Skip to main content

අනුරගේ අලුත් කතාව






ජවිපෙ කතා මම හොයා හොයා අහන්නේ නැත . මගේ මුහුණු පොතේ මිත්‍රයෙකු අනුරගේ කතාවක කොටසක් මා වෙත ඒවා මේ ගැන විග්‍රහයක් කරන ලෙස දින කීපයකට පෙර මගෙන් ඉල්ලා තිබුණි . එම කතාවට මට සවන් දීමට හැකිවුයේ අදය .


මේ කතාකැල්ල හමුදාවෙන් විශ්‍රාම ගිය අය ඉදිරියේ කල කතාවක් බව පෙනේ
 

මෙහිදී අනුර කියන ඇතැම් කරුණු සමග මම එකඟය අනෙක් කරුණු ගැන මගේ එකඟ තාවයක් නැත
 

අනුර මෙහිදී කතා කරන්නේ යාපනයේ පුස්තකාලය ගිනි තැබීම , 83 කළු ජුලිය සහ නැවත මේ රටේ ජාතිවාදය සහ ආගම් වාදය ඇති කිරීමට කරන උත්සාහය සහ එය පරාජය කරන බවය
 

යාපනයේ පුස්තකාලයට ගිනි තැබීමට ගිය පිරිස අතර රනිල් ද සිටි බව එස් ඩි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී කියා ඇති බව කියන නමුත් රනිල් ඊට සම්බන්ධ බව අනුර කෙලින්ම කියන්නේ නැත
 
'
1981 මැයි 31 සිට දින දෙකක් තිස්ස ඇවිලුණු යාපනයේ පුස්තකාලය ගිනි තැබීමට සම්බන්ධය යි අපි මෙතෙක් අසා තිබුනේ සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක ඇමැතිවරයාය .
 

මේ සම්බන්ධයෙන් ග්‍රන්ථයක් ලියු නැන්සි මරේ කියන්නේ එදින වේලාසනින් සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක යාපනයේ සිටි බවය .

"With several high ranking Sinhalese security officers and two cabinet ministers, Cyril Mathew and Gamini Dissanayake (both self confessed Sinhala supremacists), present in the town (Jaffna), uniformed security men and plainclothes thugs carried out some well organised acts of destruction."
They burned to the ground certain chosen targets - including the Jaffna Public Library, with its 95,000 volumes and priceless manuscripts, a Hindu temple, the office and machinery of the independent Tamil daily newspaper Eelanadu.. Four people were killed outright. "


අනුර උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව කියන්නේ ජේ ආර ජයවර්ධන ඉන්දියාවට එරෙහිව ඇමරිකාව ට පක්ෂවූ හෙයින් ද ඉන්දියාව දෙකඩ කැඩීමේ සැලැස්මක්ද තිබු බැවින් උතරේ දෙමල සංවිධානවලට අවි පුහුණුව දී ජේ ආර් දුර්වල කිරීම කල බවය
 

එය සත්‍යයකි හැබැයි විජේවීර නම් එකල කියමින් සිටියේ එය ඉන්දියානු ව්‍යාප්තවාදය බවය


විජේවීර වැරදි බව අපි 1980 සිටම අවබෝධ කරගෙන සිටියෙමු ජවිපෙ එය මේ වන විට අවබෝධ කරගෙන සිටීම ගැන අපි සතුටු වෙමු
 

යලි ජාතිවාදය ආගම්වාදය අවුලමින් තිබෙන බවත් එමගින් රනිල්,යලි බලයට එන්නට යොදාගන්න බවත් අනුර එම කතාවේදී කියයි
 


ඒ බවට සාක්ෂියක් නම් ඔහු ඉදිරිපත් කරන්නේ නැත
 
සිංහල සහ දෙමල ජනතාව සතුටෙන් තැබීම අවශ්‍ය බව අනුර කියයි එහෙත් යුද්ධයේදී අතුරුදහන් කරන ලද දහස් ගණනක් තරුණ තරුණියන් ගැන වත් සොයන්නේ නැති ජවිපෙට දෙමල සිංහල සමගිය ගොඩනගන්නේ කෙසේ දැයි මට නම් වැටහෙන්නේ නැත 

13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස වත් ධයිර්යයක් ජවිපෙට තවම නැත 

Comments

Popular posts from this blog

යුක්රේනයේ මහසෝන් බලකාය

    යුක්රේනය ආක්‍රමණය කිරීමේ එක අරමුණක් ලෙස රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ  එහි සිටින මහසොන්නු සහ පිස්සුසාරලා අල්ලා  සක්වල ගලේ ගැසීම  බවය  එය ලෝකයාට  තේරෙන භාෂාවෙන් කිව්වේ Denazification  හෙවත් නාසි  මත දරන්නන්  නැති භංග කොට නාසි ධර්මයත් නැති භංග කිරීම බවය .  නාසි ධර්මය ලෝකයට දේශනා කළ වදාලේ හිට්ලර්ය  හිට්ලර්ට අනුව ලෝකයේ උතුම්ම මිනිස්සු ආර්ය  ජාතියයි  ජර්මානුවෝද ආර්ය වර්ගයට අයත්  වෙති. ආර්ය නොවන ජාතින් විනාශ කළ යුතුය  යුදෙව්වන් 60 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හිට්ලර් වාදීන් විසින් ඝාතනය කළේ යුදෙව්වන් මහා පොළොවෙන් නැත්තටම නැති කර දැමීම සඳහාය  දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් ජය ගත්තේ නම් ලෝකයේ වසන  ආර්ය නොවන සියලු ජනවර්ග මරා දමනු නිසැකය . හිට්ලර් පරාජය වීමෙන් පසු ජර්මනියේ බලය අතට ගත මිත්‍ර  හමුදා කළ පළමු කටයුත්ත  ජර්මනිය   Denazification   කිරීමය. රාජ්‍ය සහ රජයේ නොව සියලු ආයතනවල සිටි සියලුම නාසි මත දරන්නන්  ඉවත්  කරන ලදී. නාසි සන්විධාන තහනම් කරන ලදී නාසි පතපොත විනාශ කර දමන ලදී   මිනිසුන්ගේ මොළවලට   විෂබීජ නාශක දමා පොල් ලෙලිවලින්  අතුල්ලා  නාසි ධර්මය  සුද්ධ කර සෝදා හරින  ලදී .  එහෙත් හිට්ලර්ගේ  න

Best universities in the world.ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල

Are you looking for the best universities in the world? According  to http://www.webometrics.info/en/world the following  are the best 100 universities in the world. Det. Country Presence Rank* Impact Rank* Openness Rank* Excellence Rank* 1 Harvard University 3 2 12 1 2 Stanford University 1 3 8 2 2 Massachusetts Institute of Technology 2 1 6 9 4 University of California Berkeley 14 4 17 13 5 Cornell University 8 5 2 21 6 University of Michigan 11 6 19 4 7 University of Washington 33 8 18 7 8 University of Wisconsin Madison 6 9 15 22 9 University of Pennsylvania 7 10 88 11 10 Columbia University New York 50 7 35 14 11 University of California Los Angeles UCLA 47 12 42 6 12 (2) Pennsylvania State University 146 14 1 38 13 University of Oxford 15 16 92 5 14 University of Cambridge 29 17 72 10 15 Yal

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ