Skip to main content

බුදුන් වහන්සේ ලංකාවට වැඩි කතාව ඇත්තද ?

 



   



  බෞද්ධ පුජක පක්ෂය නම් කියන්නේ බුදුන්වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කළ බවයි


පුරාවිද්යා මහාචාර්ය පරණවිතාන මහතා 1`960දහ්ස්කයේ අගදී ප්රසිද්ධ ප්රකාශයක් කරමින් බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර නැති බව කීවේය ඔහු ඊට සාක්ෂි ලෙස ඉදිරිපත් කළේ බුදුන්වහන්සේ විශේෂ තැනකට වැඩම කළහොත් සුත්රයක් දේශනා කරන හෙයින් ලංකාවට වැඩම කරේ නම් දෙසු සුත්රයක් තිබිය යුතු බවය නමුත් එවැනි සුත්රයක් නැති බැවින් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර නැති බව මහා චර්යා පරණ විතාන මහතා කීය
මේ ප්රක්ෂයට සංඝ සමාජයෙන් විවේචන යම් තරමකින් එල්ලවූ නමුත් කවුරුවත් මහාචාර්ය පරණවිතාන මහතා ගහන්නට පොලු අරන්ගියේ නැත පොලිසියට පැමිණිලි කරේද නැත
මහාචාර්ය පරණ විතාන මහතාට අභියෝග කරන්නට කිසිවෙකු ඉදිරිපත් වුයේද නැත .

අද පරණවිතාන මහතා ඔය ප්රකශය කර නම් ඇප නැතිව මාස 15ක් 20 ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නට සිදුවනු නියතය

අපේ රටේ කිසිවෙකුට ලොවට අවශ්ය බහුලව භාවිත කරන නව නිර්මාණයක් කිරීමට හැකිවී නැත . අපේ කිසිවෙකුට නොබෙල් සම්මානයක් ලැබී නැත.

හේතුව හිතන්නට හැකි දරුවන් අපේ පාසල් පද්ධතිය බිහි කරන්නේ නැත

අපේ රටේ අධ්යාපනය යනු විශේෂයෙන්ම ආගමික පොත පතේ තිබෙන දේ පරම සත්ය ලෙස ළමුන්ගේ ඔලුවලට බස්සන අධ්යාපනයකි .බොහෝ ගුරුවරුද විචාරාත්මකව සිතීමට අසමත්ය ගිර ගුරුවරු ගිර පෝතකයන් නිෂ්පාදනය කරති

මම මතුගම අධ්යාපන කලාපයේ අධ්යක්ෂවරයෙකු ලෙස සේවය කරන කාලයේ බුද්ධ ධර්මය භාරව සිටි අධ්යක්ෂවරයා ධර්ම සාකච්චාවක් කලාප කාර්යාලයේ සංවිධානය කළේය කලාප කාර්යාලයේ සේවය කරන සියලු දෙනාටම ඊට සහභාගිවන ලෙස දැනුම් දෙන ලදී .

කලාප කාර්යාලයේ ලිපිකරු කාර්යමණ්ඩලයට අනන්ත අප්රමාණ වැඩ ඇත කයිවාරුවක් වත් ගැසීමට ඔවුන්ට වෙලාවක් නැත කැන්ටිමට තේ එකක් බොන්නට ආවද ආපසු ඉක්මනින් යති
අධ්යක්ෂවරුන්ටත් එසේම වැඩ ඇත

නියෝගය පරිදි සියල්ලෝම වැඩ නවත්වා ධර්ම සාකච්චාවට සහභාගිවීමට ඉහල මහලට ගියහ අහල පහල පන්සලක භික්ෂුවක් පැමිණ සිටියේය

ප්රශ්න ඇසීම සහ පිළිතුරැ දීම ධර්ම සාකච්ඡාව විය

මමත් ප්රශ්නයක් ඇසීමි

" ස්වාමින් වහන්ස , හිට්ලර් කියන පුදගලය නිසා දෙවන ලෝක යුද්ධයේදී මිනිස්සු ගැහැණු මහල්ලෝ දරුවෝ කෝටි 5ක් මැරුණා සෝවියට් දේශයේම කෝටි දෙකක් මැරුණා. යුදෙව් ජාතිය නැත්තටම නැති කිරීමේ අරමුණෙන් යුදෙව්වෝ ලක්ෂ 60 ක් මරල දැම්ම .ඉතින් බුදුදහමේ තියෙනවා දිට්ටධම්ම කර්මය කියල එකක් .ඉතින් හිට්ලර් යුද්ධේ පැරදුනාම දිවි නසා ගන්නකම් වෙච්ව්හ්ච කෙන්ගෙඩියක් නැහැ .හිට්ලර්ව මරන්න හිට්ලර්ගේ හමුදාවේ අය කීපදෙනෙක් කීපවරක් කරපු උත්සාහයන් සියල්ල අසාර්තක උනා .දිට්ඨ දහම වේද ක්රමය කියල එකක් තියෙනවනම් හිට්ලර්ට පනුවෝ ගහල දුක් විදල මැරෙන්න ඕනේ එහෙම උනේ නැහැ තමන්ම වෙඩි තියාගන්නකම් හොඳට කාල බිල හිටිය

ඉතින් එකෙම් පෙන්නේ දිට්ඨ ධම්ම කරමය කියන එකක් නැහැ කියල නේද ?"

අසල සිටි කළාප අධ්යාපන අධ්යක්ෂ වරිය "ව්ව්ව්ව්ව්ව් " කියමින් තොල් හකුලා ශබ්දයක් කරමින් ඉහලට හුස්ම ගත්තාය මන්ද බුදු දහම ප්රශ්න කිරීම ඇයට අදහා ගන්නට බැරි වූ නිසාය .

මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ස්වාමින් වහන්සේ කියා සිටියේ හිට්ලර්ට දිවි නසා ගැනීමට සිදුවුයේ දිට්ඨධමම කර්මය නිසා වියහැකි බවය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂත් ආගම ප්‍රශ්නකරන්නට බයනම් හිතන්නට බය නම් ගුරුවරු ගැන කුමන කතාද ? ළමුන් ගැන කුමන කතාද ?


මා දන්නා තරමට නම් ඕනෑම දෙයක් නිවැරදි බව තමන්ට වැටහෙන්නේ නම් පමණක් පිළිගන්නා ලෙස බුදුන්වහන්සේම දේශනා කර තිබේ

Comments

Anonymous said…
හිට්ලර්ගේ අවසානය ගැන කල්පනා කරන විට එය සුන්දර සාමකාමී එකක් බව සිතනවද?
Jagath Pathirana said…
සෙනරත් පරණවිතානගේ කාලේ ICCPR පනත තිබුනද?

ඔයා හිට්ලර් ගැන කියන කතා ඇත්තද?
අජිත් ධර්මකීර්ති said…
'ඉතින් එකෙම් පෙන්නේ දිට්ඨ ධම්ම කරමය කියන එකක් නැහැ කියල නේද ?"'

ඔව්. එහෙම එකක් තිබ්බා නං භීෂණ සමයේ මිනිමරපු ඔබත් මෙතරම් කාලයක් දිවි ගෙවන්න විදියක් නැහැනේ සුදුකුකුලා.
Lalith said…
මෙයින් පැහැදිලි වන්නේ මීට වසර ගණනකට පෙර සිටි මිනිසුන් උගත් කරුණු තේරුම් ගතහැකි බුද්දිමත් අය බවයි ....
Anonymous said…
ඔබ ජේවීපී ගෝනිබිල්ලෙක් නේද
Anonymous said…
ඔබ මොකද හිතන්නේ අර යමක මිරැකල් ද මොකක්ද මගුලක් පෙන්නන්න කටෙන් නහයෙන් වතුර සහ ගින්දර විදපු තලේබාන් හිංගල බහුද්ද කාලකන්නින්ට පට්ට චරිතයක් උන අර පොර ගැන? 😀😃😄 මට නම් ඌ කිසිසේත්ම පොරක් නොවේ.... සිද්ද හuත්තත් නිකන් ඔය කාලකන්නි නාන සාර http පඩ අවලමා වගේ ගොන් පඩයෙක් විතරයි සෑහෙන්න කාලේකට ඉස්සර හිටපු 😉

එහෙත් සමහර අය අපි මේවා විවේචනය කරනකොට කියන්නෙ මේ වගේ දේවල්

1 ජේසු උට්ටානය උනේ කොහොමද
2උබේ ජාතකේ අවුල්
3අරාබි රටක උනානම් උබේ කෑලිත් නෑ

හරි ඇයි මෙහෙම මතයක මේ මිනිස්සු ඉන්නෙ...

උන් හිතන්නෙ ඔය කියන බුදු දහමට ගරහන්නේ අපි දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන්ම විස්වාස කරන එක එහෙම නැත්නම් කොටින්ම ජේසු අදහන නිසා කියල (උන්ගෙම අර කාලකන්නි තට්ට කහකඩයෝ හැත්ත ඔලුවට දාපු සහ උන් ගහන same repeat එක)

දෙක ජාතකේ අවුල්..ජාතකේ අවුල් විවේචනාත්මකව දකින කෙනාගෙ නෙමේ..ඔය කියන ඔයාලගේම ආගමික නායකයින්ගේ (දෙමාපියන්ට සල්ලි නැතුව නැතිබැරිකම නිසා හදාගන්න බැරුව මහණ කරපු ඇරියස් අල්ලන උන්ගේ)

තුන..අරාබි රටක හිටියොත් උබේ කෑලිත් නෑ...මේක තමා දරුණුම සීන් එක

මුන් මේ කියන විදිහට ආගමක අවුලක් කියන එක සහ ඒක ප්‍රසිද්දියේ කියන එක බෙල්ල කපල මරන්ඩ ඕන වරදක්(තලෙයි බහුද්ද)

බහුද්ද කෙනෙක්ට උන්ගේ ලබ්බේ ආගම අදහන්න ඇති අයිතිය සේම.තව කෙනෙක්ට ඒක විවේචනය කිරීමටද..හාස්‍යට ලක් කිරීමටද උපහාසයට ලක්කර එහි ඇති ගොන් වැඩ ගොඩ ගැන හිනාවෙන්නත් අයිතියක් ඇත..අපි ඔය කාගේවත් අත පල්ලේ වැටී නැත..තවම අත පල්ලේ වැටී සිටින්නේ දේශපාලනී කරනය වූද ආගමික වූද සහස්‍ර දෙක හමාරකට පෙර ගෝත්‍රික යල් පැනගිය මුග්ධ ආගමික බයිලා කතා ඉපදුන ගමන්ම ඇවිදින උපන් දවසේම කයිවාරු ගහන පොරටෝක් කවි කියපු බවට බයිලා ගහපු පොරකගේ විසුළු ආගම පිටේ තබා ගනිමින් එය මත්තේ නැහෙන ඔබම විය හැකිය යන්න මතක තියාගන්න කියලා අවධාරණය කළ යුතුය.☺️
Jagath Pathirana said…
Anonymous June 1, 2023 at 10:20 AM
ඔයා බුදුන්ට කැමති තරමක් අපහාස කරන්න.
ඊට කලින් දෙමෙල්ලුන්ව උපහාසයට ලක්වෙන එක වාක්‍යයක් කියලා පෙන්වන්න.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...