Skip to main content

Posts

Showing posts from 2023

පාඩු ලබන රජයේ ආයතන විකිණිය යුතුද? නැද්ද?

  ලංගම ,දුම්රිය සේවය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය යන ආයතන තුන එක වසරකදී ලැබූ පාඩුව මෙසේය ලංගම ==== 2022 වසර පාඩුව රු, මිලියන 3400 දුම්රිය සේවය ========= 2021 වසර පාඩුව රු මිලියන 45000 (2010 -2020 පාඩුව රු.මිලියන 331000) ශ් ‍ රී ලන්කන් ගුවන් සේවය ================= 2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා පාඩූව රු.මිලියන 163580 2022 පළමු මාස 4 ලැබූ පාඩුව රු.මිලියන 248000 ඉහත ආයතන තුනේ වාර්ෂික පාඩුව ලංගම රු. මිලියන 3400 දුම්රිය රු මිලියන 45000 ගුවන් සේවය රු මිලියන 163580 එකතුව රු.මිලියන 211980 ==== මෙම ආයතන පුද්ගලික අංශයට විකුණුවහොත් වසරකට ආණ්ඩුවට ඉතිරිවෙන මුදල රුපියල් මිලියන 211980 කි මෙම ආයතන පුද්ගලික අංශයට විකිණීමට වාමාංශික පක්ෂ තදින්ම විරුද්ධය

ජවිපෙ ඉන්ධන ප්‍රතිපත්තිය මොකක්ද ?

  අපේ ෆේස්බුක් යාලුවෙක් ජවිපෙ නායකයෙකු වගේ පෙනෙන චතුරඟ අබේ සිංහ මහත්තයාගේ වීඩියෝවක් මට එවල මේ ගැන අදහස ක් පලකරන්න කියල ඉල්ලීමක් ඊයේ උදේ මට එවල තිබුන එක මට අහන්න වෙලාවක් ලැබුනේ අද උදේ ඔහු කියන්නේ තෙල් ආනයනය බෙදාහැරීම ආණ්ඩුව යටතේ තබාගන්න ඕන කියල .බොර තෙල් ආනයනය කරලා සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ දී පිරිසිඳු කරලා අඩු ගානට දෙන්න පුළුවන් කියල තමයි කියන්නේ තෙල් සංස්ථාවවේ සේවකයෝ වැඩියි කියන එකත් ඔහු ඒ අතරේ කියනව ඉතින් ඔහු කියනව ඒ විදිහට බොර තෙල් ආනයනය කරන ඉන්දියාවේ වියට්නාමයේ , දකුනු කොරියාවේ ,ඉන්දුනීසියාවේ ඉන්ධන මිල අඩුයි කියල (උතරු කොරියාවේ හෙවත් සමාජවාදී කොරියාවේ ගාන නම් කිව්වේ නැහැ. ආ කියුබාවේ ගානත් කිව්වේ නැහැ ) මම ඉතින් ලංකාවේ මිලට වඩා ඒ රටවල්වල පෙට් ‍ රල් අඩුද කියල හොයල බැලුව හෙව්වම ආපු ගණන් තම පහල තියෙන්නේ ඉන්දියාවේ පෙට් ‍ රල් ලීටරයක මිල (ඉන්දියන් රුපියල්) ₹96.72 ලංකා රුපියල් 379.45 වියට්නාමය පෙට් ‍ රල් මිල වියට්නාම් ඩොන්ග් 26,262.50 ...

මී ළඟ ජනාධිපති අනුරද ?

  ඉකුත් ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ගාලු මුව දොර පිටියේ මහා රැස්වීමක් පැවැත්වූවේය . ගාලු මුව දොර පිටිය පිරෙන්නට තරමටම සෙනග ගෙන්වා ගෙන තිබුනි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ප් ‍ රකාශයට පත් කිරීම මෙම රැස්වීමේ ප් ‍ රධාන අරමුණ විය බොහෝ අය මෙන්ම මමද අපේක්ෂා කළේ ජවිපෙ නොවන කීර්තිමත් පුදගලයෙකු තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපෙ ඉදිරිපත් කරනු ඇත කියාය .මන්ද ජවිපෙ අපේක්ෂකයෙකුට එම මැතිවරණයේදී ලජ්ජා නොවෙන චන්ද ප් ‍ රමාණයක් වත් ලබා ගැනීමට නොහැකි බව කාටත් දැනුනු නිසාය ඒ බව ජවිපෙ වඩාත් හොඳින් අවබෝධ කරගෙන ඇතයි සිතීමි එහෙත් අනුර කුමාර ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා බව වේදිකාවේ සිට නිවේදනය කරන ලදී කුඩාරමක් අස්සේ සැඟවී සිටි අනුරය්යා තම පාක්ෂිකයන්ගේ ජයඝෝශා මැද වේදිකාවට නැංගේය ජයග් ‍ රහණය අසලට වත් යාමට ඔහුට නොහැකි බව එවෙලේම මට පහලවූ සිතුවිල්ලයි .ඇත්ත වශයෙන්ම ප් ‍ රගතිශීලී මත දරන කීර්තිමත් අයෙකු ජවිපෙ අපේක්ෂකයා වුයේ නම් මමද ඔහුට/ඇයට චන්දය දීමට සිතා සිටියෙමි තවත් බොහෝ දෙනෙකුගේ අපේක්ෂා එදින බිඳ වැටුණු බවට සැකයක් නැත ලැබුණු චන්ද ගණන අමුතුවෙන් කිව යුතු නැත විජේවීර අතීතයෙන් ...

ජනාධිපති කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාව ඇස් බැන්දුමක් ද?

  පලාත් සභා (Regional Councils) පිහිටවා දෙමල ජනයාට යම් බලතල ප්‍රමාණයක් බෙදා දීම සඳහා 1957 දී බණ්ඩාරනායක මහතා ෆෙඩරල් පක්ෂයේ ප්‍රධානියාවූ චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කරන ලදී . එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ විය භික්ෂුන්ද එයට විරුද්ධවුහ භික්ශුන්ට බියේ බණ්ඩාරනායක ගිවිසුම ඉරා දැම්මේය   ඩඩ්ලි සේනානායක මහතා 1965 අගමැතිවී චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කළේය  එමගින් උතුර නැගෙනහිර පලාත්වල දිස්ත්‍රක් සභා පිහිටුවා රජයේ ආයතනවල දෙමල බසින් වැඩ කිරීමට සහ එම ප්‍රදේශවල ඉඩම් ලබා දීමේදී එම දිස්ත්රික්කවල පදිංචි ඉඩම් නැති අයට අයට ප්‍රමුඛත්වය දීමටද , එම දිස්ත්‍රික්කවල දෙමල බස කතාකරන අයට දෙවනුවද දීමටද රටේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අයට තෙවනුව දීමටද එකඟ විය   එම ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විරුද්ධව වුහ එබැවින් එම ගිවිසුම එතනම මිය ගියේය    1970 බලයට පත් සිරිමා ප්‍රධාන සමගි පෙරමුණ ආණ්ඩුව විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරාගැනීමේදී  උසස් පෙළ   විභාගයෙන් ගන්නා ලකුණු මත නොව  ජන අනුපාතය අනුව ගැනීමට තීරණය කරන ල...

උනුත් එකයි මුනුත් එකයි

  මේ මැතිවරණ පාඨය අයිති කාරයා ජනතා විමුක්ති පෙරමුණය උනුත් හොරු මුනුත් හොරු බිහිවුවේ ජේ.ආර්/ප් ‍ රේමදාස බලයට පැමිණි පසු හඳුන්වා දුන් අනුපාත චන්ද ක් ‍ රමය යටතේය ඊට පෙර මිනිස්සු දේශපාලනය කලේ තමන්ගේ ධනය වියදම් කොටය ඉඳහිට දුෂිත වැඩ කළ අය හිටියත් ඔවුන්ට එරෙහිව උසාවි ගිය විට නඩු අසා ඔවුන්ගේ මන්ත් ‍ රී ධුර අහිමි කරනු ලැබිණ . මේ අනුපාත චන්දය තිබෙන තුරු මෙන්ම මහජන චන්දයෙන් ජනාධිපති තෝරාගන්නා ක් ‍ රමය තිබෙන තුරු දුෂණ, හොරකම් නැති කළ නොහැක මන්ද සල්ලි කන්දරාවක් නැතිව චන්දය දිනිය නොහැකි නිසාය දිනු දවසේ සිට සල්ලි හොයන්නට බොහෝ අය හොරකම් කරති මේ වන විට ජවිපෙ දෙසට පෙරට වඩා ජන ආකර්ශනයක් තිබෙන බව පෙනේ ඒ ජවිපෙ /ජා.ජ.බ ආණ්ඩුවක් යටතේ හොරකම් නොකරනු ඇති පිරිසක් විශ්වාස කරන නිසාය ජවිපෙ සමාජවාදී මත දරන පක්ෂයකි ඔවුන්ගේ පාට රතු වෙන්නෙත් මැයි දිනවලදී මාර්ක්ස් එංගල්ස් ලෙනින් විජේවීර යන අයගේ පින්තුර ඉදිරියෙන් ගෙනියන්නෙත් ඒ නිසාය එසේ නම් සමාජවාදී රටවල හොරකම් දුෂණ අවම හෝ නැත්තටම නැති විය යුතුය Transparency International ආයතනය ලෝකයේ රටවල පවතින දුෂණය පිළිබඳව වාර්ෂික වාර්තාවක් ප් ‍ රසිද්...

71 කැරැල්ලේ රෝහණ විජේ වීරගේ කට උත්තරය

        71 කැරැල්ල පිළිබඳව රෝහණ විජේවීරගේ කට උත්තරය 1971 කැරැල්ලේ පුර්ව සමයේ රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ කට උත්තරය පටිගත කරනු ලැබීය. පසුව මෙය ලේඛන ගත කරන ලද අතර පසුව එම විශාල කට උත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාරාංශගත කරන ලදි. අප් ‍ රේල් මහ නඩුවේදී යොදා ගන්නා ලද නෛතික ලිපි ලේඛන අතර මෙම කට උත්තරය වැදගත් තැනක් ගනියි. එම ලේඛනය ආරම්භ වන්නේ මේ අයුරිනි. රෝහණ විජේවීර විසින් රජයේ අධිනීතීඥ අයි. එෆ්. බී. වික් ‍ රමනායක මහතා වෙත කරන ලදුව 1971 ජූලි මස 17 වෙනිදා සිට 24 වන දින දක්වා වාර්තා ගත කර ගන්නා ලද ප් ‍ රකාශයේ සාරාංශයයි. 1. ජ් ‍ යෙෂAඨ පාඨශාලා සහතික පත් ‍ ර පංතිය දක්වා ධර්මාශෝක විද් ‍ යාලයේ ඉගෙන ගතිමි. ඊට පසුව ශිෂ් ‍ යත්වයක් ලැබ රුසියාවට ගියෙමි. (ලියමන ටයිප් කොට පිළියෙළ කරන ලද්දේ ඊලියන් නානායක්කාර විසිනි) 2. 1960 සැප්තැම්බරයේදී රුසියාවට ගොස් 1964 මාර්තු දක්වා එහි සිටියෙමි. රුසියන් භාෂාව මාස 7ක කාලයක් ඉගෙන ගතිමි. 3. වෛද් ‍ ය අංශයේ ඉගෙන ගතිමි. ප් ‍ රථම විභාග 3 සමත් වීමි. ස්පාඤ්ඤ භාෂාව මඳක් ඉගෙන ගතිමි. අසනීප වීම නිසා 1964 දී ලංකාවට ආපසු පැමිණියෙමි. දේශ...