Skip to main content

.හාම්පුතා සොයා කිලෝමීටර් 200 ක් පයින් ගිය බලු පැටියා




No photo description available.

බලු පැටියා උපන්නේ රුසියාවේ නොවොසිබිර්ක්ස් නමැති සයිබීරියානු නගරයේ සුනඛ නිවාසයකය . එය පවත්වාගෙන ගිය අල්ලා මොරෝසොවා නමැති කාන්තාව 'මරු' යනුවෙන් බලු පැටියා නම් කළාය.


බලු පැටියාට හයමාසයක් ගතවන විට ක්රාන්ස්නොයාර්ස්ක් නමැති කිලෝමීටර් 800 ක් දුරින් පිහිටි නගරයක ජෝඩුවක් පැමිණ 'මරු' මිලදී ගත්හ.


ඔවුහු බලු පැටියා තබා ගත්තේ හයමසක් පමණි සතුන් තමනට ඇලර්ජික් වී ඇති බැවින් බලු පැටියා ආපසු භාර ගන්න ලෙස සුනඛ නිවාසයට දන්වා සිටියහ.


කෝච්චියේ දමා බල්ලා ආපසු එවන ලෙස බලු නිවස භාර අල්ලා ඔවුන්ට දැනුම් දුන්නාය.


Maru in Krasnoyarsk

 

බලු පැටියා කෝච්චියේ දමා එවනු ලැබිය. ඔහ බලාගැනීමට දුම්රිය සේවකයෙකුට භාර දෙනු ලැබිණ.


Image may contain: sky, plant, grass, mountain, tree, outdoor and nature


කිලෝමීටර් 200 දුර ආ කෝච්චිය  අචින්ස්ක් නමැති ප්‍රදේශයට ආසන්න  කුඩා දුම්රිය පොලක නවත්වනු ලැබිණ මේ වන විට රෑ බෝවී තිබුණි බලු පැටියා උඩ පැන දුම්රිය මැදිරියේ දොරගුල ගැලවූ විට දොර ඇරින. 'මරු' වහාම දුම්රියෙන් එලියට පැන්නේය .


ඔහු බලාගැනීමට සිටි දුම්රිය සේවකයා බලු පැටියාට ආපසු එන ලෙස කතා කළ නමුත් ආපසු ආවේ නැත . දුම්රිය යලි ගමන ඇරඹිය.


දුම්රිය සේවකයා අයිතිකරුවන්ට සිද්ධිය දුරකතනයෙන් දැනුම් දුන්නේය.
ඔවුහු බලු නිවසට සිද්ධිය දැනුම් දුන් විට බල්ලා සොයන ලෙස අල්ලා කීවාය. එහෙත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.


Alla Morozova
අල්ලා මහත්මිය බල්ලා සොයා දෙන ලෙස සමාජ මාධ්‍ය මගින් සහ මුද්‍රිත පත්‍රිකා මගින් මහජනයාගෙන් ඉල්ලා සිටියාය.



දින දෙක හමාරකට පසු බල්ලා සිටින බව ට පනිවිඩයක් ලැබිණ . ඔහු සමුවුයේ තමා නැවතී සිටි නිවසට තරමක් කිට්ටු ප්‍රදේශයකදීය . ඔහු තම හාම්පුතුන් සොයමින් මහා සයිබිරියානු දුම්රිය මග දිගේ කිලෝමීටර් 200ක් ආපසු ගොස් තිබිණ.



Image may contain: one or more people, dog and outdoor


 සයිබීරියාවේ ටයිගා වනාන්තරයේ සිටින වලසුන් සහ වෘකයන් විසින් ඔහු මරා ආහාරයට නොගැනීම පුදුමයක් බව බලු නිවසේ අයිතිකාරිය වන අල්ලා මහත්මිය කියයි .

Maru's injured paw


 බල්ලා  හමුවන විට උගේ පාද සහ හොම්බ දැඩි ලෙස තුවාල වී තිබුණි.
බලු පැටියා බලු නිවාසය වෙත ආපසු ගෙන ආ අතර එහි සිටින අනෙකුත් බලු සගයන් ගේ සෙනෙහස ලබමින් ඔහු දැන් විනෝදයෙන් කල් ගත කරයි .


No photo description available.

Comments

Anonymous said…
https://siberiantimes.com/other/others/news/dog-in-tears-walks-200km-across-taiga-dodging-bears-and-wolves-as-she-looks-for-owners-who-rejected-her/
Yes It was published in the Siberian Times as well as in the Daily Mail

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...