Skip to main content

අනුරගේ අලුත් කතාව






ජවිපෙ කතා මම හොයා හොයා අහන්නේ නැත . මගේ මුහුණු පොතේ මිත්‍රයෙකු අනුරගේ කතාවක කොටසක් මා වෙත ඒවා මේ ගැන විග්‍රහයක් කරන ලෙස දින කීපයකට පෙර මගෙන් ඉල්ලා තිබුණි . එම කතාවට මට සවන් දීමට හැකිවුයේ අදය .


මේ කතාකැල්ල හමුදාවෙන් විශ්‍රාම ගිය අය ඉදිරියේ කල කතාවක් බව පෙනේ
 

මෙහිදී අනුර කියන ඇතැම් කරුණු සමග මම එකඟය අනෙක් කරුණු ගැන මගේ එකඟ තාවයක් නැත
 

අනුර මෙහිදී කතා කරන්නේ යාපනයේ පුස්තකාලය ගිනි තැබීම , 83 කළු ජුලිය සහ නැවත මේ රටේ ජාතිවාදය සහ ආගම් වාදය ඇති කිරීමට කරන උත්සාහය සහ එය පරාජය කරන බවය
 

යාපනයේ පුස්තකාලයට ගිනි තැබීමට ගිය පිරිස අතර රනිල් ද සිටි බව එස් ඩි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී කියා ඇති බව කියන නමුත් රනිල් ඊට සම්බන්ධ බව අනුර කෙලින්ම කියන්නේ නැත
 
'
1981 මැයි 31 සිට දින දෙකක් තිස්ස ඇවිලුණු යාපනයේ පුස්තකාලය ගිනි තැබීමට සම්බන්ධය යි අපි මෙතෙක් අසා තිබුනේ සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක ඇමැතිවරයාය .
 

මේ සම්බන්ධයෙන් ග්‍රන්ථයක් ලියු නැන්සි මරේ කියන්නේ එදින වේලාසනින් සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක යාපනයේ සිටි බවය .

"With several high ranking Sinhalese security officers and two cabinet ministers, Cyril Mathew and Gamini Dissanayake (both self confessed Sinhala supremacists), present in the town (Jaffna), uniformed security men and plainclothes thugs carried out some well organised acts of destruction."
They burned to the ground certain chosen targets - including the Jaffna Public Library, with its 95,000 volumes and priceless manuscripts, a Hindu temple, the office and machinery of the independent Tamil daily newspaper Eelanadu.. Four people were killed outright. "


අනුර උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව කියන්නේ ජේ ආර ජයවර්ධන ඉන්දියාවට එරෙහිව ඇමරිකාව ට පක්ෂවූ හෙයින් ද ඉන්දියාව දෙකඩ කැඩීමේ සැලැස්මක්ද තිබු බැවින් උතරේ දෙමල සංවිධානවලට අවි පුහුණුව දී ජේ ආර් දුර්වල කිරීම කල බවය
 

එය සත්‍යයකි හැබැයි විජේවීර නම් එකල කියමින් සිටියේ එය ඉන්දියානු ව්‍යාප්තවාදය බවය


විජේවීර වැරදි බව අපි 1980 සිටම අවබෝධ කරගෙන සිටියෙමු ජවිපෙ එය මේ වන විට අවබෝධ කරගෙන සිටීම ගැන අපි සතුටු වෙමු
 

යලි ජාතිවාදය ආගම්වාදය අවුලමින් තිබෙන බවත් එමගින් රනිල්,යලි බලයට එන්නට යොදාගන්න බවත් අනුර එම කතාවේදී කියයි
 


ඒ බවට සාක්ෂියක් නම් ඔහු ඉදිරිපත් කරන්නේ නැත
 
සිංහල සහ දෙමල ජනතාව සතුටෙන් තැබීම අවශ්‍ය බව අනුර කියයි එහෙත් යුද්ධයේදී අතුරුදහන් කරන ලද දහස් ගණනක් තරුණ තරුණියන් ගැන වත් සොයන්නේ නැති ජවිපෙට දෙමල සිංහල සමගිය ගොඩනගන්නේ කෙසේ දැයි මට නම් වැටහෙන්නේ නැත 

13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස වත් ධයිර්යයක් ජවිපෙට තවම නැත 

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...