Skip to main content

සුද්දෙක් කී කතාවක්



Features | Sundayobserver.lk - Sri Lanka

මේ කතාව මට කිව්වේ අපේ හාමිනේය අපේ හාමිනේ රස්සාව කලේ අගලවත්තේ පිහිටි ශ්රී ලංකා රබර් පර්යේෂණායතනයේය.


මීට අවුරුදු 15 කට පෙර අවුරුදු 90 ත් පැන්න සුද්දෙක් සිය හාමිනේත් දුවත් සමග රබර් පර්යේෂණායතනයට ආවේය .


දුව ආ විගස පිටිපස්සට දිව්වාය. ටිකකින් ආපසු ආවාය


" මම උපන්නේ ඔය පිටිපස්සේ තියෙන ගෙයි. ඒක බලන්නයි මම දුවල ගියේ " දු කීවාය


වයසක සුද්දා දුව සමග කඳු පල්ලම් නගිමින් බසිමින් ආයතනයේ සියලු ප්රධාන ස්ථාන දෙස බලමින් අතීතය සිහි කළේය .


සුද්දාගේ නම මොල්රිච් ය ඔහු රබර් පර්යේෂණායතනයේ සිටි පළවෙනි ප්රධාන පරිපාලන නිලධාරියාය . 1948 තෙක් මෙහි සේවය කළ ඔහු සිය පවුල සමග ඕස්ට්රේලියාවේ පදිංචියට ගියේය .


ඔහු මෙවර එහි සිට ලංකාවට ආවේ තමන් සේවය කල ස්ථානය බලා සතුටක් ලබන්නටය .
හැමතැනම ඇවිද බැලීමෙන් පසු පර්යේෂණායතනයේ නිලධාරිහු මොල්රිච් ට සහ පවුලේ අයට තේ පැන් සංග්රහයක් කළහ .


තේ බොන ගමන් ඔහු පරණ කතාවක් කිවේය .


ඒ කාලේ උදේ 8 ට මේ ආයතනයේ වැඩ පටන් ගත්තේ . විනාඩියක් පරක්කු වෙලා ආවොත් මම දඩ ගහනවා .


1948 පෙබරවාරි 5 වෙනිදා මම ඔෆිස් එකේ ඉන්න කොට ක්ලාක් කෙනෙක් වැඩට ආවේ 10 ට . ඇවිල්ල 7.59 දාල අත්සන් කළා .ඔයිට කලින් කිසිම දවසක කිසි කෙනෙක් ඔහොම කරලා නැහැ .මන් ඇහුව "තමුසේ මොකද බොරු වෙලාවක් දැම්මේ ?බලනවා, දැන් වෙලාව දහයයි .තමුසේ 7.59 දාල මෙතන අස්සන් කළා "


ලිපිකරුවා අත් ඔරලෝසුව ගලවා කටු ආපසු කරකවා වෙලාව පෙන්නුවේය .වෙලාව 8 ය .


තමුසේ කටු ආපහු කරකවල කාවද රවට්ටන්න හදන්නේ .?මොල්රිච් ඇසුවේය .


කලින් දින ලංකාවට නිදහස ලැබුණු බව මොල්රිච් ට සිහිපත් කර දුන් ලිපිකරුවා සිටියේ ඔලුව උදුම්මාගෙනය .ඔහු සුද්දාට මෙසේ කිය.


"My wrist watch
My time
My country "


එසේ කිව් දේශප්රේමී සිංහල ලිපිකරුවා ආඩම්බරයෙන් කාර්යාලය තුලට ගොස් ඔහුගේ ආසනයේ වාඩි විය
--------------------------------------------------
ඊළඟ වසර දෙක තුන තුලදී පර්යේෂණායතනයේ සේවය කළ සුද්දෝ සියල්ලෝම රැකියා වලින් අස් වී තම තමන්ගේ රටවලට ආපසු ගීයහ .

News : Rubber Reaserch Institute of Sri Lanka

Comments

හ්ම්.ඔහොම වැඩ කරලා ආයතනය ඔය ගානින් බේරුනා ඇති.
Anonymous said…
ඒක දැක්ක දෙමළ ලිපිකරුවෙක් සිංහල ලිපිකරුවා කලදේ වෙනුවෙන් සුදු මහත්තයගෙන් සමාව ඉල්ලුවා.

83 කළු ජූලිය වෙලාවේ ඒ දෙමළ ලිපිකරුවා පවුල පිටින් මරලා දාලා තිබුනා
Pra Jay said…
+++++++++++++++++++++++
Anonymous said…
We are still enjoying that 'WAL BOORU' freedom, LOL
town arachchi said…
දැන් ඒ " my country " යෙ සෑහෙන කොටසක් සුද්දන්ට , චිනට , ඉන්දියාවට , ඇමෙරිකාවට විකුණලා .සිංහලය හැමදාම ලොකුකම ගැන කියවනව විතරයි. "සිංහලයා මෝඩයා ----කැවුම් කන්න යෝදයා '
town arachchi
1.ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
සිංහලයෝ යනු රටක් නැති ජාතියක්.

"සිංහලයා මෝඩයා ----කැවුම් කන්න යෝදයා ' මෙම ප්‍රකාශය සිංහල බස මව්බස නොවුනු කෙනෙක් හැදු එකක් වියයුතුයි. සිංහල බසේ ‘the‘ කියන වචනයට සමාන යෙදුමක් නෑ. එමනිසා ඉහත ප්‍රකාශය සිංහලබසෙන් කිව යුත්තේ
සිංහලයෝ මෝඩයෝය, කැවුම් කන්න යෝධයෝය
යනුවෙන් බහු වචනයෙනි.

Anonymous said...
August 30, 2020 at 10:16 PM
උගෙ අයියගෙ පුතාගේ ඉඩම සිංහල හමුදාව අල්ලාගෙන
:D

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...