Skip to main content

සුද්දෙක් කී කතාවක්



Features | Sundayobserver.lk - Sri Lanka

මේ කතාව මට කිව්වේ අපේ හාමිනේය අපේ හාමිනේ රස්සාව කලේ අගලවත්තේ පිහිටි ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේය.


මීට අවුරුදු 15 කට පෙර අවුරුදු 90 ත් පැන්න සුද්දෙක් සිය හාමිනේත් දුවත් සමග රබර් පර්යේෂණායතනයට ආවේය .


දුව ආ විගස පිටිපස්සට දිව්වාය. ටිකකින් ආපසු ආවාය


" මම උපන්නේ ඔය පිටිපස්සේ තියෙන ගෙයි. ඒක බලන්නයි මම දුවල ගියේ " දු කීවාය


වයසක සුද්දා දුව සමග කඳු පල්ලම් නගිමින් බසිමින් ආයතනයේ සියලු ප්‍රධාන ස්ථාන දෙස බලමින් අතීතය සිහි කළේය .


සුද්දාගේ නම මොල්රිච් ය ඔහු රබර් පර්යේෂණායතනයේ සිටි පළවෙනි ප්‍රධාන පරිපාලන නිලධාරියාය . 1948 තෙක් මෙහි සේවය කළ ඔහු සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය .


ඔහු මෙවර එහි සිට ලංකාවට ආවේ තමන් සේවය කල ස්ථානය බලා සතුටක් ලබන්නටය .
හැමතැනම ඇවිද බැලීමෙන් පසු පර්යේෂණායතනයේ නිලධාරිහු මොල්රිච් ට සහ පවුලේ අයට තේ පැන් සංග්‍රහයක් කළහ .


තේ බොන ගමන් ඔහු පරණ කතාවක් කිවේය .


ඒ කාලේ උදේ 8 ට මේ ආයතනයේ වැඩ පටන් ගත්තේ . විනාඩියක් පරක්කු වෙලා ආවොත් මම දඩ ගහනවා .


1948 පෙබරවාරි 5 වෙනිදා මම ඔෆිස් එකේ ඉන්න කොට ක්ලාක් කෙනෙක් වැඩට ආවේ 10 ට . ඇවිල්ල 7.59 දාල අත්සන් කළා .ඔයිට කලින් කිසිම දවසක කිසි කෙනෙක් ඔහොම කරලා නැහැ .මන් ඇහුව "තමුසේ මොකද බොරු වෙලාවක් දැම්මේ ?බලනවා, දැන් වෙලාව දහයයි .තමුසේ 7.59 දාල මෙතන අස්සන් කළා "


ලිපිකරුවා අත් ඔරලෝසුව ගලවා කටු ආපසු කරකවා වෙලාව පෙන්නුවේය .වෙලාව 8 ය .


තමුසේ කටු ආපහු කරකවල කාවද රවට්ටන්න හදන්නේ .?මොල්රිච් ඇසුවේය .


කලින් දින ලංකාවට නිදහස ලැබුණු බව මොල්රිච් ට සිහිපත් කර දුන් ලිපිකරුවා සිටියේ ඔලුව උදුම්මාගෙනය .ඔහු සුද්දාට මෙසේ කිය.


"My wrist watch
My time
My country "


එසේ කිව් දේශප්‍රේමී සිංහල ලිපිකරුවා ආඩම්බරයෙන් කාර්යාලය තුලට ගොස් ඔහුගේ ආසනයේ වාඩි විය
--------------------------------------------------
ඊළඟ වසර දෙක තුන තුලදී පර්යේෂණායතනයේ සේවය කළ සුද්දෝ සියල්ලෝම රැකියා වලින් අස් වී තම තමන්ගේ රටවලට ආපසු ගීයහ .

News : Rubber Reaserch Institute of Sri Lanka

Comments

හ්ම්.ඔහොම වැඩ කරලා ආයතනය ඔය ගානින් බේරුනා ඇති.
Anonymous said…
ඒක දැක්ක දෙමළ ලිපිකරුවෙක් සිංහල ලිපිකරුවා කලදේ වෙනුවෙන් සුදු මහත්තයගෙන් සමාව ඉල්ලුවා.

83 කළු ජූලිය වෙලාවේ ඒ දෙමළ ලිපිකරුවා පවුල පිටින් මරලා දාලා තිබුනා
Pra Jay said…
+++++++++++++++++++++++
Anonymous said…
We are still enjoying that 'WAL BOORU' freedom, LOL
town arachchi said…
දැන් ඒ " my country " යෙ සෑහෙන කොටසක් සුද්දන්ට , චිනට , ඉන්දියාවට , ඇමෙරිකාවට විකුණලා .සිංහලය හැමදාම ලොකුකම ගැන කියවනව විතරයි. "සිංහලයා මෝඩයා ----කැවුම් කන්න යෝදයා '
town arachchi
1.ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
සිංහලයෝ යනු රටක් නැති ජාතියක්.

"සිංහලයා මෝඩයා ----කැවුම් කන්න යෝදයා ' මෙම ප්‍රකාශය සිංහල බස මව්බස නොවුනු කෙනෙක් හැදු එකක් වියයුතුයි. සිංහල බසේ ‘the‘ කියන වචනයට සමාන යෙදුමක් නෑ. එමනිසා ඉහත ප්‍රකාශය සිංහලබසෙන් කිව යුත්තේ
සිංහලයෝ මෝඩයෝය, කැවුම් කන්න යෝධයෝය
යනුවෙන් බහු වචනයෙනි.

Anonymous said...
August 30, 2020 at 10:16 PM
උගෙ අයියගෙ පුතාගේ ඉඩම සිංහල හමුදාව අල්ලාගෙන
:D

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...