Skip to main content

මියන්මාරයේ මොකෝ වෙන්නේ ?

  



බුරුමය හෙවත් මියන්මාරය  අද එකම ගිනි ජාලාවකි. ඉකුත් පෙබරවාරි 1 දා එරට හමුදාව සිවිල් පාලනය පෙරලා දමා  බලහත්කාරයෙන් පාලන බලය අත්පත් කර ගත්තේය 


 ඊට දින දෙක තුනකට  පසු මහජනයා වීදිවලට පැමිණ හමුදා කුමන්ත්‍රණයට සිය විරෝධය පළකරන්නට පටන් ගත්හ  . මේ වන විට මියන්මාර හමුදා පාලනයට එරෙහිව රටේ 80%කට අධික ජනතාවක්  සිය විරෝධය පළකරමින් සිටිති  පාලනය උදුරා ගැනීමට එරෙහිව  ලක්ෂ ගණන් ජනයා මේ වන විට  විරෝධය පළකර තිබේ  එය මර්ධනය කිරීමට හමුදා ජුන්ටා  පාලනය  දිනපතාම පාහේ මිනිසුන් මරා දමමින් සිටි  මේ වන විට 60 කට අධික පිරිසක් විදිවලදී වෙඩි තබා ඝාතනය කර ඇත. ජාතික ප්‍රජාතනත්‍රවාදී සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වදහිංසා කොට මර දමා තිබේ  දෙවන මන්ත්‍රීවරයා මරා දමා තිබුනේ අද පාන්දරය 

මේ  වන විට    2000 කට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . එහෙත් මරණය හමුවේ දහ දහස් ගණනක් ජනයා දිනපතාම මහමගට බැස  අවුන් සාන් සුකී නිදහස් කොට ප්‍රජාතනත්‍රවාදී පාලනය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් කෑගසති . 


ඉස්සර අපි මියන්මාරය හැඳින්වූවේ  බුරුමය කියාය.  ඉංග්‍රීසියෙන් කියන්නේ බර්මා (Burma) කියාය. බුරුමය, මියන්මාරය කියා වෙනස් කරේ 1989 දී  හමුදා පාලනය විසිනි මේ නිසා හමුදා පාලනයට එකඟ නොවෙන අය එය බුරුමය ලෙස තවමත් හඳුන්වති

 




බුරුමයේ අතීතය ගැන බිඳක් .


 

බ්‍රිතාන්යය සහ බුරුමය අතර ඇතිවූ යුද්ධ ගණනාවකින් පසු 1886 ජනවාරි 1 සිට බුරුමය මුළුමනින්ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්කරගනු ලැබිණ .


දෙවන ලෝක යුද සමයේදී  බ්‍රිතාන්‍ය  පාලනයට එරෙහිව බුරුම වැසියන් ජපානයේ සහයෙන් බුරුම නිදහස් හමුදාව නමින් හමුදාවක් ගොඩ නැගු අතර එහි එක නායකයෙකු වුයේ අවුන් සාන් සුකීගේ පියා වන අවුන් සාන් ය . බුරුම නිදහස් හමුදාවේ සහයද ලබාගනිමින්  ජපානය, බුරුමය අල්ලාගත්  අතර නාමික නිදහසක් ජපානය බුරුමයට ලබා දෙනු  ලැබිණ.


 එහෙත් පසුව අවුන් සාන් බ්‍රිතාන්‍යය හා එකතුව ජපානයට එරෙහිව සටන් කොට ජපනුන් බුරුම දේශයෙන් පලවා හරිනු ලැබිණ .


1948 ජනවාරි 4 වනදා බුරුමයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබිණ.  බුරුමයේ සුළු ජනවර්ග කණ්ඩායම් තම ප්‍රදේශවලට ස්වයන් බලතල ඉල්ලා අරගල කරන්නට ආරම්භ කළ අතර හමුදාව 1962 මාර්තු 2 වනදා  කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අල්ලාගත්තේය ජනරාල් නේ වින් හමුදා පාලකයා විය .


1962 සිට 2011 දක්වා බුරුමය පාලනය කරන ලද්දේ හමුදාව විසිනි මේ කාලය තුල විවිධ අවස්ථාවලදී මහජනයා හමුදා පාලනයට එරෙහිව සටන් කළ අතර ඒ සියල්ල හමුදාව විසින් මිනිමරා යටපත් කරනු ලැබිණ .1988 දී ද  8888 යන නමින් හඳුන්වන මහජන නැගිටීමක් සිදුවිය එහිදී හමුදා පාලනය විසින්  විරෝධය දැක්වුවන් දහස්  ගණනක්  මරා දමනු ලැබිය 


1990 දී මහා මැතිවරණයක් පැවැත්වූ අතර 80% ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ අවුන් සාන් සුකීගේ   ජාතික ප්‍රජාතනත්‍රවාදී සන්ධානයයි  , එහෙත් හමුදාව එම සන්ධානයට බලය නොදී දිගටම එරට පාලනය කළේය 


2007 දී තෙල් මිල විශාල වශයෙන් වැඩි කිරීම හේතුවෙන් රට පුරා විරෝධතා ඇති විය. භික්ෂුන් එයට නායකත්වය දුන් බැවින් එය සිවුරු විප්ලවය නමින් හැඳින්වේ . හමුදාව  විරෝධතා කරුවන් මරා  දමා  එයද මර්ධනය  කළේය .

  

1948 නිදහස ලැබූ වසරේ සිටීම රටේ සාමයක් තිබුනේ නැත ඊට එක හෙතුවක්  වුයේ බුරුමයේ සිටින ජනවර්ග ස්වයන් පාලන ඉල්ලා දිගින් දිගටම සටන් කිරීම නිසාය .

 

බුරුමයේ ජනවර්ග කණ්ඩායම් 135ක් සිටින බව එරට රාජ්‍යය විසින් පිළිගෙන තිබේ .එහෙත් ඔවුහු  ප්‍රදේශය අනුව  ප්‍රධාන කණ්ඩායම් 8 කට ගොනුවී සිටිති ඔවුහු භාෂාවන් 64ක් කතා කරන අතර ප්‍රධාන ජනවර්ගය  බර්මා වරුය  . ඔවුන්ගේ භාෂාව බර්මා භාෂාවයි බුරුමයේ ජනගහනයෙන් 68%ක් වන්නේ බර්මාවරුය .


සුළු ජනවර්ග විසින් සන්නද්ධ සංවිධාන ගණනාවක් හදාගෙන බුරුම හමුදාව සමග කලක සිට සටන් කරමින් සිටිති ඇතැම් කණ්ඩායම් හමුදාව සමග සටන් විරාම ගිවිසුම් වලට එළඹී සිටිති .


හමුදා පාලනය විසින් නව ව්‍යවස්ථාවක්  2008 වසරේදී සම්මත කරගෙන බුරුමය මියන්මාරය බවට නම් කරන ලදී ඉන්පසු 2010 දී මහා මැතිවරණයක් පැවැත්වූ අතර හමුදාවට  අතකොළුවක් වූ දේශපාලන පක්ෂයක්  විසින් මැතිවරණය ජයගන්නා ලදී එහෙත් එම මැතිවරණය දුෂිත එකක් ලෙස අනෙකුත් පක්ෂ විසින් හඳුන්වනු ලැබිය 


2015 දී යලිත් මහා මැතිවරණයක් පැවැත්වූ අතර  එහිදී අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජතන්ත්රවාදී සන්ධානය ඇති බහුතර බලයක් ලබාගත්තේය .


2020 වසරේදී යලිත්මහ මැතිවරණයක් පැවැත්වූ අතර එහිදී ආසන 476න් 396ක්  ජයග්‍රහණය කරමින්  අති  බහුතර බලයක් ලබාගත්තේ  අවුන් සාන් සුකීගේ ජාතික  ප්‍රජාතන්ත්රවාදී   සන්ධානයයි  හමුදාවේ රූකඩයක් වූ සංවර්ධනය   සහ සහයෝගිතාවය  සංගමයට හිමිවුයේ ආසන 33ක් පමණි.

 

නව පාර්ලිමේන්තුව  රැස්වී දිව්රුම්  දීමට නියමිතව තිබුනේ 2021 පෙබරවාරි 1 දින හමුදාව කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලාගෙන අවුන් සාන්  සුකී සහ එහි ජනාධිපතිවරයා නිවාස අඩස්සියට  පත් කරනු ලැබිය 


අවුන් සාන් සුකී රට පාලනය කල කාලය තුලදී ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා වැඩ කරන ජනයා වෘත්තිය සමිති පිහිවුවා  ගත්  අතර මාධ්‍ය නිදහස ලැබුණු බැවින් නිදහස් මාධ්‍ය  ගණනාවක් ද  රටේ ඇරඹින ශිෂ්‍ය සංවිධාන මෙන්ම වෙනත් බහුජන සංවිධානද ආරම්භ කරනු ලැබිණ  මෙවර හමුදාව බලය උදුරැගත් විට එයට එරෙහිව මහජනයා  පාරට බැස සිටින්නේ එම සංවිධානවල මෙහෙයවීමෙනි . එමෙන්ම තමන් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හමුදාව විසින් උදුරා ගැනීම මහජනයා  විසින් තව දුරටත්  නොයිවසන බව පැහැදිලිය වෙනද මෙන් මිනිසුන් මර්දනය කිරීම පහසු වී නැත්තේ අන්තර්ජාලය හරහා එරට ජනයා මාධ්‍යවේදීන්  බවට වෙමින් මුළු ලොවටම හමුදාවේ කෘරත්වය පෙන්වමින් සිටින බැවිනි .


බුරුමයේ හෙවත් මියන්මාරයේ අනාගතය කෙසේ වේද ? මේ පිළිබඳව මීළඟ ලිපියෙන් කතා කරමු .










Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා