Skip to main content

' දිවයින' සහ ' සහෝදරයෝ '

'දිවයින' පත්තරය  විසින් අනුර  කුමාරට මඩ ගෝනියකින් දමා ගැසීම  නිසා ජවිපෙ  නායකයන්ට ඌරු ජුවල්  නැග තිබෙන  අතර  පහල මට්ටමේ ජවිපෙ  සහෝදරවරුන් නම් ඉන්නේ  'දිවයින ' මරාගෙන  කන්නට  තරමට තරහින්ය. නිමල් වෙල්ගම,' දිවයින'  බලහත් කාරයෙන් අයිති  කරගෙන සිටින  බවත්  බිරිඳ අත් හැර පිරිමියෙක් සමග  ජීවත්වෙන  බවත් කියමින්  jvp පොඩ්ඩන්   face book හී  කතන්දර  ලියන්නට  පටන් ගෙන තිබෙන්නේ ඒ  නිසාය.ජවිපෙට  මඩ ගසා  බේරෙන  එක ලේසි නැත. මඩ  ගැසීමේ  තරඟයක් තිබ්බොත්  කප් එක  ගහන්නේ  ජවිපෙ ද  නැත්තම් ' දිවයින' ද  කියා  තේරුම් බේරුම්  කර  ගැනීම  ඔබට  බාරය.

87-89 කාලයේ ජවිපෙට එරෙහිව ඔවැනි  චෝදනාවක්  කළේ නම්  පිළිතුරු  ලැබෙන්නේ  මඩ සමග  කළු කුඩු බස්නයෙන්   බව  සමහරු කියති.


 ජවිපෙ  කට්ටියට  හිටි හැටියේම   'දිවයින '  අඳුකොළ බවට පත්  වූවත් අපි වගේ  මිනිස්සුන්ට  නම් දිවයින තිත්ත වුයේ  බොහෝ  කල් සිටය.  ඊට හේතුව  නම් එය  අතේ  රෝල්   නිතර  නිතර රෝල්  කිරීමයි..  එහෙත් එය ඥානසාරලාට නම්  සීනි  හැලියකි.... බෙන්ගමුවේ  නාලකලාට අමා වතුරකි. ගුණදාස  අමරසේකරලාට අමුර්තයකි.  නලින්ද සිල්වලාට පැණි ගුලකි.  .වීරවන්සලාට මී වදයකි.


 'බල්ලන් මරා   හෝ  සල්ලි හම්බු  කිරීම ' ජනප්‍රිය සිංහල කියමනකි.  'දිවයිනේ ' පරණ සහ  අලුත් අයිතිකරුවෝ කළේ  එයටත් වඩා පහල මට්ටමට   බැස  එය සල්ලි  හම්බු  කිරීමට යොදා ගැනීමය. එනම්  සිංහලයන් තුළ  දෙමළුන් සහ  මුස්ලිමුන් කෙරෙහි වයිරයක් ඇති කරන ප්‍රවුර්ති   පළකිරීම  එහි දැක්ම සහ මෙහෙවර   කර  ගැනීමය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ  සහෝදරවරු   නම් ඒ  ගැන මොකුත්ම  කී  බවක්  මට  නම්  මතක  නැත. ඒ  ඔවුන්ගේ දේශ පෙරේමයට දිවයිනේ  දේශ පෙරේමය  තකට  තක මෙන් ගැලපුන  නිසා විය  හැක.


අනුර  කුමාරට එරෙහිව   කවුරු හෝ  මඩ ලිපියක් මඩප්පු කෙනෙකු ලවා  ලියෙව්වේ ඇතැම් විටෙක දිවයින  මුදලාලි අනු දැනුමකින් තොරවද   විය  හැක. ඔහුට  දිවයිනෙන් අස්වෙන්නට  සිදුවූයේද   මුදලාලිට  කේන්ති ගිය නිසාද විය  හැකිය.   මඩප්පු  ඒ  ලිපිය  ලිවේ  ලොකු  ගතමන්ට්  එකකටද විය  හැක. ලිපියේ  වගකීම  භාරගෙන මඩප්පු ' දිවයිනෙන්' අස්වුවේද ගතමන්ට් එක ආපසු දෙන්නට  බැරි  කම නිසාද  විය  හැකිය. කෙසේ   වෙතත්  ඔහු  කර  ඇත්තේ  කාගේ  හෝ කොන්තරත්තුවක් බව  නම් ස්ථිරය. ජවිපෙ    නම් කියන්නේ   රාජපක්ෂලාගේ කොන්තරාත්තුවක්  බවය. අනුර  කුමාර  අයර්ලන්තයෙන්  ගොඩ බහින  විට ඔහුගේ සහ   ගැනු පරාණයක පින්තුර  ගන්නට දෙදෙනෙක්  යොදවා තිබීම  සහ  ඒවා 'youtube 'ට මුදා හරින්නට  කටයුතු  කිරීම  එයත් තවත්  ලටපටත් පාදක  කර ගනිමින් දිවයිනට ලිපියක්  ලිවීමත් සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවට  නම් සැකයක්  නැත.

අනුර  කුමාරගේ  බිරිඳගේ   පරණ විවාහයේ දරුවෙකුගේ  නමින් තිබෙන ගිනුමක කෝටි  ගණනක් මුදල්  තිබෙන  බවක් එම  ලිපිය  කියයි  එය  ඇත්තක් වුවත්  එම  කාරණාව පුදුම  වීමට දෙයක් නොවේ. .ජනතා විමුක්ති පෙරමුණට  අයත් මුදල්  තව තවත් අයගේ  නමින්ද   තිබිය  හැක. එම සංවිධානය එසේ  කරනවා ඇත්තේ ආරක්‍ෂිත පියවරක් ලෙස  විය  හැක.      ආණ්ඩුවක්   හෝ අධිකරණ නියෝගයක් මගින් හෝ  ජවිපෙ  නිල  බැංකු ගිණුම්   අත් හිටවුවහොත් ජවිපෙ  පවත්වාගෙන  යාමට  සල්ලි උවමනාය. එබැවින් වෙනත් අයගේ  නමින් ජවිපෙ  බැංකු  ගිණුම්  පවත්වාගෙන  යන්නේ  නම් එය   පුදුම  විය  යුත්තක් නොවේ.

අනුර  කුමාරට අයර්ලන්තයේ  පෙම්වතියක් සිටින  බවත් ඇයට  අනුර  ගානේ  දරුවෙක්  සිටින  බවත් දිවයින ලිපියේ  සඳහන් වේ. එවන් විස්තර  පළකරන්නේ  ගොසිප් පත්තර  කඩමාලුය.ජාතික  පත්තරයක්  කියාගන්නා  'දිවයින' ගොසිප් හෙවත් අනුන්ගේ රෙද්ද අස්සේ  තිබෙන දේවල් ලියන කැලෑ පත්තරයක්  බවට  පත්වීම  නම් අපගේ  බලවත් චිත්ත ප්රීතියට හේතුවේ.  එබැවින් නිමල් වෙල්ගම  මහතාට අපගේ  අවංක  සුබ පැතුම්  පිලිගන්නමු.


අනුර  කුමාරට නෝනාට අමතරව  පෙම්වතියක් සිටීම මඩප්පුලාට තප්පු  ලන්නට  කාරණාවක් වුවද අපිට  නම් එය  පයිසේකටවත් ගණන්  ගත  යුතු දෙයක් නොවේ.ඒවා පුද්ගලික දේවල්ය. පොන්ත  නෝනගේ පස්ස පොන්ත  නෝනාට  ඕන  හැටියට  මිසක් දිවයිනේ  හිටපු මනෝජ් අබේදීරට ඕනෑ  හැටියට  නොවේ.

අපිට  තිබෙන  ප්‍රශ්නය  නම් 'දිවයින ' නැති  බොරු  හදා මේ රටේ  පුරවැසියන් ඇනකොටා ගැනීමට  තුඩුදෙන ලිපි සහ  පුවත් අති රස  දමා   ලිවීමය.ජනතා විමුක්ති පෙරමුණ මාර්ක්ස්වාදී  පක්ෂයක් නම් 'දිවයින' වර්ජනය  කරන ලෙස  ආයාචනය  කළ  යුතුව  තිබුනේ  මීට  බොහෝ  කලකට පෙරය. මාක්ස්වාදියට ජාතියක්, තබා  රටක්වත් නැත. ඔහු  ජාත්‍යන්තර වාදියෙකි. "ලෝකයේ  කම්කරුවනි එක්වවූ !" කියා මාර්ක්ස් සහ එංගල්ස් මාර්ක්ස්වාදීන්ගේ  හෝඩි පොත වන කොමියුනිස්ට් ප්‍රකාශයේ  ලිව්වේ  ඒ  නිසාය. 

එහෙත් බලය  ගැනීමට  හදිස්සි වී සිටින ජවිපෙට උවමනා  වී තිබෙන්නේ ජාත්‍යන්තරය  හරහා වැටී තිබෙන වංගු පාරේ   යන්නට නොවේ.ජාතිවාදයත්  දේශ ප්රෙමිත්වයත්  හරි හරියට කවලම් කර හදන  කාපට් පාරේ  යන්නටය. විජේවීර  මහතා 87 හැදුවෙත් එවැනි  පාරක ගොස් බලය  ගන්නටය.එහෙත් ඔහු තම   සගයන් රැගෙන ගියේ ලෝකාන්තයටය. 

අනුර  කුමාර සහෝදරයා  සහ ටිල්වින් සහෝදරයා තම සගයන් දැන් එක්කන් යන්නේ  ලෝකාන්තයට  නම් නොවේ.   අපිට  නම් පෙනේනේ   සිංහල  තරුණ  තරුණියක්  පිරිසක් එක්කරගෙන සහරා   කාන්තරය  පැත්තට  යන බවය. ඒ  ගැන  අපිට  කනගාටුය.  හරි  පාරේ  යන්නේ  නම්  එක  පාරක්   නොව දහ  පාරක්  උනත් සැලියුට්  ගසන්නට අපි සුදානම්ය.

කොහොම  උනත් ජනතා  විමුක්ති  පෙරමුණ  දිවයිනට විරුද්ධව  මාධ්‍ය  සාකච්චා පැවැත්වීම   සහ පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන  යාම නිසා 'දිවයින' මුදලාලිගේ  හොද්ද   නම්  බොරවී ඇති  බවට  නම් සැකයක්  නැත. ඒ නිසා මනෝජ් අබේදීරට  ආයිත් ජොබ් එක දී  "තවත් මඩ  ලිපියක්  ලියපන් පුතා "  යැයි  කියන්නටද  ඉඩ තිබේ.



















































































Comments

Nimal said…
'දිවයින' ගොසිප් හෙවත් අනුන්ගේ රෙද්ද අස්සේ තිබෙන දේවල් ලියන කැලෑ පත්තරයක් බවට පත්වීම නම් අපගේ බලවත් චිත්ත ප්රීතියට හේතුවේ. එබැවින් නිමල් වෙල්ගම මහතාට අපගේ අවංක සුබ පැතුම් පිලිගන්නමු.
Unknown said…
Divaina is sinhala rasism paper. It do all works to sinhala buddist extreme part hard. Why that they no like left political partys. Left poolitical secsion no racism. Divaina paper no like socialism people too. In JVP there good people. Anura kumara can talk abot real Sri Lanka qestions intaligent. Anura kumara brane man fool sinhala racism people no like to Anura Kumara why that they hit mud.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට