැරයෝ යලිත් පෙර සිටි තැනටම පැමිණ පහර දීම ඇරඹුහ .පොලිස් නිලධාරියා යලිත් එතනට පැමිණ ඔවුන් පලවා හැරියේය . බස් රථයක් පැමිණෙන තුරු එය සිදුවිය .


මතුගම බලා යන බස් රථයක් පැමිණි අතර එය  කට පෙත්තටම පිරි තිබිණ . කෙසේ හෝ එහි එල්ලී බස් රථය තුලට රිංගා ගතිමි.


Image result for black july in sri lanka

ගාලු පාරේ  විශේෂයෙන්ම බම්බලපිටිය දෙපස හැම තැනකම ගිනි ජාලා ඇවිලෙමින් තිබිණ . වැල්ලවත්ත හරහා යා නොහැකි බව කවුදෝ  කීවෙන්  අතුරු පාරකට බස් එක හැරවීය. අතුරු පාරේ තිබු දෙමල නිවෙස් වල ශීතකරණ මෝටර් බයිසිකල් පොඩි පට්ටම් කර හෝ ගිනි තබා තිබෙනු දැකිය හැකි විය.

බස් රථය යලි ගාලු පාරට දැම්මේ දෙහිවලිනි .එහිද දකින්නට තිබුණේ වෙළඳ සල් ගිනි ගන්නා අයුරුය.


මොරටුව හරියේ කතෝලික පල්ලියක් තුලට මැර පිරිසක් ඇතුළුවීමට උත්සාහ කර අයුරු දකින්නට ලැබිණ. තුවක්කුවක් තබාගෙන සිටි එක පොලිස් නිලධාරියෙකු එය වැලක්වීමට බලවත් උත්සාහ  ගනිමින් සිටිනු දකින්නට ලැබිණ . පල්ලිය තුළ සිටියේ  ජිවිත බේරා  ගැනීමට පැමිණි දෙමල පවුල්ය .


කළුතරට එන විට එහි තිබු දෙමල කඩයක් ගිනි ගනිමින් තිබුණේය. එහි අයිතිකරුට පැනයාමට ඉඩ නොදුන් බැවින් එම ගින්නට අසුවී ඔහු  මිය ගිය බව පසුව දැනගන්නට ලැබිණ.


මතුගමට පැමිණෙන විට එහි කඩ ගිනි තබා නොතිබුන නමුත් තම වෙළඳ සල වසා ආපු යමින් සිටි අයෙකුගේ මුදල් තිබු මල්ල මා ඉදිරිපිට දීම දෙදෙනෙකු විසින් මංකොල්ල කෑහ.


මා මතුගමින් පිටව ගිය විගසම පිටින් පැමිණි පිරිසක් විසින් මතුගම දෙමල ජාතිකයන්ගේ කඩ ගිනි තැබූ බව ආරංචි විය.


එසේ ගිනි තැබූ වෙළඳ සල් අතර මෙට්රෝ ෆාමසිය සහ නන්දා ස්ටෝර්ස් ද විය .


එම ෆාමසියේ තිබු බෙහෙත් සිංහලයෙකුට අයත් බෙහෙත් හලකට ඇද ගැනීමෙන් පසු ගිනි තැබූ බව පසු කලක මගේ මිතුරෙකු මා සමග කිවේය.


නන්දා ස්ටෝර්ස් හි අයිතිකරු මා හොඳින් දන්නා අයෙකු විය.  දිනක් මට බෙහෙත් වගයක් ගෙන යාම සඳහා හිස් බෝතලයක් අවශ්ය වූ බැවින් ඔහුගේ වෙළඳ සලට ගොස් අවශ්යතාවය කි විට මීටර් 200 ක් පමණ දුරකින් තිබු  ඔහුගේ කුලී ගෙදරට සේවකයෙකු යවා බෝතලයක් ගෙන්වා දුන්නේය.

ඔහුගේ වෙළඳ සල ගිනි තැබීමෙන් පසු සිය දරු පවුල නඩත්තු කිරීම සඳහා ගෙයින් ගෙට යමින් ඇඳුම් පැළදුම් විකුණුවේය.   වරක් ඔහු හමුවූ විටෙක තොරතුරු විමසු විට බිරිඳ පිළිකාවකින් පෙලෙන බැවින් හැම අතටම තමා  ණය තුරුස් වී සිටින බව මා සමග කිය.


උතුර නැගෙනහිර හැර රටේ හැම තැනකම දෙමල සංහාරයක් සතියක් පුරා කළද ජේ ආර් කට ඇරියේ නැත. අට වෙනි දවසේ ගුවන් විදුලියෙන් ප්රකාශයක් කළ ජේ.ආර්." දැන් ඔය අතට ගත්ත කඩුව බිම තබන්න"යි කිවේය.


Image result for black july in sri lanka


කරුණා අම්මාන් කල ප්රකාශයකට අනුව 'බලු ජුලිය' වන විට කොටි සංවිධානයට සිටියේ 80 කට අඩු භට සංඛ්යාවකි එහෙත් කළු ජූලියෙන් පසු උතුර නැගෙනහිරට යවන ලද 50 දහසකට වැඩි ද්රවිඩයන් අතරෙන් දහස් ගණනක් කොටි සංවිධානයට එකතු වූ බව ඔහු කියා තිබුණි .

උතුරු නැගෙනහිර දෙමල තරුණ තරුණියන් වැඩි වැඩියෙන් කොටි සංවිධානයට එකතු  වීමට  කළු ජුලිය කල පෙළඹවීම අති මහත්ය .


සිංහල දෙමල මුස්ලිම් මිනිසුන් ලක්ෂ දෙකකට අධික සංඛ්යවකට මරණය අත් කර දෙමින් යුද්ධය තවත් අවුරුදු 26 ක් ගෙනයාමට ප්රභාකරන්ට බලය, ජවය සහ  ශක්තිය ලබා දීමට බලු ජුලිය මහත්සේ ඉවහල් වූ බව නොපිළිගන්නේ ඔලු නැති බුරුවන් පමණි .

Comments

Wijebahu said…
Yes, we all remember how we as country went backwards, all the distractions done by JR, then UNP and JVP separately, now UNP+JVP.
Jagath Pathirana said…
1983 වනවිට මේ රටේ දෙමළු බහුතරයක් පිලිගත්තේ
ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය හැටියට සිංහල බෞද්ධ සංස්කෘතිය ද
ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියද?

දෙමෙල්ලු මෙරට ප්‍රධාන සං්කෘතිය හැටියට සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිගත්තා නම් මේ කිසි ගැටළුවක්නෑ.

මම සිංහලයෙක් හැටියට ලැජ්ජා වෙනවා. සිංහලයෝ කළු ජූලිය හරියට කලේ නෑ.අඩුගානේ ලක්ෂයක්වත් මැරුවනම් දුක නෑ.
Jagath Pathirana said…
බර්ටි ලොක්කො තමුසෙට මුනගැහිලා තියෙන ජරාම දෙමළා කවුද?
අපිට නම් දෙමලෙක් සෙට් වුනොත් ඌ ලෝකේ ඉන්න ජරාම මිනිහා. තමුසෙලට ඒකේ අනිත් පැත්ත ඒතක් එක ලැබීමක්.
Jagath Pathirana said…
(ඔබ මාක්ස්වාදියෙක් හෝ ක්‍රිස්තියානි කාරයෙක් නම් මේක කියවන්න)
කළුජූලිය කියන සුළු සිද්ධිය (මාක්ස්වාදීන්ට සහ ක්‍රිස්තියානි කාරයින්ට ඕක මහලොකු දෙයක් වුනාට
ඕක පොඩි දෙයක්)ඇතිවුනේ හේතු දෙකක් උඩ.
1. එජාප රජයේ අනුග්‍රහයෙන්
2. දෙමළ ජාතිවාදයට සිංහලයන් දැක්වූ ප්‍රතිචාරයක් ලෙස

ලාංකික දෙමළ ජාතිවාදය (මෙය තමිල්නාඩු දෙමළ ජාතිවාදයට ඍජු සම්බන්ධයක් නෑ)
ලන්දේසීන් විසින් ගොඩනඟා ඉංග්‍රීසීන් බෞතීස්ම කල එකක් එහි අරමුන සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමයි.
නිදහසින් පසු පත්වූ රජයයන් දෙමළ ජාතිවාදය පරාජය කරන්න ප්‍රමාණවත් වැඩ කොටසක් කලේ නෑ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදය පරාජය කරන්න ජයග්‍රාහකයන් සෑහෙන වැඩ කොටසක් කලා.
සෝවියට්වරු කල මහා පරිමාණ ස්ත්‍රි දූෂණ ව්‍යාපාරයත් එහි අංගයක්.ඒවගේ දෙමළ ජාතිවාදයට එරෙහි වැඩපිලිවෙලක් කෙරුනේ නෑ.
විශේෂයෙන් 70 දශකය තුල සිංහලවිරෝධී ව්‍යාපාර උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශිතව ක්‍රියාත්මක වුනා. කොළඹ දෙමෙල්ලු වුනත් එයට එරෙහි වුනේ නෑ. ඔවුන් නිශ්ෂබ්දව එයට සහය දුන්නා. අදත් විග්නේශ්වරන්, ශිවාජි ලිංගම් වගේ අය කරන දේ දන්නවා ඇති.
උදාහරණයක් හැටියට යාපනයේ නාග විහාරයේ නායන හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයට තහනම් නියෝගයක් ගැනීම සැලකිය හැකියි.
83දී වුනේ මෙම පීඩනය පුපුරා යාමක්. කළු ජූලිය වගේ දේ වීම වලක්වන්නට නම් දෙමළ ජාතිවාදය ට එරෙහිව රජය කටයුතු කල යුතුයි

Jagath Pathirana said…
නිවැරදි කිරීමක්:
(ඔබ මාක්ස්වාදියෙක් හෝ ක්‍රිස්තියානි කාරයෙක් නම් මේක කියවන්න එපා!)
ඉතින් ලක්ෂයක් විතර දෙමලු මැරුවට පස්සේ මොකද වෙන්නේ ?
හිට්ලර් 60 ලක්ෂයක් යුදෙව්වෝ මැරුව .අන්තිමට මොකද උනේ ?
හිට්ලර් වෙඩි තියාගෙන පරලොව ගියා ජර්මන්නු ලක්ෂ ගානකට මරණය අත් උනා රටක් නැතිව හිටපු යුදෙව්වන්ට දෙවන ලෝක යුද්ධෙ ඉවර වෙලා අවුරුදු 3 න් ඊශ්‍රායලය කියල රාජ්‍යයක් ලැබුන
Anonymous said…
ජනාධිපති උපදේශක
අතුරලියේ රතන තේර
උපාසිකා පිරිවරාන
ජනපති තැන බැහැදකින්න
පා ගමනින් වඩින සේක

උපදෙස් දෙන්නට එනවිට
අතිගරු ජනපති උතුමට
කැමරාවල් පිරිවරාන
පා ගමනින් වඩිනවාද?
Anonymous said…
කළුම කළු ජූලිය
බිහිකලේ
ජයවර්ධනගෙ නීතිය

ඉන් උගත් පාඩම්
පිහිටවිය
යටපත් නොවන්නට
මිනිස්කම්
පාස්කු ඉරිදා උදෑසන
Anonymous said…
මහත්මයා වැඩකරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේද?

ප්‍රශ්නේ මගෙන් නම් ඇහුවේ කිව යුත්තේ මෙයයි. සමහරු කියන්නේ මම රාජිතට වැඩ කරන බවයි තවත් අය කියන්නේ මම රනිල්ට වැඩ කරන බවයි ෆෙස්බුකියේ නිතර ලියන මට එවැනි චෝදනා බොහෝ වර එල්ල තිබෙනවා
Jagath Pathirana said…
කළු ජූලිය කියන මාධ්‍ය සන්දර්ශනය සිදුවීමට හේතු දෙකක් බලපෑවා.
ආසන්නතම හේතුව එකල සිටි ආණ්ඩුව රටේ ගැටුමක් ඇතිකර එයින් වාසි ලබාගැනීමට තැත්කිරීම
දීර්ඝ කාලීන හේතුව.
දෙමළ ජාතිවාදය.

සහරාන් බෝම්බ පිපිරවීමට වසර ගණනාවකට පෙර සිට මෙරට මුස්ලිම් සමාජය තුල අන්තවාදී නැඹුරුවක් තිබුනා.

ඒ වගේම කළු ජූලිය ඇතිවීමට බලපෑ හමුදා සෙබළු 13න් දෙනා වධදී මරා දැමීමේ සිද්ධියට දශකයකටත් පෙර සිට මෙරට දෙමළ අන්තවාදයක් තිබුනා. සමහර දෙමළ නායකයන්ට අවශ්‍ය වුනා සිංහලයන්ගේ හම් වලින් සෙරෙප්පු හදන්න.
මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේ වැඩි වගකීම ඇත්තේ මුස්ලිම් වරුන්ට වගේම දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ වැඩි වගකීම තිබුනේ දෙමළුන්ටමයි. විශේෂයෙන්ම කොළඹ දෙමළුන්ට. ඒත් ඔවුන් ඒ වගකීම පැහැරහැරියා.

කළු ජූලිය යනු ප්‍රතික්‍රියාවක් පමණයි. අනිවාර්යයෙන්ම කළු ජූලියේදී මියගිය දෙමළු මරන්නටම අවශ්‍ය බල්ලෝ.

ඒ වගේම රනිල් ප්‍රභා සාම නාඩගම දිගටම තිබුනා නම් තවත් කළු ජූලියක් වෙන්න තිබුනා. මහින්ද රජය හරියට යුද්දෙ කලනිසා එය වැලකුනා.

කළු ජූලිය වැනි එකක් නැවත ඇතිවීම වැලැක්වීමට නම් දෙමළ ජාතිවාදය දැඩිලෙස මර්ධනය කල යුතුයි.

නාසිවාදය හිඩ්ලර්ගේ පෞද්ගලික වැඩක් නෙමෙයි. හිඩ්ලර් මැරුන ගමන් ජර්මන්වරු නාසිවාදය අතහැරියේ නෑ. නාසිවාදය පරාජයකලේ මර්ධනයෙන්.
අද වුනත් නාසි සංකේතයක් ප්‍රදර්ශනය කරන ජර්මානුවන් පහත් පුද්ගලයන් ලෙස හෙලා දකිනවා.
ලංකාවේ දෙමළ ගෑණියෙක් නලලේ තිලකයක් තබා ගැනීමත් ඒ වගේ දෙයක් එවන් ස්ත්‍රියක් නැහැදිච්ච එකියක් ලෙස හෙලා දැකිය යුතුයි.
දෙමලුන්ගේ හමෙන් සපත්තු හදල දා ගන්නකම් නින්ද යන්නේ නැහැ කිව්වේ සිංහලයෙක් රාජරත්න කියල

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා