Skip to main content

ඉස්කෝලේ විප්ලවයට මහින්ද සමග පෙරට

 

 

තෙවරප්පෙරුම  මන්ත්‍රී තුමා එල්ලෙන්නට  යාම  නිසා  මගේ   හිත කීරි  ගැසුනේය . ඉහින් කනින් දාඩිය වැක්කුරුනේ රාවණා ඇල්ල වගේය.එමෙන්ම  හදවත  උණුවී වැක්කෙරෙනවා සේ දැනිණ .එවැනි  උත්තමයෙක් හදිසියේ අභාවප්‍රාප්ත  වුවහොත්  රටටම  හෙන  පාඩුවකි. හදිසියේ කවුරු  හරි  ලිඳකට පැන දිවිනසා  ගත්තොත්  මිනිය  ගොඩ  ගන්නේ  කවුද? පාසල්වලට  කඩා  පැන විදුහල්පති  වරුන්ගේ බෙලි සහ  හිස  පිරිමදින්නේ  කවුද?  රනිල්ට  වැනි  ලොක්කෙකු  වුවද  තඹ  පයිසෙකට ගණන්  නොගන්නා  ධීර වීර මන්ත්‍රී  වරයෙකු  කෙසේ  සොයා  ගන්නද? ආයිත්  පළමු ශ්‍රේණියේ  ළමුන්ගේ  ප්‍රස්නෙකට  ඉදීරිපත් වී   පාසලකදී බෙල්ලේ වැල දා  ගත්තොත්  මොන දෙවියනට  කියන්නද ? එබැවින් එම  උත්තමයාට  එවැනි අභාග්‍ය  සම්පන්න ඉරණමකට  ලක්වීමට ඉඩ  දී  මට  බලා සිටින්නට  පුළුවන්  කමක් නැත . එබැවින් පළමු ශ්‍රේණියට  ඇතුලත් වීම සඳහා ඉල්ලුම්  කරන  සියලු දෙනාගේම  බලාපොරොත්තු   ඉටුවෙන පරිදි අධ්‍යාපනයේ  මහත්  විප්ලවයක්  කළ  යුතුය. මේ  විප්ලවය මට  තනිවම  කළ නොහැකි  බව  ඕනෑම  මෝඩයෙකු  පිලිගන්නවා ඇත.  විප්ලවය  කරන  හැටි  මා  දන්නා  නමුත් ඒ  සඳහා  හොඳ  පොරක් සිටිය     යුතුය.

 

 තෙවරප්පෙරුම  හොඳ  පොරක් උවත්  එයා  මේ වැඩේට  හය්ය  වැඩිය. හය්ය වැඩි වූ  විට ප්‍රති විප්ලවයක් ඇතිවී විප්ලවකාරයනුත් එක්කම හැඳි ගෑවී  යන්නට  පුළුවන .අනුර  කුමාර මට මතක් විය. කල්පනා   කොරගෙන කොරගෙන  යනවිට එයත් මේකට  හරියන්නේ  නැති බව  පෙනුනි. එයා  දැන් විප්ලව   කොරන්නට කැමති  නැත. විප්ලව  කොරන්නට ගොස් 88-89  කාලයේ  වුන වින්නැහිය   එතුමාට  තවමත් අමතක  නැති  පාටය. සමහර විට තව අවුරුදු  පහක් හයක්  ගිය විට  විප්ලවයක්  කොරන්නට හිතෙන්නට  පුළුවන. එහෙත්  අධ්‍යාපනයේ  විප්ලවයක් කිරීම  එතකල් ප්‍රමාද  කළහොත් ඉස්කෝලවල   ප්‍රශ්න උග්‍ර වී  මවුවරුන් පාසල්වල බෙල්ලේ  වැලදාගන්නට   පුළුවන.

 

අකිල විරාජ්  කාරියවසම්ට  කියාද වැඩක්  නැත.එයා  පියරු  බබෙක් විතරය.කසාද  බැඳ  වැඩි දවසක්  නැති බැවින් ඔහුගේ  හාමිනේ  කියන දෙයක්  කරනවා  මිස අධ්‍යාපනයේ  විප්ලව  කරන්නට එතුමා සුදානම් නැති  බව මට ඉඳුරාම  විස්වාසය .අනික  මෙවැනි  බරපතල දෙයක් තේරුම්  ගන්නට  ඔහුට  මොලයක්  තිබේ දැයි මට  ෂුවර්  එකක්ද  නැත.

 

රනිල්ට  කියාද වැඩක් නැත. එයා  මේ දවස්වල ඉන්නේ  හිතේ  අමරුවෙන්ය. අර්ජුන් මහේන්ද්රව  මහා බැංකුවේ දිගටම  තබා ගන්නට බැරි  උන  බැවින්   රනිල්  බලා   ගත් අතේම බලා  ගෙන  සිටින  බවත් කෑම  මේසයේදී  පවා කෑම  නොකා  කල්පනා   කරමින්  ඉන්න  බවත්   රොයිටර් වාර්තා  කර   තිබේ.

 

මයිත්‍රීට  කිව්වත් වැඩක්  වෙන්නේ  නැත. ඔහු  පළමු තැන දී තිබෙන්නේ   අරක්කු  සහ සිගරට් මිල වැඩි  කරන කතා  කියන්නටත්ය..(  උදේ  සිට  හැන්දවෙන තුර වෙහෙසෙන  අපි වැනි නිර්ධන  පන්තියට  තිබෙන එකම විනෝදය කාලක් දාගෙන  සිගරට්ටුවක  ආස්වාදය විඳීම  පමණි. හාමිනෙත් දැන්  කාමරේ අගුල් දමාගෙන  නිදා ගන්නා  බැවින්  එහෙම විනොදයක්වත් අපිට නැතිය. )ඒ  මදිවාට තමන්ගේ  පක්ෂය  මංකොල්ල  කරුවන්ගෙන් බේරා ගැනීමේ යුද්ධෙක  උන්නැහේ තත්පරව  ඉන්නා  බැවින් අධ්‍යාපන විප්ලවයක් කරන්නට  එතුමාට  සිහි කල්පනාවක් නැත .

 

මේකට  ටක්කෙටම  හරි  යන්නේ  මහින්ද  රාජපක්ෂ  මහතාය. එතුමාට  පන්සල්වල  සහ  හිර ගෙවල්වල  යාම හැර වෙන වැඩක්  නැති  බැවින් අධ්‍යාපන විප්ලවය  ගැන මගේ  අදහස් එතුමාට ඉදිරිපත්  කළ විට ඔහු,   එම  යෝජනාවලට  එකඟ වන බවට  කිසිදු  සැකයක් නැත.

 

එතුමාට  ලියා  යවන මගේ යෝජනා  වල  පිටපතක් ඔබගේ  දෑන  ගැනීම  සඳහා ඔබ  වෙත  කල් ඇතුවම  ඉදිරිපත්  කරන්නේ හෙට අනිද්දා  එතුමා  අගමැති  වූ පසු මේවා  එතුමාගේ  යෝජනා  ලෙස  රටට  හඳුන්වා දී මගේ  බුද්ධිමය  දේපොළ  අයිතිය මංකොල්ල  කෑ  හැකි  යැයි මගේ  පොඩි  කොල්ලා  කිව්  නිසාය.

 

ගරු මහින්ද  රාජපක්ෂ මැති  තුමනි!

මෙන්න  මගේ  අධ්‍යාපන විප්ලවය සඳහා වන  දස  වැදෑරුම්  යෝජනා  මාලාව

1    පළමු ශ්‍රේණියට ඉල්ලුම්  කරන සියලුම ළමයින්  ගන්නට  ඕනාය. ( ඉඩකඩ  නොවරදවාම  මදි වන  බැවින් පාසැල අවට තිබෙන නිවෙස්  , ඉඩ  කඩම්  ආණ්ඩුවට පවරා  ගත   යුතුය.)

 

2   ඩේස් පුටු මදිවෙන බැවින් ඒවා   හදා  ගන්නා  තුරු  ළමයින්  පාසලට ඇතුළු  කරන  දින දෙමාපියන්  කීප දෙනෙකු  එකතුවී පැදුර  බැගින්  විදුහල්පතිට  හෝ පළමු ශ්‍රේණියේ  ගුරුවරියට/ගුරුවරයාට  භාර  දිය  යුතුය.

 

3   පන්තියක  ළමුන් 100ක්  හමාරක් වන විට එක එක  ළමයාගේ  අභ්‍යාස  බැලීමට  ගුරුවරයාට වෙලාවක්  නැති බව  අමුතුවෙන් කිව  යුතු  නැත.. එබැවින්  උසස් පෙළ  ටියුෂන්  පන්තිවල ළමුන් දාහ ,දෙදහ දමාගෙන  දේශනා  පවත්වන  අයුරින් කුඩා ළමුන්ටද දේශන  මගින්  ඉගැන්විය  යුතුය.

 

4   දේශන අසන  විට ඒවාට  අකැමති පොඩි  පැටව් රණ්ඩු  සරුවල්  කිරීමටද  පන්ති  කාමර (වැරදීමකි. දේශන ශාලා )  දෙවනත් කිරීමටද  බෙහෙවින්  ඉඩ කඩ තිබේ. එවිට  ඔවුන්ට  දඬුවම්  නොකළ  යුතුය. මන්ද එය දරුවන්ගේ  මුලික  අයිතිවාසිකමක්  කඩ  කිරීමක්  බැවිනි. ඒ  වෙනුවට  ඔවුන්ට  නින්ද  යාම සඳහා  බෙහෙත්  ලබා  දිය  යුතුය. ඒ  සඳහා  බෙහෙත්  ලබා   ගැනීමට GMOA  එක  හෙවත් ඔබ තුමාගේ කීකරු දොස්තරලගේ සංගමයේ   සහය  ලබා ගත   යුතුය. ඒ සඳහා  ගාස්තු දෙමාපියන්ගෙන් එකතු  කර ගැනීමට  යෝජනා කරමි.

5   අවුරුද්දෙන් අවුරුද්ද කල්  ගත වන විට  පාසල්වල   ඉඩ  කඩ  තව තවත්  මදි  වන  බැවින්  පාසැල අවට  තිබෙන  අනිකුත්   නිවාසද පාසල් වලට  පවරාගෙන  ඒවායේ  ඇතුලත  බිත්ති  කඩා  දමා  පන්ති ශාලා  බවට  පත්  කොට ගත  යුතුය.

 

( ළමුන් වැඩි  වන  විට ගුරුවරුන්ද  වැඩියෙන්  උවමනා යැයි  කිසිවෙකුට  හිතෙන්නේට ඉඩ  තිබේ. එසේ  වන්නේ  නැත. මන්ද  ළමුන්ට ඉගැන්වීම  කරන්නේ දේශනා  මගින්  නිසාය. ළමුන් දාහකට  වුවද දේශනා  මගින් ඉගැන්විය  හැකි  බව  ලංකාවේ  ටියුටරි  විසින් සැකයකින්  තොරව   ඔප්පු  කර  තිබේ.)

 

6    මෙහි සඳහන් අගනා  යෝජනා  ක්‍රියාත්මක  කරගෙන  යන විට ජනප්‍රිය  පාසල්  අවට  තිබෙන පාසල්  වැසී  යනු  ඇත. එය  හොඳය. මන්ද ජනප්‍රිය  නොවන  පාසල්වල ගුරුවරු ඒවාට  යන්නේ අකමැත්තෙන්ය. ඔවුන් ස්ථාන මාරු  ඉල්ලා කරදර  කරන්නේද  ඒ  නිසාය.එබැවින්  ඔවුන්  විශ්‍රාම  ගැන්වීම  හෝ ලොකු  මුදලක් සමග සේවයෙන්  ඉවත් කිරීම කළ  යුතුය.

 

7     අවට  පාසැල්   වැසුණු  පසු ඒවායේ  ඉගන ගත්  සිසුන් කොටසක් දුර  බැහැර  පාසලකට  යාමට  වත්කමක් නොමැති  බැවින්  අධ්‍යාපනය  නතර  කොට නිවසට වී  නිකරුනේ  සිටීමේ  අනතුරක්  තිබේ.  ඉගනීම  මුලික  අයිතියක් බැවින් ඔවුන්ට  රස්තියාදු වීමට  ඉඩ  නොදිය  යුතුය. වැසී  ගිය  පාසල්වල  ගොඩ  නැගිලි  භාවිතා  කරමින් එම  ළමුන්ට  වෘත්තීය  අධ්‍යාපනයක් දීමට  ගම්වල සිටින වෘත්තීය  වේදීන්ට  පැවරිය  යුතුය.තේ  දළු  කැඩීම, රබර් කිරි කැපීම,  එළුවන් කුකුලන්  හරකුන්  බලා  ගැනීම ,  මන්තර සාස්තරය  ඉගැන්වීම , කේන්දර  නැකත් බැලීමට ඉගැන්වීම, ( මෙය ඉතා  උසස්    සාස්තරයක්  බව සෑම  රුපවාහිනි  නාලිකාවකම වගේ  ඔප්පු  කොට  තිබේ.)ආරූඪ වී පේන  කීම , පොල් කැඩීම  යනාදිය ඉහල  ආදායම් ලබා   ගත හැකි වෘත්තීන්ය .පොල් කඩන අය   හිඟ බැවින් මෙය  රටට අවශ්‍යම වෘත්තියකි.දවසට  පොල් ගස් 20  ක පොල්  කැඩීමෙන් රු.2000ක  ආදායමක්  ස්ථිර වශයෙන්ම  ලබා  ගත  හැක. 

 

8    මා ඉදිරිපත්  කරන මේ  යෝජනා ක්‍රියාත්මක කොට අවුරුදු  දුසිමක්  හමාරක්   ගත  වන විට සැම  පාසලකම  සිසුන් විසි තිස්  දහසක්  සිටිනු  ඇත.එවිට  පාසැල පිහිටි  ප්‍රදේශය  එකම නගරයක්  වනු  ඇත. එහි වැසියන්ගේ  ආර්ථික ශක්තියද  පාසැල කේන්ද්‍ර  කර  ගනිමින්  ඉතා  ඉහලට  නැංවෙනු ඇත.

 

9    එසේම   සැම  ජනප්‍රිය  පාසලක්ම විශ්ව  විද්‍යාලයක්  තරමට  ලොකු මහත් වී තිබීම  ස්ථිර  බැවින්  එම  පාසල්  භූමියේම  පස්වරුවේ  සහ  රාත්‍රී  කාලයේ  විශ්ව  විද්යාලයක් ආරම්භ  කළ  යුතුය. එමගින්  පළමු ශ්‍රේණියට ඇතුළුවන  සෑම  සිසුවෙකුටම ,සිසුවියකටම එහිදීම  උපාධියක්  ලබා  පිටවීමට  අවස්ථාව  ස්ථිර ලෙස  එළඹෙනු  ඇත.

 

10   මගේ අවසාන යෝජනාව වන්නේ කිසිදු සිසුවෙකු විභාග ෆේල්වුවාට අසමත් නොකරන ලෙසය.  අසමත්  කරන්නට ගියහොත් පාසල්වල   සිසු සංඛ්‍යාව වැඩිවී  ඉඩකඩ  මදිවෙනවා  පමණක්  නොව ඔවුන් අතර  සිටින නොසන්ඩාල  කොල්ලන්  සහ  කෙල්ලන් උපවාස  කොරන්නටත් විදුහල්පති වරුන්ගේ  බෙල්ල  මිරිකන්නටත්,  විදුලි  පංකාවල  එල්ලී දිවි නසා ගන්නටත් ඉඩ  තිබේ.  

 

ඉහත සඳහන් මගේ  අධ්‍යාපන  යෝජනා  ක්‍රියාත්මක  කිරීම  මගින් සැම මවෙක්ම  පියෙක්ම   අතිශයින්  ප්‍රීතියට  පත්වන අතර ඒ  නිසා  ඔබ  තුමාට  අවසන් හුස්ම හෙලන  තුරු  අගමැතිවරයා ලෙස  හෝ ව්‍යවස්ථාව  යලි සංශෝධනය  කරගෙන ජනාධිපති  ලෙස  නැවත  නැවත  තේරී  පත්වීමට හැකිවනවා සහතිකය. 

එබැවින්  හෙට අනිද්දා  ඔබ  තුමා අගමැති වූ  වහාම ඉහත  යෝජනා  ක්‍රියාත්මක  කරන  ලෙස  උදක්ම  ඉලා සිටිමි.

අධ්‍යාපන  ඇමතිකම සඳහා තෙවරප්පෙරුම  මහතා පත්  කිරීමටද වග  බලා   ගනු  ඇතැයි සිතමි.

 

තැන්කියු සර් 

යුවර් ඔබීඩියන්ට් සර්වන්ට්

බර්ටි රණවීරගේ .

 

ප. ලි. අධ්‍යාපන ඇමති  තනතුරට මා  පත් කිරීමට  හදිසියෙවත් අදහසක්  ඔබ  තුළ  ඇති වුවහොත් එයට  මා අකමැති බැවින් එසේ  නොකරන  ලෙස  ඉල්ලා සිටිමි.  එයට හේතුව  නම් මට වෙනත්   රාජකාරි නප්පියටම  තිබෙන  නිසාය.   අමනාප  නොවන්න.

Comments

පැරදුනේ තෙවරප්පෙරුම නොව රනිල් විකුම්සිංහය...
MPP Gunasinghe said…
අධ්‍යාපනයේ ඛේදවාචකයට අපේ පාලකකයන් ළදරුවන් වැනි අය මගින් යෙදවීමට ඉඩ ඇති පැලැස්තරවලට කල්තියාම අනතුරු ඇඟෙව්ව එක නම් බොහොම වටිනවා.
Leofwynn said…
Great rreading your blog post

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...