Skip to main content

මංගලගේ අවමංගල්‍යය

 




ඔහුට කොරෝනා ආසාදනය වුවද ඔහු නොවරදවා සුවපත් වනු ඇතැයි යන්න මගේ සිතුවිල්ල විය එම සිතුවිල්ලට පදනම් වූ කාරණා දෙක මෙසේය

හොඳම එන්නත ලෙස සැලකෙන ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ඔහුට එන්නත් කර තිබිම

පෙනහළු නිව්මෝනියාව සුව පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය එන්නතක් වූ TOCILIZUMAB එන්නත් කිරීමෙන්පසු ඔහු සුව අතට හැරෙමින් සිටින බව මංගලගේ මිතුරියක්ද මගේ මුහුනුපොතේ මිතුරියක්ද වන ශාමිණි නාගහවත්ත සේරසිංහ දෙවරක් මුහුනුපොත හරහා අප දැනුවත් කර තිබීම

එහෙත් අප වැනි නිදහස් මත දරන්නන් ගේ අපේක්ෂා භංග කරමින් අද පෙරවරු කාලයේ යලි නොඑන්නටම මංගල යන්නට ගියේය

මට මංගල කිසි දිනක හමුවී නැත එහෙත් ඔහුගේ අකල් අභාවය මා සිත තදින් කකියන, හඬවන කාරණාවක් බවට පත්ව තිබේ

මේ රට වැටි ඇති නරා වලෙන් ගොඩ ගැනීමට මංගල ඉදිරි කාලයේදී විශාල කාර්ය භාරයක් කරනු ඇත යන්න මගේ අපේක්ෂාව විය එම අපේක්ෂාව මංගලගේ අවසන් ගමන සමග සුනුවිසිනු වී ගොස්ය

ඔහු විසින් අරඹන ලද 'Freedom Hub සමග එකතු වීමට මම අපේක්ෂාවෙන් පසු වීමි එහෙත් එම අපේක්ෂාවද දැන් සුනුවිසුනු වී හමාරය

මංගල වැනි දේශපාලකයන් තව ඇත්තේ නැති තරම්ය එක් කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අන් සියලු දේශපාලකයෝ බලය ලබා ගැනීමටත් බලය ආරක්ෂා කරගැනීමටත් ජාතිවාදය නිරන්තරයෙන් යොදා ගන්නා නමුත් මංගල කිසි දිනක ඒ පාරේ ගියේ නැත


ඔහු ගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිටියදී යාපනයේ යන අතරතුර යුද සමයේ අතුරුදහන්වූ තම දරුවන් ස්වාමිපුරුෂයන් සහෝදර සහෝදරියන් සොයා දෙන ලෙස ඉල්ලමින් දෙමල වැසියන් කරන උපවාසයක් බැලීමට ගොස් එහි සිටි අය සමග සාකච්චා කිරීම මා සිත තුල තදින් ඇඳි තිබේ එම උපවාසය තවමත් පැවැත්වෙන අතර එහි ගිය එකම සිංහල දේශපාලකයා මංගල සමරවීර පමණක් විය හැක

ඔහු යලිත් දේශපාලන වේදිකාවට එනුඇතැයි මා විශ්වාස කළ නමුත් මගේ මුහුණු පොතේ මිතුරියක්වන ශාමිණි නාගහවත්ත දින දෙකකට පෙර Colombo Telegraph හි පළකළ ලිපිය අනුව යලිත් කිසිදිනක පාර්ලිමේන්තු දේශපාලනය කිරීමට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි .

පාර්ලිමේන්තු දේශපාලනය කිරීමට අපේක්ෂා නොකළද තරුණ පරපුරට හරි පාර කියා දීමට අපේක්ෂාවෙන් ඔහු 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් අලුත් පාරක් එළිපෙහෙළි කිරීමට ඔහු තව කීප දෙනෙකු සමග මුල පුරා තිබුණි එහෙත් මංගලගේ අකාල මරණය අප බොහෝ දෙනෙකු තුලවූ අනාගත සුන්දර බලාපොරොත්තු කැබලි, කැබලි වලට කඩා දමා තිබේ

අපි මින් පසු කුමක් කරමුද ?

Comments

එන්නත් දෙකම ගත් අයට කොවිඩ් ලොකුවට එන්නේ නෑ. මං හිතන්නේ මංගලට වෙනත් අසනීප තියෙන්න ඇති. ඔහු දේශපාලනයෙන් සමු ගන්න ඇත්තේද ඒ බව දැන ගෙනයි.
මම නම් එහෙම හිතන් එ නැහැ ඔහු නං යෝජනා ඩී තිබියදීත් තරගයෙන් ඉවත්වූයේ සජිත් රනිල් සමගි සමගි කොට එක පෙරමුණක සිට තරඟ කිරීමට ගන්න ලද උත්සාහය අසාර්ථක වීම නිසයි
ඔහු පාර්ලිමේන්තු දේශපාලනය ප්‍රතික්ෂේප කලත් True patriots නමින් යම් එකතුවක් ගොඩ නගමින් සිටියා තරුණ පරපුර වෙනුවෙන්
Ajith Dharma. said…
මංගල මිය ගියේ හෘදයාබාධයකින්. ඔහුට ඒ ප්‍රශ්න තිබ්බ, අනික් තර සිරුරක් තිබු අය එන්නත් ගැහුවත්, කෝවිඩ් හැදුනහම අමාරුයි.
Anonymous said…
It funny you say he was very concerned about missing in north, did he do anything about the missing in south where he come from?

It is not nice to talk ill about dead person, but he is just another political thug who change from side to side to be in power, remember his kurundu polu attack? His support for Norway and attacks on Sarath Fonseka during the war with LTTE, his faceless web site attacks on Mr Sirisens, his public calling of 'Para Balla' to SLs elected president
Dear Anonymous
You ask what did Mangala do with regard to the missing in the south
Yesterday I read an FB post written by Anuruddha Lokuhapuarachchi . I wish to reproduce a part of it here

Anuruddha Lokuhapuaarachchi
මංගල ගැන මගේ මතකයෙන් බිඳක්
-------------------------------------------------------------

මට ඔහු මුලින්ම මුන ගැසුනේ 1991දී හෝ 92 දී ඔහුගේ නිවසේදීය. ඒ මා Sunday Times පුවත් පතින් ඉවත් වී රොයිටර් ප්‍රවෘත්ති සේවයට එක්වුනු මුල් අවධිය විය. එම කාලයට සමගාමීව බොරැල්ලේ සාප්පු සංකීර්ණයේ එවකට රැඩිකල් මතදාරි ලේඛකයින් කණ්ඩාමක් එකතුකර "හිරු" පුවත් පත නිර්මාණය විය. ඒ සඳහා මුල් වූවේ 1986දී මා සමග ලිට්ල් රෝස් සමාගමේ පුවත් පත් හරහා පත්තර කලාවට පිවිස පසුකලක වෙඩි තබා මරා දැමූ රෝහණ කුමාර විසිනි. "හිරු" පුවත් පත ඒ වන විටත් ප්‍රේමදාස පාලනය විසින් ඝාතනයෙන් මර්ධනය කර විනාශ කර දමා තිබූ ජනතා විමුක්ති පෙරමුනේ පුනරුත්පත්තියේ ඉදිරි මුහුණු වර විය. රෝහන කුමාරගේ සහ මගේ මිත්‍රත්වය මත විවෙික ඇති විටෙක එහි යන මට සුනිල් මාධව, ඩලස් අලහපෙරුම, තිඹිරියාගම බණඩාර, රෝහිත භාෂණ අබේවර්ධන, විමලසිරි ගම්ලත් යනාදීන් මුන ගැසිනි. ඒ වන විට කිහිප වරක්ම ප්‍රේමදාස රජයේ මැර හමුදා විසින් කරන තර්ජණය කිරීම් පහරදීම් සහ මංකොල්ලකෑම් වලට මුහුන දී සිටි මම ඒ අත්දැකීම් වීදි වලදී ඡායාරූප ගැනීමේදී බාවිතා කලෙමි. පුවත් පතට සහයෝගයක් ලෙස රොයිටර් ප්‍රවෘත්⁣ති සේවයට යවන ඡායාරූප ඇතැම් විට හිරු පත්තරයට මම ලබා දුන්නෙමි.
දිනෙක මට නොහඳුනන දුරකථණ ඇමතුමක් ලැබුනි. කතාකල පුද්ගලයා තමාගේ නම "රුවන් ෆඩිනැන්ඩස්" යයි හඳුන්වා දෙමින් හිරු පත්තරේ අය මට කතා කරන්න කී බවත් කියා මංගල සමරවීරට මාව හමුවන්න අවශ්‍ය බව කීවේය. ඔහුගෙන් ලිපිනය අහගත් මම පසුදින ඔහු දුන් ලිපිනයට ගියෙමි. එහිදී මගේ වය⁣සටම සමාන වූ මා මෙන් පෙනුමැති අයෙකු පැමිණ තමා රුවන් ෆඩිනැන්ඩස් බවත් පැමිනීම ගැන ස්තූති කෙරුවේය. ඔහුගෙන් මාව කැඳවීමට හේතුව විමසූ විට ඔහු "එන්නකො ඇතුලට" කියා වාඩිවෙන්න සැළස්වීය. ටික මොහොතකින් මංගල සමරවීර එහි පැමින පසෙක පුටුවකින් වාඩිවූවේ "අපි මීට කලින් මුන ගැහිල නැහැ නේද?" කියමිනි. මගේ කතුහලය වැඩිවිය. ඉරියව් වල ස්වාබාවය අනුව එම හමුවීම සාමාන්‍ය එකක් නොවන බව මට හැඟිනි. "අනුරුද්ධ ගැන මම අහල තියෙනව, මම කෙලින්ම කාරනාවට එන්නම්. අපිට ඔයාගෙන් උදව්වක් අවශ්‍යයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරනව, අපිට ඒකට ඡායාරූප අවශ්‍යයි ඔයාට පුළුවන්ද අපිට ඒකට උදව් කරන්න ?" . ඔයාගේ ආරක්ෂාවට තර්ජණයක් වෙන්නැහැ, මේ පින්තූර ගන්නෙ ඔයාගෙන් බව කිසි කෙනෙක් දැනගන්නෙ නැහැ, රුවන් එකතු කලේය. අසූව දශකයේ තරුණ සමූල ඝාතන පිළිබඳ ඡායාරූප එකතුවක් මා වෙත තිබුනි. සමූහ ඝාතන වලට එරෙහිව දිනෙක එම ඡායාරූප බාවිතා කිරීමේ බලාපොරෝත්තුවෙන් සිටි මා එක පයින් එම යෝජනාවට කැමති වුනෙමි. පසු දිනෙක ilford resin coated කඩදාසියේ මුද්‍රණය කල 8×10 පුමාණයේ ඡායාරූප පනහකට ආසන්න ප්‍රමාණයක් මා පසුව රුවන් හරහා ඔහුට ලැබීමට සැළස්සුවෙමි. එහෙත් එම චායාරූප සහ අනෙකුත් ලියකියවිළි සමග එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යාමට මංගලගේ එවක අතිජාත දේශපාලන මිත්‍රයා වන මහින්ද රාජපක්ෂට ඉඩ නොලැබිනි. ගුවන් තොටුපලේදීම ප්‍රේමදාසගේ පොලිසියේ අත්අඩංගුවට පත් වුනු මහින්ද රාජපක්ෂගෙන් එම ඡායාරූප ලබා ගැනීමට ප්‍රේමදාස සමත් විය.
එයින් පසු අප අතර ඇති වූ මිත්‍රත්වය ඉඳහිට ලයනල් වෙන්ට් එකේ බාර් එකේ ජින් අඩියක් රසවිඳින්නට තරම් දුර ගියේය. ඇතැම් විට තව කිහිප දෙනෙකු සමග සුනේත්‍රා බණ්ඩාරණායකද එයට එකතු විය. පසු කලක චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ පාලනය යටතේ ඔහු මාධ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී අප අපගේ වෘත්තීමය දුරස්ථබාවයන් පවත්වා ගත්තෙමු.
බලයට පත්වීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරියට දෙමළ ජාතික ගැටළුව සඳහා ස්ථිර විසඳුමක් සෙවීමට සැබෑ උවමනාවක් තිබූ අතර මංගල ඒ සඳහා උවමනා දකුණේ ජනතා කැමැත්ත දිනා ගැනීම සඳහා වන උපාය මාර්ග ක්‍රියාත්මක කෙරුවේය. ඔහු සැළසුම් කල සුදු නෙළුම් ව්‍යාපාරය සහ තවලම වැඩ සටහන සඳහා අවශ්‍ය ඡායාරූප මම සැපයුවෙමි. හමු වූ බොහෝ අවස්වථාලදී ඔහු මගේ වෘත්තීය ක්‍රියාකාරම් අගය කලේය. මගේ ඡායාරූපවලට අගය කිරීමක් කල එකම ලාංකීය දේශපාලඥයා ඔහු විය.
(පසු නිවැරිදි කිරීමයි: හිරු පුවත් පත නොව එය ලක්දිව ලෙස නිවැරිදි විය යුතුය. එම නිවැරිදි කිරීම සඳහන් කර එවූ මිත්‍රයන්ට ස්තූතියි)
Jagath Pathirana said…
ප්‍රේමලාල් බර්ටි රණවීර යනු දෙමළ ජාතිවාදියෙකි.
ඔහුට අවශ්‍ය වුනේ මංගල සමරවීර සමඟ එක්වී සිංහලයාට හිමිතැන අහිමි කිරීමටයි.
එය අසාර්ථකවීම ගැම සතුටුවෙමි.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා