Skip to main content

ඒකීය රාජ්ජයේ සිට ලියමි


People rummage through debris burned out hardware Editorial Stock ...


ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථා වේ නම් සඳහන් වෙන්නේ ලංකාව ඒකීය රාජ්යයක් බවය.


ව්යවස්ථාවේ ඉන්ගිරිසි පිටපතේ ඒ බව ලියා ඇත්තේ මෙසේය

THE PEOPLE, THE STATE AND SOVEREIGNTY
1. Sri Lanka (Ceylon) is a Free, Sovereign, Independent
and Democratic Socialist Republic and shall be known as the
Democratic Socialist Republic of Sri Lanka.

2. The Republic of Sri Lanka is a Unitary State.

ඔය ඒකීය හෙවත් Unitary යන වචනය ගිනිගන්නා සුළුය. පුපුරන සුළුය. පාස්කු බෝම්බ තරම් භයානකය
ඔය වචනය ව්යවස්ථාවෙන් ඉවත් කරන්නට ගියහොත් කීප දෙනෙකු පරලොව යනු ඇත


සිය ගණනක් තුවාල ලබනු ඇත

දාස් ගණනක් පෙලපාලි යනු ඇත

මහසොන්නු ගිණි තියනු ඇත

එහෙත් ඔය වචනය ව්යවස්ථාවේ කාලයක් තිස්සේ තිබුනා කියා රට ඒකීය වී තිබේද ?

අපි ඉන්නේ ඒකීය රටකද ?

ලාංකික පුරවැසියන් හදවත් වලින් ඒකීය ද ?

ව්යවස්ථාවේ ඒකීය වචනය දමාගෙන රට බෙදන්නට අපි බොහෝ දෙනෙකු දායක වී ඇත්තෙමු .


සිංහල ඉස්කෝල, දෙමල ඉස්කෝල ,මුස්ලිම් ඉස්කෝල, බෞද්ධ ඉස්කෝල, ක්රිස්තියානි ඉස්කෝල, හින්දු ඉස්කෝල ,ඉස්ලාම් ඉස්කෝල කියා ජනවර්ගය සහ ආගම මත පාසල් පවත්වාගෙන යාමෙන් රට ඒකීය කිරීමට හැකිද ?


ලක්ෂ 44ක් සිසුන් ජනවර්ගය ආගම අනුව බෙදීමෙන් ඒකීය ලංකාවක් හැදෙයිද ?
ඒ පාසල්වලින් පිටවී සමාජයට ආ එවුන් ඒකීය ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිවිද ?


සිංහල දේශපාලන පක්ෂවලට , දෙමල දේශපාලන පක්ෂවලට , මුස්ලිම් දේශපාලන පක්ෂවලට මිනිස්සු බෙදීමෙන් ඒකීය රටක් හැදිය හැකිද ?


අලි මදිවට හරක් කියන්න සේ දැන් සිංහල බෞද්ධ බැංකු සහ ඉස්ලාම් බැංකුද තිබේ
ජනවර්ගය මත බැංකු දැමිල්ලෙන් ඒකීය රටක් හදිය හැකිද ?


මේ යන විදිහට ගියොත් තව ටික කලකින් ආගම් මත පදනම්ව දේශපාලන පක්ෂද ඇතිවිය හැක .


එසේ වුවහොත් බෞද්ධ පක්ෂය ,කතෝලික පක්ෂය, මෙතෝදිස්ත පක්ෂය , ක්රිස්තියානි පක්ෂය , හින්දු පක්ෂය ,ඉස්ලාම් පක්ෂය ආදී පක්ෂ ඉදිරිකාලයේදී මැතිවරණවලට තරග කරනු ඇත.


ඔහොම ඔහොම ගොස් ජනවර්ගය මත පදනම් ප්රවාහන සේවයක්ද ඉල්ලීමටද ඉඩ නැත්තේ නැත .


එසේ වුවහොත් හිංගලුන්ට වෙනම බස් සහ කෝච්චිද ,දෙමළුන්ට වෙනම බස් කෝච්චිද තම්බිලාට වෙනම බස් සහ කෝච්චිද ආරම්භ කරනු ඇත


(දකුණු අප්රිකාවේ ක්රියාත්මක කළ ඇපාතීඩ් ක්රමය යටතේ එසේ තිබුනේය )
ඔහොම ඔහොම ගොස් සිංහල ඉස්පිරිතාල, දෙමල ඉස්පිරිතාල, මුස්ලිම් ඉස්පිරිතාල ඉල්ලන්නටද ඉඩ නැත්තේ නැත .


ඒ උනාට ව්යවස්තාවේ තිබෙන ' ඒකීය' වචනය වෙනස් කරන්නට නම් කීයටවත් ඉඩ නොදෙනු ඇත...


Comments

Anonymous said…
රාජ්‍යයේ "ඒකීය" බව
කොහොමඋනත්
මෙදාපාරත්
චන්දෙ දෙනකොට
හොයන්න
කරාවෙද දුරාවෙද
Anonymous said…
ඒකීය රාජ්‍යයක් යනු ඒකීය පුද්ගලයන්ගේ රාජ්‍යයි.

ඒකීය රාජ්‍යයක් තුල ඒකීය පුද්ගලයාට
තමන්ගේ පෞද්ගලික ධනය වැයකර ඕනෑම පිස්සුවක් නැටීමට නිදහස තිබිය යුතුයි.

උදාහරණයක් හැටියට ඔබ සඳහන්කල අධ්‍යාපනය සලකමු.
ආණ්ඩුව නොමිලේ අධ්‍යාපනය ලබාදීම සහ ඒ වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් වැයකිරීම නතරකර එම බදු සහනය ජනතාවට ලබාදිය යුතුයි.
එසේම දැන් පවතින රජයේ පාසල් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට වෙන්දේසිකල යුතුයි.
එවිට ඒකීය පුද්ගලයාට තමන් කැමති විදියේ අධ්‍යාපනයක් තම දරුවන්ට හැකියාව ලැබෙනවා.

නමුත් ඔබ ඒ වගේ දේකට කරමති නෑ.
ඔබට අවශ්‍ය රජය මැදිහත්වී අනෙකාගේ හැදියාව ඔබ හරි කියා හිතන ආකාරයට පාලනයවනු දැකීමටයි.

ඔබට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්.
(තොගෙ හැදියාව අන්තිමයි.)
Anonymous said…
සහෝදරයා, ඔයාට රට ගරන හැඟීමක් තියෙනබව පේනවා. නමුත් ඔබ නොමඟ ගිහින්.

දැනට අවුරුදු 1500කට පෙර අරාබියේ තත්වයත් අද ලංකාවේ තත්වයට සමානයි.
නමුත් මුහම්මද් නබි (සල්) තුමාගේ නායකත්වය යටතේ ඔවුන්ට මෙලොව එතෙක් මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨම ඒකීය රාජ්‍යය හදාගන්න පුළුවන් වනා. පසුව එය ඒකීය ශිෂ්ඨාචාරයක් දක්වා වර්ධනය වුනා.

මිනිසුන් හදපු සමාජවාදය වගේ දේශපාලන ධර්මයන්ට වඩා. අල්ලාහ්ගෙන් අපට ලැබුනු ඒ ඉස්ලාමය සාර්ථකබව මේ වනවිට ඔප්පුවී හමාරයි.

ඉස්ලාම් දහම සහ අරාබි බස හරහා ලංකාවත් මෙම ඒකීය ශිෂ්ඨාචාරයට එක්කල හැකිබව සහතිකයි.

ඉස්ලාමයේ ඒකීයත්වය හා එක්වී ජීවිතය ජයගන්න ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.
ආමින්!
Anonymous said…
මෙය ඒකීය නොව ඒ කීය ලෙස නිවැරිදි විය යුතුය.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට