Skip to main content

මියන්මාරයේ මොකෝ වෙන්නේ ?

  



බුරුමය හෙවත් මියන්මාරය  අද එකම ගිනි ජාලාවකි. ඉකුත් පෙබරවාරි 1 දා එරට හමුදාව සිවිල් පාලනය පෙරලා දමා  බලහත්කාරයෙන් පාලන බලය අත්පත් කර ගත්තේය 


 ඊට දින දෙක තුනකට  පසු මහජනයා වීදිවලට පැමිණ හමුදා කුමන්ත්‍රණයට සිය විරෝධය පළකරන්නට පටන් ගත්හ  . මේ වන විට මියන්මාර හමුදා පාලනයට එරෙහිව රටේ 80%කට අධික ජනතාවක්  සිය විරෝධය පළකරමින් සිටිති  පාලනය උදුරා ගැනීමට එරෙහිව  ලක්ෂ ගණන් ජනයා මේ වන විට  විරෝධය පළකර තිබේ  එය මර්ධනය කිරීමට හමුදා ජුන්ටා  පාලනය  දිනපතාම පාහේ මිනිසුන් මරා දමමින් සිටි  මේ වන විට 60 කට අධික පිරිසක් විදිවලදී වෙඩි තබා ඝාතනය කර ඇත. ජාතික ප්‍රජාතනත්‍රවාදී සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වදහිංසා කොට මර දමා තිබේ  දෙවන මන්ත්‍රීවරයා මරා දමා තිබුනේ අද පාන්දරය 

මේ  වන විට    2000 කට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . එහෙත් මරණය හමුවේ දහ දහස් ගණනක් ජනයා දිනපතාම මහමගට බැස  අවුන් සාන් සුකී නිදහස් කොට ප්‍රජාතනත්‍රවාදී පාලනය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් කෑගසති . 


ඉස්සර අපි මියන්මාරය හැඳින්වූවේ  බුරුමය කියාය.  ඉංග්‍රීසියෙන් කියන්නේ බර්මා (Burma) කියාය. බුරුමය, මියන්මාරය කියා වෙනස් කරේ 1989 දී  හමුදා පාලනය විසිනි මේ නිසා හමුදා පාලනයට එකඟ නොවෙන අය එය බුරුමය ලෙස තවමත් හඳුන්වති

 




බුරුමයේ අතීතය ගැන බිඳක් .


 

බ්‍රිතාන්යය සහ බුරුමය අතර ඇතිවූ යුද්ධ ගණනාවකින් පසු 1886 ජනවාරි 1 සිට බුරුමය මුළුමනින්ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්කරගනු ලැබිණ .


දෙවන ලෝක යුද සමයේදී  බ්‍රිතාන්‍ය  පාලනයට එරෙහිව බුරුම වැසියන් ජපානයේ සහයෙන් බුරුම නිදහස් හමුදාව නමින් හමුදාවක් ගොඩ නැගු අතර එහි එක නායකයෙකු වුයේ අවුන් සාන් සුකීගේ පියා වන අවුන් සාන් ය . බුරුම නිදහස් හමුදාවේ සහයද ලබාගනිමින්  ජපානය, බුරුමය අල්ලාගත්  අතර නාමික නිදහසක් ජපානය බුරුමයට ලබා දෙනු  ලැබිණ.


 එහෙත් පසුව අවුන් සාන් බ්‍රිතාන්‍යය හා එකතුව ජපානයට එරෙහිව සටන් කොට ජපනුන් බුරුම දේශයෙන් පලවා හරිනු ලැබිණ .


1948 ජනවාරි 4 වනදා බුරුමයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබිණ.  බුරුමයේ සුළු ජනවර්ග කණ්ඩායම් තම ප්‍රදේශවලට ස්වයන් බලතල ඉල්ලා අරගල කරන්නට ආරම්භ කළ අතර හමුදාව 1962 මාර්තු 2 වනදා  කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අල්ලාගත්තේය ජනරාල් නේ වින් හමුදා පාලකයා විය .


1962 සිට 2011 දක්වා බුරුමය පාලනය කරන ලද්දේ හමුදාව විසිනි මේ කාලය තුල විවිධ අවස්ථාවලදී මහජනයා හමුදා පාලනයට එරෙහිව සටන් කළ අතර ඒ සියල්ල හමුදාව විසින් මිනිමරා යටපත් කරනු ලැබිණ .1988 දී ද  8888 යන නමින් හඳුන්වන මහජන නැගිටීමක් සිදුවිය එහිදී හමුදා පාලනය විසින්  විරෝධය දැක්වුවන් දහස්  ගණනක්  මරා දමනු ලැබිය 


1990 දී මහා මැතිවරණයක් පැවැත්වූ අතර 80% ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ අවුන් සාන් සුකීගේ   ජාතික ප්‍රජාතනත්‍රවාදී සන්ධානයයි  , එහෙත් හමුදාව එම සන්ධානයට බලය නොදී දිගටම එරට පාලනය කළේය 


2007 දී තෙල් මිල විශාල වශයෙන් වැඩි කිරීම හේතුවෙන් රට පුරා විරෝධතා ඇති විය. භික්ෂුන් එයට නායකත්වය දුන් බැවින් එය සිවුරු විප්ලවය නමින් හැඳින්වේ . හමුදාව  විරෝධතා කරුවන් මරා  දමා  එයද මර්ධනය  කළේය .

  

1948 නිදහස ලැබූ වසරේ සිටීම රටේ සාමයක් තිබුනේ නැත ඊට එක හෙතුවක්  වුයේ බුරුමයේ සිටින ජනවර්ග ස්වයන් පාලන ඉල්ලා දිගින් දිගටම සටන් කිරීම නිසාය .

 

බුරුමයේ ජනවර්ග කණ්ඩායම් 135ක් සිටින බව එරට රාජ්‍යය විසින් පිළිගෙන තිබේ .එහෙත් ඔවුහු  ප්‍රදේශය අනුව  ප්‍රධාන කණ්ඩායම් 8 කට ගොනුවී සිටිති ඔවුහු භාෂාවන් 64ක් කතා කරන අතර ප්‍රධාන ජනවර්ගය  බර්මා වරුය  . ඔවුන්ගේ භාෂාව බර්මා භාෂාවයි බුරුමයේ ජනගහනයෙන් 68%ක් වන්නේ බර්මාවරුය .


සුළු ජනවර්ග විසින් සන්නද්ධ සංවිධාන ගණනාවක් හදාගෙන බුරුම හමුදාව සමග කලක සිට සටන් කරමින් සිටිති ඇතැම් කණ්ඩායම් හමුදාව සමග සටන් විරාම ගිවිසුම් වලට එළඹී සිටිති .


හමුදා පාලනය විසින් නව ව්‍යවස්ථාවක්  2008 වසරේදී සම්මත කරගෙන බුරුමය මියන්මාරය බවට නම් කරන ලදී ඉන්පසු 2010 දී මහා මැතිවරණයක් පැවැත්වූ අතර හමුදාවට  අතකොළුවක් වූ දේශපාලන පක්ෂයක්  විසින් මැතිවරණය ජයගන්නා ලදී එහෙත් එම මැතිවරණය දුෂිත එකක් ලෙස අනෙකුත් පක්ෂ විසින් හඳුන්වනු ලැබිය 


2015 දී යලිත් මහා මැතිවරණයක් පැවැත්වූ අතර  එහිදී අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජතන්ත්රවාදී සන්ධානය ඇති බහුතර බලයක් ලබාගත්තේය .


2020 වසරේදී යලිත්මහ මැතිවරණයක් පැවැත්වූ අතර එහිදී ආසන 476න් 396ක්  ජයග්‍රහණය කරමින්  අති  බහුතර බලයක් ලබාගත්තේ  අවුන් සාන් සුකීගේ ජාතික  ප්‍රජාතන්ත්රවාදී   සන්ධානයයි  හමුදාවේ රූකඩයක් වූ සංවර්ධනය   සහ සහයෝගිතාවය  සංගමයට හිමිවුයේ ආසන 33ක් පමණි.

 

නව පාර්ලිමේන්තුව  රැස්වී දිව්රුම්  දීමට නියමිතව තිබුනේ 2021 පෙබරවාරි 1 දින හමුදාව කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලාගෙන අවුන් සාන්  සුකී සහ එහි ජනාධිපතිවරයා නිවාස අඩස්සියට  පත් කරනු ලැබිය 


අවුන් සාන් සුකී රට පාලනය කල කාලය තුලදී ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා වැඩ කරන ජනයා වෘත්තිය සමිති පිහිවුවා  ගත්  අතර මාධ්‍ය නිදහස ලැබුණු බැවින් නිදහස් මාධ්‍ය  ගණනාවක් ද  රටේ ඇරඹින ශිෂ්‍ය සංවිධාන මෙන්ම වෙනත් බහුජන සංවිධානද ආරම්භ කරනු ලැබිණ  මෙවර හමුදාව බලය උදුරැගත් විට එයට එරෙහිව මහජනයා  පාරට බැස සිටින්නේ එම සංවිධානවල මෙහෙයවීමෙනි . එමෙන්ම තමන් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හමුදාව විසින් උදුරා ගැනීම මහජනයා  විසින් තව දුරටත්  නොයිවසන බව පැහැදිලිය වෙනද මෙන් මිනිසුන් මර්දනය කිරීම පහසු වී නැත්තේ අන්තර්ජාලය හරහා එරට ජනයා මාධ්‍යවේදීන්  බවට වෙමින් මුළු ලොවටම හමුදාවේ කෘරත්වය පෙන්වමින් සිටින බැවිනි .


බුරුමයේ හෙවත් මියන්මාරයේ අනාගතය කෙසේ වේද ? මේ පිළිබඳව මීළඟ ලිපියෙන් කතා කරමු .










Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...