මෙයට පෙර ලිව තුන් වන කොටසේ මා විස්තර කළේ දිනක් පාන්දර නාවුක හමුදා භටයන් මගේ නිවසට පැමිණ නිවස සෝදිසි කොට නැවතත් මා හමුදා කඳවුරට ගෙන්වා ගෙන ප්‍රශ්ණ කළ ආකාරයය. මා එහි ගියේ මට පහර දී ඇට කටු කඩා අවසානයේදී පාරක් අසබඩදී රාත්‍රී කාලයේදී මා වෙඩි තබා මරා දමනු ඇතැයි යන භීතියෙනි. නමුත් මා ජවිපෙ සාමාජිකයෙකු නොවෙන බව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වටහා ගත් නිසාදෝ ඔවුහු මට ආපසු ඒමට ඉඩ දුන්හ . (චන්දය දැමීම නිසා ජවිපෙ කළ දඩයමකි ) රටේ අනෙකුත් සිංහල ප්‍රදේශවල මෙන්ම අපේ ගමේ සහ අවට ගම්මාන වල ද 1988 මැද භාගයෙන් පසු ජවිපෙ ක්‍රියාකාරකම් වැඩි වෙමින් තිබුණි . රාත්‍රී කාළයේ ගමේ නිවෙස් වලට ජවිප...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත