Skip to main content

බුදුන් වහන්සේ ලංකාවට වැඩි කතාව ඇත්තද ?

 



   



  බෞද්ධ පුජක පක්ෂය නම් කියන්නේ බුදුන්වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කළ බවයි


පුරාවිද්යා මහාචාර්ය පරණවිතාන මහතා 1`960දහ්ස්කයේ අගදී ප්රසිද්ධ ප්රකාශයක් කරමින් බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර නැති බව කීවේය ඔහු ඊට සාක්ෂි ලෙස ඉදිරිපත් කළේ බුදුන්වහන්සේ විශේෂ තැනකට වැඩම කළහොත් සුත්රයක් දේශනා කරන හෙයින් ලංකාවට වැඩම කරේ නම් දෙසු සුත්රයක් තිබිය යුතු බවය නමුත් එවැනි සුත්රයක් නැති බැවින් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර නැති බව මහා චර්යා පරණ විතාන මහතා කීය
මේ ප්රක්ෂයට සංඝ සමාජයෙන් විවේචන යම් තරමකින් එල්ලවූ නමුත් කවුරුවත් මහාචාර්ය පරණවිතාන මහතා ගහන්නට පොලු අරන්ගියේ නැත පොලිසියට පැමිණිලි කරේද නැත
මහාචාර්ය පරණ විතාන මහතාට අභියෝග කරන්නට කිසිවෙකු ඉදිරිපත් වුයේද නැත .

අද පරණවිතාන මහතා ඔය ප්රකශය කර නම් ඇප නැතිව මාස 15ක් 20 ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නට සිදුවනු නියතය

අපේ රටේ කිසිවෙකුට ලොවට අවශ්ය බහුලව භාවිත කරන නව නිර්මාණයක් කිරීමට හැකිවී නැත . අපේ කිසිවෙකුට නොබෙල් සම්මානයක් ලැබී නැත.

හේතුව හිතන්නට හැකි දරුවන් අපේ පාසල් පද්ධතිය බිහි කරන්නේ නැත

අපේ රටේ අධ්යාපනය යනු විශේෂයෙන්ම ආගමික පොත පතේ තිබෙන දේ පරම සත්ය ලෙස ළමුන්ගේ ඔලුවලට බස්සන අධ්යාපනයකි .බොහෝ ගුරුවරුද විචාරාත්මකව සිතීමට අසමත්ය ගිර ගුරුවරු ගිර පෝතකයන් නිෂ්පාදනය කරති

මම මතුගම අධ්යාපන කලාපයේ අධ්යක්ෂවරයෙකු ලෙස සේවය කරන කාලයේ බුද්ධ ධර්මය භාරව සිටි අධ්යක්ෂවරයා ධර්ම සාකච්චාවක් කලාප කාර්යාලයේ සංවිධානය කළේය කලාප කාර්යාලයේ සේවය කරන සියලු දෙනාටම ඊට සහභාගිවන ලෙස දැනුම් දෙන ලදී .

කලාප කාර්යාලයේ ලිපිකරු කාර්යමණ්ඩලයට අනන්ත අප්රමාණ වැඩ ඇත කයිවාරුවක් වත් ගැසීමට ඔවුන්ට වෙලාවක් නැත කැන්ටිමට තේ එකක් බොන්නට ආවද ආපසු ඉක්මනින් යති
අධ්යක්ෂවරුන්ටත් එසේම වැඩ ඇත

නියෝගය පරිදි සියල්ලෝම වැඩ නවත්වා ධර්ම සාකච්චාවට සහභාගිවීමට ඉහල මහලට ගියහ අහල පහල පන්සලක භික්ෂුවක් පැමිණ සිටියේය

ප්රශ්න ඇසීම සහ පිළිතුරැ දීම ධර්ම සාකච්ඡාව විය

මමත් ප්රශ්නයක් ඇසීමි

" ස්වාමින් වහන්ස , හිට්ලර් කියන පුදගලය නිසා දෙවන ලෝක යුද්ධයේදී මිනිස්සු ගැහැණු මහල්ලෝ දරුවෝ කෝටි 5ක් මැරුණා සෝවියට් දේශයේම කෝටි දෙකක් මැරුණා. යුදෙව් ජාතිය නැත්තටම නැති කිරීමේ අරමුණෙන් යුදෙව්වෝ ලක්ෂ 60 ක් මරල දැම්ම .ඉතින් බුදුදහමේ තියෙනවා දිට්ටධම්ම කර්මය කියල එකක් .ඉතින් හිට්ලර් යුද්ධේ පැරදුනාම දිවි නසා ගන්නකම් වෙච්ව්හ්ච කෙන්ගෙඩියක් නැහැ .හිට්ලර්ව මරන්න හිට්ලර්ගේ හමුදාවේ අය කීපදෙනෙක් කීපවරක් කරපු උත්සාහයන් සියල්ල අසාර්තක උනා .දිට්ඨ දහම වේද ක්රමය කියල එකක් තියෙනවනම් හිට්ලර්ට පනුවෝ ගහල දුක් විදල මැරෙන්න ඕනේ එහෙම උනේ නැහැ තමන්ම වෙඩි තියාගන්නකම් හොඳට කාල බිල හිටිය

ඉතින් එකෙම් පෙන්නේ දිට්ඨ ධම්ම කරමය කියන එකක් නැහැ කියල නේද ?"

අසල සිටි කළාප අධ්යාපන අධ්යක්ෂ වරිය "ව්ව්ව්ව්ව්ව් " කියමින් තොල් හකුලා ශබ්දයක් කරමින් ඉහලට හුස්ම ගත්තාය මන්ද බුදු දහම ප්රශ්න කිරීම ඇයට අදහා ගන්නට බැරි වූ නිසාය .

මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ස්වාමින් වහන්සේ කියා සිටියේ හිට්ලර්ට දිවි නසා ගැනීමට සිදුවුයේ දිට්ඨධමම කර්මය නිසා වියහැකි බවය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂත් ආගම ප්‍රශ්නකරන්නට බයනම් හිතන්නට බය නම් ගුරුවරු ගැන කුමන කතාද ? ළමුන් ගැන කුමන කතාද ?


මා දන්නා තරමට නම් ඕනෑම දෙයක් නිවැරදි බව තමන්ට වැටහෙන්නේ නම් පමණක් පිළිගන්නා ලෙස බුදුන්වහන්සේම දේශනා කර තිබේ

Comments

Anonymous said…
හිට්ලර්ගේ අවසානය ගැන කල්පනා කරන විට එය සුන්දර සාමකාමී එකක් බව සිතනවද?
Jagath Pathirana said…
සෙනරත් පරණවිතානගේ කාලේ ICCPR පනත තිබුනද?

ඔයා හිට්ලර් ගැන කියන කතා ඇත්තද?
අජිත් ධර්මකීර්ති said…
'ඉතින් එකෙම් පෙන්නේ දිට්ඨ ධම්ම කරමය කියන එකක් නැහැ කියල නේද ?"'

ඔව්. එහෙම එකක් තිබ්බා නං භීෂණ සමයේ මිනිමරපු ඔබත් මෙතරම් කාලයක් දිවි ගෙවන්න විදියක් නැහැනේ සුදුකුකුලා.
Lalith said…
මෙයින් පැහැදිලි වන්නේ මීට වසර ගණනකට පෙර සිටි මිනිසුන් උගත් කරුණු තේරුම් ගතහැකි බුද්දිමත් අය බවයි ....
Anonymous said…
ඔබ ජේවීපී ගෝනිබිල්ලෙක් නේද
Anonymous said…
ඔබ මොකද හිතන්නේ අර යමක මිරැකල් ද මොකක්ද මගුලක් පෙන්නන්න කටෙන් නහයෙන් වතුර සහ ගින්දර විදපු තලේබාන් හිංගල බහුද්ද කාලකන්නින්ට පට්ට චරිතයක් උන අර පොර ගැන? 😀😃😄 මට නම් ඌ කිසිසේත්ම පොරක් නොවේ.... සිද්ද හuත්තත් නිකන් ඔය කාලකන්නි නාන සාර http පඩ අවලමා වගේ ගොන් පඩයෙක් විතරයි සෑහෙන්න කාලේකට ඉස්සර හිටපු 😉

එහෙත් සමහර අය අපි මේවා විවේචනය කරනකොට කියන්නෙ මේ වගේ දේවල්

1 ජේසු උට්ටානය උනේ කොහොමද
2උබේ ජාතකේ අවුල්
3අරාබි රටක උනානම් උබේ කෑලිත් නෑ

හරි ඇයි මෙහෙම මතයක මේ මිනිස්සු ඉන්නෙ...

උන් හිතන්නෙ ඔය කියන බුදු දහමට ගරහන්නේ අපි දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන්ම විස්වාස කරන එක එහෙම නැත්නම් කොටින්ම ජේසු අදහන නිසා කියල (උන්ගෙම අර කාලකන්නි තට්ට කහකඩයෝ හැත්ත ඔලුවට දාපු සහ උන් ගහන same repeat එක)

දෙක ජාතකේ අවුල්..ජාතකේ අවුල් විවේචනාත්මකව දකින කෙනාගෙ නෙමේ..ඔය කියන ඔයාලගේම ආගමික නායකයින්ගේ (දෙමාපියන්ට සල්ලි නැතුව නැතිබැරිකම නිසා හදාගන්න බැරුව මහණ කරපු ඇරියස් අල්ලන උන්ගේ)

තුන..අරාබි රටක හිටියොත් උබේ කෑලිත් නෑ...මේක තමා දරුණුම සීන් එක

මුන් මේ කියන විදිහට ආගමක අවුලක් කියන එක සහ ඒක ප්‍රසිද්දියේ කියන එක බෙල්ල කපල මරන්ඩ ඕන වරදක්(තලෙයි බහුද්ද)

බහුද්ද කෙනෙක්ට උන්ගේ ලබ්බේ ආගම අදහන්න ඇති අයිතිය සේම.තව කෙනෙක්ට ඒක විවේචනය කිරීමටද..හාස්‍යට ලක් කිරීමටද උපහාසයට ලක්කර එහි ඇති ගොන් වැඩ ගොඩ ගැන හිනාවෙන්නත් අයිතියක් ඇත..අපි ඔය කාගේවත් අත පල්ලේ වැටී නැත..තවම අත පල්ලේ වැටී සිටින්නේ දේශපාලනී කරනය වූද ආගමික වූද සහස්‍ර දෙක හමාරකට පෙර ගෝත්‍රික යල් පැනගිය මුග්ධ ආගමික බයිලා කතා ඉපදුන ගමන්ම ඇවිදින උපන් දවසේම කයිවාරු ගහන පොරටෝක් කවි කියපු බවට බයිලා ගහපු පොරකගේ විසුළු ආගම පිටේ තබා ගනිමින් එය මත්තේ නැහෙන ඔබම විය හැකිය යන්න මතක තියාගන්න කියලා අවධාරණය කළ යුතුය.☺️
Jagath Pathirana said…
Anonymous June 1, 2023 at 10:20 AM
ඔයා බුදුන්ට කැමති තරමක් අපහාස කරන්න.
ඊට කලින් දෙමෙල්ලුන්ව උපහාසයට ලක්වෙන එක වාක්‍යයක් කියලා පෙන්වන්න.

Popular posts from this blog

යුක්රේනයේ මහසෝන් බලකාය

    යුක්රේනය ආක්‍රමණය කිරීමේ එක අරමුණක් ලෙස රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ  එහි සිටින මහසොන්නු සහ පිස්සුසාරලා අල්ලා  සක්වල ගලේ ගැසීම  බවය  එය ලෝකයාට  තේරෙන භාෂාවෙන් කිව්වේ Denazification  හෙවත් නාසි  මත දරන්නන්  නැති භංග කොට නාසි ධර්මයත් නැති භංග කිරීම බවය .  නාසි ධර්මය ලෝකයට දේශනා කළ වදාලේ හිට්ලර්ය  හිට්ලර්ට අනුව ලෝකයේ උතුම්ම මිනිස්සු ආර්ය  ජාතියයි  ජර්මානුවෝද ආර්ය වර්ගයට අයත්  වෙති. ආර්ය නොවන ජාතින් විනාශ කළ යුතුය  යුදෙව්වන් 60 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හිට්ලර් වාදීන් විසින් ඝාතනය කළේ යුදෙව්වන් මහා පොළොවෙන් නැත්තටම නැති කර දැමීම සඳහාය  දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් ජය ගත්තේ නම් ලෝකයේ වසන  ආර්ය නොවන සියලු ජනවර්ග මරා දමනු නිසැකය . හිට්ලර් පරාජය වීමෙන් පසු ජර්මනියේ බලය අතට ගත මිත්‍ර  හමුදා කළ පළමු කටයුත්ත  ජර්මනිය   Denazification   කිරීමය. රාජ්‍ය සහ රජයේ නොව සියලු ආයතනවල සිටි සියලුම නාසි මත දරන්නන්  ඉවත්  කරන ලදී. නාසි සන්විධාන තහනම් කරන ලදී නාසි පතපොත විනාශ කර දමන ලදී   මිනිසුන්ගේ මොළවලට   විෂබීජ නාශක දමා පොල් ලෙලිවලින්  අතුල්ලා  නාසි ධර්මය  සුද්ධ කර සෝදා හරින  ලදී .  එහෙත් හිට්ලර්ගේ  න

Best universities in the world.ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල

Are you looking for the best universities in the world? According  to http://www.webometrics.info/en/world the following  are the best 100 universities in the world. Det. Country Presence Rank* Impact Rank* Openness Rank* Excellence Rank* 1 Harvard University 3 2 12 1 2 Stanford University 1 3 8 2 2 Massachusetts Institute of Technology 2 1 6 9 4 University of California Berkeley 14 4 17 13 5 Cornell University 8 5 2 21 6 University of Michigan 11 6 19 4 7 University of Washington 33 8 18 7 8 University of Wisconsin Madison 6 9 15 22 9 University of Pennsylvania 7 10 88 11 10 Columbia University New York 50 7 35 14 11 University of California Los Angeles UCLA 47 12 42 6 12 (2) Pennsylvania State University 146 14 1 38 13 University of Oxford 15 16 92 5 14 University of Cambridge 29 17 72 10 15 Yal

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ