Skip to main content

ඒකීය රාජ්ජයේ සිට ලියමි


People rummage through debris burned out hardware Editorial Stock ...


ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ නම් සඳහන් වෙන්නේ ලංකාව ඒකීය රාජ්‍යයක් බවය.


ව්‍යවස්ථාවේ ඉන්ගිරිසි පිටපතේ ඒ බව ලියා ඇත්තේ මෙසේය

THE PEOPLE, THE STATE AND SOVEREIGNTY
1. Sri Lanka (Ceylon) is a Free, Sovereign, Independent
and Democratic Socialist Republic and shall be known as the
Democratic Socialist Republic of Sri Lanka.

2. The Republic of Sri Lanka is a Unitary State.

ඔය ඒකීය හෙවත් Unitary යන වචනය ගිනිගන්නා සුළුය. පුපුරන සුළුය. පාස්කු බෝම්බ තරම් භයානකය
ඔය වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නට ගියහොත් කීප දෙනෙකු පරලොව යනු ඇත


සිය ගණනක් තුවාල ලබනු ඇත

දාස් ගණනක් පෙලපාලි යනු ඇත

මහසොන්නු ගිණි තියනු ඇත

එහෙත් ඔය වචනය ව්‍යවස්ථාවේ කාලයක් තිස්සේ තිබුනා කියා රට ඒකීය වී තිබේද ?

අපි ඉන්නේ ඒකීය රටකද ?

ලාංකික පුරවැසියන් හදවත් වලින් ඒකීය ද ?

ව්‍යවස්ථාවේ ඒකීය වචනය දමාගෙන රට බෙදන්නට අපි බොහෝ දෙනෙකු දායක වී ඇත්තෙමු .


සිංහල ඉස්කෝල, දෙමල ඉස්කෝල ,මුස්ලිම් ඉස්කෝල, බෞද්ධ ඉස්කෝල, ක්‍රිස්තියානි ඉස්කෝල, හින්දු ඉස්කෝල ,ඉස්ලාම් ඉස්කෝල කියා ජනවර්ගය සහ ආගම මත පාසල් පවත්වාගෙන යාමෙන් රට ඒකීය කිරීමට හැකිද ?


ලක්ෂ 44ක් සිසුන් ජනවර්ගය ආගම අනුව බෙදීමෙන් ඒකීය ලංකාවක් හැදෙයිද ?
ඒ පාසල්වලින් පිටවී සමාජයට ආ එවුන් ඒකීය ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිවිද ?


සිංහල දේශපාලන පක්ෂවලට , දෙමල දේශපාලන පක්ෂවල‍ට , මුස්ලිම් දේශපාලන පක්ෂවලට මිනිස්සු බෙදීමෙන් ඒකීය රටක් හැදිය හැකිද ?


අලි මදිවට හරක් කියන්න සේ දැන් සිංහල බෞද්ධ බැංකු සහ ඉස්ලාම් බැංකුද තිබේ
ජනවර්ගය මත බැංකු දැමිල්ලෙන් ඒකීය රටක් හදිය හැකිද ?


මේ යන විදිහට ගියොත් තව ටික කලකින් ආගම් මත පදනම්ව දේශපාලන පක්ෂද ඇතිවිය හැක .


එසේ වුවහොත් බෞද්ධ පක්ෂය ,කතෝලික පක්ෂය, මෙතෝදිස්ත පක්ෂය , ක්රිස්තියානි පක්ෂය , හින්දු පක්ෂය ,ඉස්ලාම් පක්ෂය ආදී පක්ෂ ඉදිරිකාලයේදී මැතිවරණවලට තරග කරනු ඇත.


ඔහොම ඔහොම ගොස් ජනවර්ගය මත පදනම් ප්‍රවාහන සේවයක්ද ඉල්ලීමටද ඉඩ නැත්තේ නැත .


එසේ වුවහොත් හිංගලුන්ට වෙනම බස් සහ කෝච්චිද ,දෙමළුන්ට වෙනම බස් කෝච්චිද තම්බිලාට වෙනම බස් සහ කෝච්චිද ආරම්භ කරනු ඇත


(දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කළ ඇපාතීඩ් ක්‍රමය යටතේ එසේ තිබුනේය )
ඔහොම ඔහොම ගොස් සිංහල ඉස්පිරිතාල, දෙමල ඉස්පිරිතාල, මුස්ලිම් ඉස්පිරිතාල ඉල්ලන්නටද ඉඩ නැත්තේ නැත .


ඒ උනාට ව්‍යවස්තාවේ තිබෙන ' ඒකීය' වචනය වෙනස් කරන්නට නම් කීයටවත් ඉඩ නොදෙනු ඇත...


Comments

Anonymous said…
රාජ්‍යයේ "ඒකීය" බව
කොහොමඋනත්
මෙදාපාරත්
චන්දෙ දෙනකොට
හොයන්න
කරාවෙද දුරාවෙද
Anonymous said…
ඒකීය රාජ්‍යයක් යනු ඒකීය පුද්ගලයන්ගේ රාජ්‍යයි.

ඒකීය රාජ්‍යයක් තුල ඒකීය පුද්ගලයාට
තමන්ගේ පෞද්ගලික ධනය වැයකර ඕනෑම පිස්සුවක් නැටීමට නිදහස තිබිය යුතුයි.

උදාහරණයක් හැටියට ඔබ සඳහන්කල අධ්‍යාපනය සලකමු.
ආණ්ඩුව නොමිලේ අධ්‍යාපනය ලබාදීම සහ ඒ වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් වැයකිරීම නතරකර එම බදු සහනය ජනතාවට ලබාදිය යුතුයි.
එසේම දැන් පවතින රජයේ පාසල් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට වෙන්දේසිකල යුතුයි.
එවිට ඒකීය පුද්ගලයාට තමන් කැමති විදියේ අධ්‍යාපනයක් තම දරුවන්ට හැකියාව ලැබෙනවා.

නමුත් ඔබ ඒ වගේ දේකට කරමති නෑ.
ඔබට අවශ්‍ය රජය මැදිහත්වී අනෙකාගේ හැදියාව ඔබ හරි කියා හිතන ආකාරයට පාලනයවනු දැකීමටයි.

ඔබට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්.
(තොගෙ හැදියාව අන්තිමයි.)
Anonymous said…
සහෝදරයා, ඔයාට රට ගරන හැඟීමක් තියෙනබව පේනවා. නමුත් ඔබ නොමඟ ගිහින්.

දැනට අවුරුදු 1500කට පෙර අරාබියේ තත්වයත් අද ලංකාවේ තත්වයට සමානයි.
නමුත් මුහම්මද් නබි (සල්) තුමාගේ නායකත්වය යටතේ ඔවුන්ට මෙලොව එතෙක් මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨම ඒකීය රාජ්‍යය හදාගන්න පුළුවන් වනා. පසුව එය ඒකීය ශිෂ්ඨාචාරයක් දක්වා වර්ධනය වුනා.

මිනිසුන් හදපු සමාජවාදය වගේ දේශපාලන ධර්මයන්ට වඩා. අල්ලාහ්ගෙන් අපට ලැබුනු ඒ ඉස්ලාමය සාර්ථකබව මේ වනවිට ඔප්පුවී හමාරයි.

ඉස්ලාම් දහම සහ අරාබි බස හරහා ලංකාවත් මෙම ඒකීය ශිෂ්ඨාචාරයට එක්කල හැකිබව සහතිකයි.

ඉස්ලාමයේ ඒකීයත්වය හා එක්වී ජීවිතය ජයගන්න ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.
ආමින්!
Anonymous said…
මෙය ඒකීය නොව ඒ කීය ලෙස නිවැරිදි විය යුතුය.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...