Skip to main content

මංගලගේ අවමංගල්‍යය

 




ඔහුට කොරෝනා ආසාදනය වුවද ඔහු නොවරදවා සුවපත් වනු ඇතැයි යන්න මගේ සිතුවිල්ල විය එම සිතුවිල්ලට පදනම් වූ කාරණා දෙක මෙසේය

හොඳම එන්නත ලෙස සැලකෙන ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ඔහුට එන්නත් කර තිබිම

පෙනහළු නිව්මෝනියාව සුව පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය එන්නතක් වූ TOCILIZUMAB එන්නත් කිරීමෙන්පසු ඔහු සුව අතට හැරෙමින් සිටින බව මංගලගේ මිතුරියක්ද මගේ මුහුනුපොතේ මිතුරියක්ද වන ශාමිණි නාගහවත්ත සේරසිංහ දෙවරක් මුහුනුපොත හරහා අප දැනුවත් කර තිබීම

එහෙත් අප වැනි නිදහස් මත දරන්නන් ගේ අපේක්ෂා භංග කරමින් අද පෙරවරු කාලයේ යලි නොඑන්නටම මංගල යන්නට ගියේය

මට මංගල කිසි දිනක හමුවී නැත එහෙත් ඔහුගේ අකල් අභාවය මා සිත තදින් කකියන, හඬවන කාරණාවක් බවට පත්ව තිබේ

මේ රට වැටි ඇති නරා වලෙන් ගොඩ ගැනීමට මංගල ඉදිරි කාලයේදී විශාල කාර්ය භාරයක් කරනු ඇත යන්න මගේ අපේක්ෂාව විය එම අපේක්ෂාව මංගලගේ අවසන් ගමන සමග සුනුවිසිනු වී ගොස්ය

ඔහු විසින් අරඹන ලද 'Freedom Hub සමග එකතු වීමට මම අපේක්ෂාවෙන් පසු වීමි එහෙත් එම අපේක්ෂාවද දැන් සුනුවිසුනු වී හමාරය

මංගල වැනි දේශපාලකයන් තව ඇත්තේ නැති තරම්ය එක් කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අන් සියලු දේශපාලකයෝ බලය ලබා ගැනීමටත් බලය ආරක්ෂා කරගැනීමටත් ජාතිවාදය නිරන්තරයෙන් යොදා ගන්නා නමුත් මංගල කිසි දිනක ඒ පාරේ ගියේ නැත


ඔහු ගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිටියදී යාපනයේ යන අතරතුර යුද සමයේ අතුරුදහන්වූ තම දරුවන් ස්වාමිපුරුෂයන් සහෝදර සහෝදරියන් සොයා දෙන ලෙස ඉල්ලමින් දෙමල වැසියන් කරන උපවාසයක් බැලීමට ගොස් එහි සිටි අය සමග සාකච්චා කිරීම මා සිත තුල තදින් ඇඳි තිබේ එම උපවාසය තවමත් පැවැත්වෙන අතර එහි ගිය එකම සිංහල දේශපාලකයා මංගල සමරවීර පමණක් විය හැක

ඔහු යලිත් දේශපාලන වේදිකාවට එනුඇතැයි මා විශ්වාස කළ නමුත් මගේ මුහුණු පොතේ මිතුරියක්වන ශාමිණි නාගහවත්ත දින දෙකකට පෙර Colombo Telegraph හි පළකළ ලිපිය අනුව යලිත් කිසිදිනක පාර්ලිමේන්තු දේශපාලනය කිරීමට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි .

පාර්ලිමේන්තු දේශපාලනය කිරීමට අපේක්ෂා නොකළද තරුණ පරපුරට හරි පාර කියා දීමට අපේක්ෂාවෙන් ඔහු 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් අලුත් පාරක් එළිපෙහෙළි කිරීමට ඔහු තව කීප දෙනෙකු සමග මුල පුරා තිබුණි එහෙත් මංගලගේ අකාල මරණය අප බොහෝ දෙනෙකු තුලවූ අනාගත සුන්දර බලාපොරොත්තු කැබලි, කැබලි වලට කඩා දමා තිබේ

අපි මින් පසු කුමක් කරමුද ?

Comments

එන්නත් දෙකම ගත් අයට කොවිඩ් ලොකුවට එන්නේ නෑ. මං හිතන්නේ මංගලට වෙනත් අසනීප තියෙන්න ඇති. ඔහු දේශපාලනයෙන් සමු ගන්න ඇත්තේද ඒ බව දැන ගෙනයි.
මම නම් එහෙම හිතන් එ නැහැ ඔහු නං යෝජනා ඩී තිබියදීත් තරගයෙන් ඉවත්වූයේ සජිත් රනිල් සමගි සමගි කොට එක පෙරමුණක සිට තරඟ කිරීමට ගන්න ලද උත්සාහය අසාර්ථක වීම නිසයි
ඔහු පාර්ලිමේන්තු දේශපාලනය ප්‍රතික්ෂේප කලත් True patriots නමින් යම් එකතුවක් ගොඩ නගමින් සිටියා තරුණ පරපුර වෙනුවෙන්
Ajith Dharma. said…
මංගල මිය ගියේ හෘදයාබාධයකින්. ඔහුට ඒ ප්‍රශ්න තිබ්බ, අනික් තර සිරුරක් තිබු අය එන්නත් ගැහුවත්, කෝවිඩ් හැදුනහම අමාරුයි.
Anonymous said…
It funny you say he was very concerned about missing in north, did he do anything about the missing in south where he come from?

It is not nice to talk ill about dead person, but he is just another political thug who change from side to side to be in power, remember his kurundu polu attack? His support for Norway and attacks on Sarath Fonseka during the war with LTTE, his faceless web site attacks on Mr Sirisens, his public calling of 'Para Balla' to SLs elected president
Dear Anonymous
You ask what did Mangala do with regard to the missing in the south
Yesterday I read an FB post written by Anuruddha Lokuhapuarachchi . I wish to reproduce a part of it here

Anuruddha Lokuhapuaarachchi
මංගල ගැන මගේ මතකයෙන් බිඳක්
-------------------------------------------------------------

මට ඔහු මුලින්ම මුන ගැසුනේ 1991දී හෝ 92 දී ඔහුගේ නිවසේදීය. ඒ මා Sunday Times පුවත් පතින් ඉවත් වී රොයිටර් ප්‍රවෘත්ති සේවයට එක්වුනු මුල් අවධිය විය. එම කාලයට සමගාමීව බොරැල්ලේ සාප්පු සංකීර්ණයේ එවකට රැඩිකල් මතදාරි ලේඛකයින් කණ්ඩාමක් එකතුකර "හිරු" පුවත් පත නිර්මාණය විය. ඒ සඳහා මුල් වූවේ 1986දී මා සමග ලිට්ල් රෝස් සමාගමේ පුවත් පත් හරහා පත්තර කලාවට පිවිස පසුකලක වෙඩි තබා මරා දැමූ රෝහණ කුමාර විසිනි. "හිරු" පුවත් පත ඒ වන විටත් ප්‍රේමදාස පාලනය විසින් ඝාතනයෙන් මර්ධනය කර විනාශ කර දමා තිබූ ජනතා විමුක්ති පෙරමුනේ පුනරුත්පත්තියේ ඉදිරි මුහුණු වර විය. රෝහන කුමාරගේ සහ මගේ මිත්‍රත්වය මත විවෙික ඇති විටෙක එහි යන මට සුනිල් මාධව, ඩලස් අලහපෙරුම, තිඹිරියාගම බණඩාර, රෝහිත භාෂණ අබේවර්ධන, විමලසිරි ගම්ලත් යනාදීන් මුන ගැසිනි. ඒ වන විට කිහිප වරක්ම ප්‍රේමදාස රජයේ මැර හමුදා විසින් කරන තර්ජණය කිරීම් පහරදීම් සහ මංකොල්ලකෑම් වලට මුහුන දී සිටි මම ඒ අත්දැකීම් වීදි වලදී ඡායාරූප ගැනීමේදී බාවිතා කලෙමි. පුවත් පතට සහයෝගයක් ලෙස රොයිටර් ප්‍රවෘත්⁣ති සේවයට යවන ඡායාරූප ඇතැම් විට හිරු පත්තරයට මම ලබා දුන්නෙමි.
දිනෙක මට නොහඳුනන දුරකථණ ඇමතුමක් ලැබුනි. කතාකල පුද්ගලයා තමාගේ නම "රුවන් ෆඩිනැන්ඩස්" යයි හඳුන්වා දෙමින් හිරු පත්තරේ අය මට කතා කරන්න කී බවත් කියා මංගල සමරවීරට මාව හමුවන්න අවශ්‍ය බව කීවේය. ඔහුගෙන් ලිපිනය අහගත් මම පසුදින ඔහු දුන් ලිපිනයට ගියෙමි. එහිදී මගේ වය⁣සටම සමාන වූ මා මෙන් පෙනුමැති අයෙකු පැමිණ තමා රුවන් ෆඩිනැන්ඩස් බවත් පැමිනීම ගැන ස්තූති කෙරුවේය. ඔහුගෙන් මාව කැඳවීමට හේතුව විමසූ විට ඔහු "එන්නකො ඇතුලට" කියා වාඩිවෙන්න සැළස්වීය. ටික මොහොතකින් මංගල සමරවීර එහි පැමින පසෙක පුටුවකින් වාඩිවූවේ "අපි මීට කලින් මුන ගැහිල නැහැ නේද?" කියමිනි. මගේ කතුහලය වැඩිවිය. ඉරියව් වල ස්වාබාවය අනුව එම හමුවීම සාමාන්‍ය එකක් නොවන බව මට හැඟිනි. "අනුරුද්ධ ගැන මම අහල තියෙනව, මම කෙලින්ම කාරනාවට එන්නම්. අපිට ඔයාගෙන් උදව්වක් අවශ්‍යයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරනව, අපිට ඒකට ඡායාරූප අවශ්‍යයි ඔයාට පුළුවන්ද අපිට ඒකට උදව් කරන්න ?" . ඔයාගේ ආරක්ෂාවට තර්ජණයක් වෙන්නැහැ, මේ පින්තූර ගන්නෙ ඔයාගෙන් බව කිසි කෙනෙක් දැනගන්නෙ නැහැ, රුවන් එකතු කලේය. අසූව දශකයේ තරුණ සමූල ඝාතන පිළිබඳ ඡායාරූප එකතුවක් මා වෙත තිබුනි. සමූහ ඝාතන වලට එරෙහිව දිනෙක එම ඡායාරූප බාවිතා කිරීමේ බලාපොරෝත්තුවෙන් සිටි මා එක පයින් එම යෝජනාවට කැමති වුනෙමි. පසු දිනෙක ilford resin coated කඩදාසියේ මුද්‍රණය කල 8×10 පුමාණයේ ඡායාරූප පනහකට ආසන්න ප්‍රමාණයක් මා පසුව රුවන් හරහා ඔහුට ලැබීමට සැළස්සුවෙමි. එහෙත් එම චායාරූප සහ අනෙකුත් ලියකියවිළි සමග එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යාමට මංගලගේ එවක අතිජාත දේශපාලන මිත්‍රයා වන මහින්ද රාජපක්ෂට ඉඩ නොලැබිනි. ගුවන් තොටුපලේදීම ප්‍රේමදාසගේ පොලිසියේ අත්අඩංගුවට පත් වුනු මහින්ද රාජපක්ෂගෙන් එම ඡායාරූප ලබා ගැනීමට ප්‍රේමදාස සමත් විය.
එයින් පසු අප අතර ඇති වූ මිත්‍රත්වය ඉඳහිට ලයනල් වෙන්ට් එකේ බාර් එකේ ජින් අඩියක් රසවිඳින්නට තරම් දුර ගියේය. ඇතැම් විට තව කිහිප දෙනෙකු සමග සුනේත්‍රා බණ්ඩාරණායකද එයට එකතු විය. පසු කලක චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ පාලනය යටතේ ඔහු මාධ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී අප අපගේ වෘත්තීමය දුරස්ථබාවයන් පවත්වා ගත්තෙමු.
බලයට පත්වීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරියට දෙමළ ජාතික ගැටළුව සඳහා ස්ථිර විසඳුමක් සෙවීමට සැබෑ උවමනාවක් තිබූ අතර මංගල ඒ සඳහා උවමනා දකුණේ ජනතා කැමැත්ත දිනා ගැනීම සඳහා වන උපාය මාර්ග ක්‍රියාත්මක කෙරුවේය. ඔහු සැළසුම් කල සුදු නෙළුම් ව්‍යාපාරය සහ තවලම වැඩ සටහන සඳහා අවශ්‍ය ඡායාරූප මම සැපයුවෙමි. හමු වූ බොහෝ අවස්වථාලදී ඔහු මගේ වෘත්තීය ක්‍රියාකාරම් අගය කලේය. මගේ ඡායාරූපවලට අගය කිරීමක් කල එකම ලාංකීය දේශපාලඥයා ඔහු විය.
(පසු නිවැරිදි කිරීමයි: හිරු පුවත් පත නොව එය ලක්දිව ලෙස නිවැරිදි විය යුතුය. එම නිවැරිදි කිරීම සඳහන් කර එවූ මිත්‍රයන්ට ස්තූතියි)
Jagath Pathirana said…
ප්‍රේමලාල් බර්ටි රණවීර යනු දෙමළ ජාතිවාදියෙකි.
ඔහුට අවශ්‍ය වුනේ මංගල සමරවීර සමඟ එක්වී සිංහලයාට හිමිතැන අහිමි කිරීමටයි.
එය අසාර්ථකවීම ගැම සතුටුවෙමි.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...