දිග මාතෘකාවක් යොදන්නට සිදුවුයේ මගේ මේ ඇත්ත කතන්දරයට විල්පත්තුවත් , ඇස්බැස්ටෝස් තහඩුත් , තේ කොලත්, රුසියාවත් , ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී විප්ලවයත් දම්වැලක් සේ ගැටගැසී තිබෙන නිසාය . අපේ තේ කොලත් රුසියවේ ඇස්බැස්ටෝසුත් අතර තිබෙන සම්බන්ධය ගැන දැන් කවුරුත් වාගේ දන්නා බැවින් ඒ ගැන මාගලක් වියන්නට මා සුදානම් නැත .කෙසේ වෙතත් අප යැවූ තේ බහාලුමක කුරුමිණියෙක් සිටීම නිසා තාවකාලිකව තේ ගැනීම රුසියාව නැවැත්වූ බව රුසියාවේ සිටින ලංකාවේ තානාපතිවරයා කියා තිබෙන නමුත් ඇස්බැස්ටෝස් ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට යාම නිසා රුසියාව මේ පියවර ගන්නට ඇතැයි ආණ්ඩුව අනුමාන කරන බවක් පෙනේ. මා මෙහි වැඩි අවධානයකින් ලියන්නට යන්නේ ඇස්බැස්ටෝස් ඇත්තටම අපව ඉක්මනින් පරලොව ගෙනියන්නට ලක ලෑස්තිවී සිටීද නැද්ද යන්න ගැනත් , චීස් බටර් , ඇපල් , රෝස් කළ කළුකුන් එහෙම පිටින්ම අපේ කෑම මේසයට ගෙනත් දෙන බව කියන සමාජවාදයට එරෙහිව ඇස්බැස්ටෝස් ප්‍රහාරයක් එල්ලවේද යන්න ගැනත්ය .
ඇස්බැස්ටෝස් නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍යය ලංකාවට ගෙන්වීම 2018 ජනවාරි පළමුදා සිට නවත්වන බව සිරිසේන ජනාධිපතිවරයා කිවේ 2015 අගෝස්තු මාසයේය .එයට විරුද්ධව එදා කතා කරේ කොම්පැනි කාරයෝ පමණය. අන් සියල්ලෝම වාගේ ජනාධිපතිගේ තීරණය ගැන ස්තෝත්‍ර ගී ගායනා කළහ .
පුටින් උන්නැහේ ලංකා තේ ආනයනයට පොල්ලක් දැමු විගසම ඇස්බැස්ටෝස් තහනම් කරන්නට ගොස් සිරිසේන පුටින්ගෙන් සල්ලම් වූ බව කියමින් පණ්ඩිතයන් සැලකිය යුතු පිරිසක් බක බක ගාන්නට පටන් ගෙන තිබේ. විල්පත්තුව බේරා ගන්නට දිවි පුදන්නට තරම් කැක්කුමක් තිබෙන බව ප්‍රදර්ශනය කරන අය ඇස්බැස්ටෝස් ආරවුලේදී පුටින්ග්ගේ කරට අත දමාගෙන සිරිසේන ජනාධ්පතිවරයට හු කියන්නට පටන් ගැනීම හාස්‍ය ජනක එකම විකාරයක් මිස වෙන කුමක්ද?
පෙනහලිවලට ඇස්බැස්ටෝස් දුවිලි ගොස් ඇති අයුරු
ඇස්බැස්ටෝස් භාවිතාව පරිසරයට මෙන්ම මිනිසුන්ගේ සෞඛ්‍යට සැහෙන තර්ජනයක් බව එම විෂය පිලිබඳ විශාරදයෝ පිළිගෙන තිබේ. ඇස්බැස්ටෝස් භාවිතාව අත හරින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියේ 2006 තරම් ඈත කාලයකදීය .එය තහවරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්බැස්ටෝස් භාවිතාව ලොව් පුරා තහනම් කරන ලෙස ඉල්ලමින් නිකුත් කළ නිවේදනය පහත දක්වමි .
WHO Support for Global Asbestos Ban
In October 2006, the World Health Organization (WHO) published a policy statement on the Elimination of Asbestos-Related Diseases which echoed the ILO's 2006 Resolution on Asbestos. Recognizing the health hazard posed by continued asbestos use, the WHO is calling for a worldwide ban:
“Bearing in mind there is no evidence for a threshold for the carcinogenic effect of asbestos and that increased cancer risks have been observed in populations exposed to very low levels, the most efficient way to eliminate asbestos-related diseases is to stop using all types of asbestos. Continued use of asbestos cement in the construction industry is a particular concern because the workforce is large, it is difficult to control exposure, and in-place materials have the potential; to deteriorate and pose a risk to those carrying out alterations, maintenance and demolition. In its various applications, asbestos can be replaced by some fibre materials and by other products which pose less or no risk to health.”1
October 17, 2006
Comments