Skip to main content

.හාම්පුතා සොයා කිලෝමීටර් 200 ක් පයින් ගිය බලු පැටියා




No photo description available.

බලු පැටියා උපන්නේ රුසියාවේ නොවොසිබිර්ක්ස් නමැති සයිබීරියානු නගරයේ සුනඛ නිවාසයකය . එය පවත්වාගෙන ගිය අල්ලා මොරෝසොවා නමැති කාන්තාව 'මරු' යනුවෙන් බලු පැටියා නම් කළාය.


බලු පැටියාට හයමාසයක් ගතවන විට ක්රාන්ස්නොයාර්ස්ක් නමැති කිලෝමීටර් 800 ක් දුරින් පිහිටි නගරයක ජෝඩුවක් පැමිණ 'මරු' මිලදී ගත්හ.


ඔවුහු බලු පැටියා තබා ගත්තේ හයමසක් පමණි සතුන් තමනට ඇලර්ජික් වී ඇති බැවින් බලු පැටියා ආපසු භාර ගන්න ලෙස සුනඛ නිවාසයට දන්වා සිටියහ.


කෝච්චියේ දමා බල්ලා ආපසු එවන ලෙස බලු නිවස භාර අල්ලා ඔවුන්ට දැනුම් දුන්නාය.


Maru in Krasnoyarsk

 

බලු පැටියා කෝච්චියේ දමා එවනු ලැබිය. ඔහ බලාගැනීමට දුම්රිය සේවකයෙකුට භාර දෙනු ලැබිණ.


Image may contain: sky, plant, grass, mountain, tree, outdoor and nature


කිලෝමීටර් 200 දුර ආ කෝච්චිය  අචින්ස්ක් නමැති ප්‍රදේශයට ආසන්න  කුඩා දුම්රිය පොලක නවත්වනු ලැබිණ මේ වන විට රෑ බෝවී තිබුණි බලු පැටියා උඩ පැන දුම්රිය මැදිරියේ දොරගුල ගැලවූ විට දොර ඇරින. 'මරු' වහාම දුම්රියෙන් එලියට පැන්නේය .


ඔහු බලාගැනීමට සිටි දුම්රිය සේවකයා බලු පැටියාට ආපසු එන ලෙස කතා කළ නමුත් ආපසු ආවේ නැත . දුම්රිය යලි ගමන ඇරඹිය.


දුම්රිය සේවකයා අයිතිකරුවන්ට සිද්ධිය දුරකතනයෙන් දැනුම් දුන්නේය.
ඔවුහු බලු නිවසට සිද්ධිය දැනුම් දුන් විට බල්ලා සොයන ලෙස අල්ලා කීවාය. එහෙත් ඔවුහු එය ප්රතික්ෂේප කළහ.


Alla Morozova
අල්ලා මහත්මිය බල්ලා සොයා දෙන ලෙස සමාජ මාධ්ය මගින් සහ මුද්රිත පත්රිකා මගින් මහජනයාගෙන් ඉල්ලා සිටියාය.



දින දෙක හමාරකට පසු බල්ලා සිටින බව ට පනිවිඩයක් ලැබිණ . ඔහු සමුවුයේ තමා නැවතී සිටි නිවසට තරමක් කිට්ටු ප්රදේශයකදීය . ඔහු තම හාම්පුතුන් සොයමින් මහා සයිබිරියානු දුම්රිය මග දිගේ කිලෝමීටර් 200ක් ආපසු ගොස් තිබිණ.



Image may contain: one or more people, dog and outdoor


 සයිබීරියාවේ ටයිගා වනාන්තරයේ සිටින වලසුන් සහ වෘකයන් විසින් ඔහු මරා ආහාරයට නොගැනීම පුදුමයක් බව බලු නිවසේ අයිතිකාරිය වන අල්ලා මහත්මිය කියයි .

Maru's injured paw


 බල්ලා  හමුවන විට උගේ පාද සහ හොම්බ දැඩි ලෙස තුවාල වී තිබුණි.
බලු පැටියා බලු නිවාසය වෙත ආපසු ගෙන ආ අතර එහි සිටින අනෙකුත් බලු සගයන් ගේ සෙනෙහස ලබමින් ඔහු දැන් විනෝදයෙන් කල් ගත කරයි .


No photo description available.

Comments

Anonymous said…
https://siberiantimes.com/other/others/news/dog-in-tears-walks-200km-across-taiga-dodging-bears-and-wolves-as-she-looks-for-owners-who-rejected-her/
Yes It was published in the Siberian Times as well as in the Daily Mail

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...