කිතුල් රා බිව් අයෙකු නැවත එය බිමට ප්‍රිය කරයි..පොල් රා මෙන් නොවේ පොල් රා බිව් කෙනෙකු යලිත් පොල් රා බොන්නට එතරම් උනන්දු වන්නේ නැත බඹර පදමට වදින්නට නම් මුදුන් මලේ රා පානය කළ යුතුය ඉස්සර දවසක (එකල මට අවුරුදු 20ක් පමණ වන්නට ඇත ) මගේ මිත්‍රයෙකු මෙන්ම පාසල් ගුරුවරයෙකු වූ වැඩිමහල්ලෙකු සමග කිරිඇල්ලේ සිටි ඔහුගේ සහෝදරියකගේ නිවසේ තිබු පිරිත් ගෙදරක ගියෙමු උදේ .පිරිත අවසන් වීමෙන් පසු එහි පැමිණි සිටි අයෙකුගෙන් රා තිබ්වේදැයි මගේ මිත්‍ර ගුරුවරයා ඇසුවේය ,එක රා බෝතලයක් පමණක් දිය හැකියි ඔහු කීය .මගේ මිත්‍රයා රා බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් බිව් අතර මට දුන්නේ පිරිසි කෝප්පයකින් එකක් පමණකි අදත් එය අමතක නොවන්නේ එය බී විනාඩියක් දෙකක් ගතවන විට මගේ මුහුණ රත්වී ගෙන ඇවිත් තරමකට වෙරි වූ නිසාය එතරම් සැර රා බොන්නට ලැබෙන්නේ කලාතුරකිනි මුදුන් මලේ රාවලටත් වඩා එම රා සැර වුයේ සීතල ප්‍රදේශයක වැවුණු කිතුල් ගසක රා නිසා විය හැක. කිතුල් රා ප්‍රණිතය. නැවත නැවත බොන්නට මිනිසුන් ප්‍රිය කරන්නේ ඒ නිසාය දැන් අපේ ගමේ තබා අල්ලපු ගමක වත් කිතුල් රා නැත්තටම නැති තරම්ය කිතුල් ගස්ද බෙහෙවින් අඩුය . හේතුව මිනිසුන් ඒවා...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත