Skip to main content

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හාමිනේ


Melania Trump's strange legwear ends year of curious outfits

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නෝනා මෙලනියා ට්‍රම්ප් වතුර ගෙන ඒමට දිනපතා උදේ හවස අල්ලපු වත්තට යන්නීය ඊට හේතුව ධවල මන්දිරය තිබෙන භුමියේ ලිඳේ වතුර කිවුල් රහ නිසාය .ඇය එම ලිඳේ වතුර පාවිච්චි කරන්නේ රෙදි සේදීමට, වලන් පිගන් සේදීමට ආදි වැඩ වලට පමණි.


අල්ලපු ගෙදරට වතුර ගෙන එන්නට ඇය ගිය විට එම නිවසේ සිටින කාන්තාව මෙලනියා සමග ඕප දුප කතා කරන්නට නොවරදවාම එන්නීය ගිය සතියේ ඉරිදා හැන්දෑවේ වතුර ගෙන ඒමට ගිය විට මෙලනියා යන විට අල්ලපු ගෙදර කාන්තාව හෙවත් ජේන් ලිඳ ළඟ සිටියාය


"ඔයාගේ මහත්තය මේ දවස්වල චීනෙට ලවක්දෙවක් නැතිව බනින්නේ ඇයි අනේ ?අමු කැවිලද කියල හුඟක් අය අහනව ' ජේන් ඇසුවාය


"මේකනෙ ජේන් , අපේ මිනිහගේ ගොන් කම් නිසා මේ රටේ මිනිස්සු ලස්සෙකට වඩා කොරෝන වලින් මැරුනනේ. ඉතින් ලබන සැරේ චන්දෙ ඉල්ලන්නේ නැහැ කිව්වා ඉල්ලලා පරදින්න බැහැ කියල "


Melania Trump Might Actually Wield More Power in the White House ...

"ඉතින් චීනෙට බනින්නේ මොකද ? චීනේ මොකක්ද කරපු වැරැද්ද ?"


"මෙහෙමයිනේ අනේ, එයාගේ උපදේශකයෝ දීපු උපදෙස් නේ "


"නල්ලමලේ උපදේශකයෝ තමයි එයාටත් ඉන්නේ .උන් මොනවද කියල තියෙන්නේ "ජේන් ඇසුවාය .


"ඒ අය කියල කොරෝනවලින් මිනිස්සු මැරිච්ච එක තමන්ගේ ගොන්කම් වලින් උනා කියන එක වහගන්න තියෙන හොඳම ක්‍රමේ චීනෙට බනින එක කියල . මේ ලෙඩේ විස්තර චීනේ හංගපු නිසා ඇමරිකාවට බෝ උනා කියල එක දිගට බනින්න කියල. එහෙම දිගටම බැනගෙන බැනගෙන බැනගෙන යන කොට මිනිස්සු ඒක පිළිඅරගෙන ලබන සැරෙත් අපේ මහත්තයට චන්දෙ දෙයි කියල "


"ඔව් අනේ ඇමරිකාවේත් ඉතින් සැහෙන්න බය්යෝ ඉන්නවනේ .උන් නිකාම්මම අහුවෙනවා " ජේන් කිව්වාය


"බායි මෙලනියා "


"බායි ජේන් "


මැටි කලයට වතුර පුරවා ඉනේ තබා ගත් මෙලනියා උකුල දෙපසට පද්දවමින් ධවල මන්දිරය දෙසට ලැසි ගමනින් ගියාය .


Comments

චීනය කියන්නේ සිංහල සංස්කෘතිය ලංකාවේ විශේෂ සංස්කෘතිය ලෙස පිලිගන්න රාජ්‍යයක්.

ඒ නිසා අනිවාර්යයෙන්ම චීනය ඇමරිකාවට වඩා යහපත් රටක්.
Anonymous said…
ට්‍රම්ප් බනින විට චීනෙට
ඒ බව දුටුවිට උදේට
හරිම පුදුම සතුටක්
මගේ හිතට ගලා එනවා

බඩු ටික ගන්නට හවසට
කඩේට මං ගොඩ උනාම
ලාබෙට ඇති චීන බඩුව
ළඟ මා නවතිනවා
Anonymous said…
මැරුණ මිනිසුන් ගැන ගුණ කථනය කරන්න ඕනි නැහැ. රසිකගේ ලිපියේ අවසානයට සදහන් තැනැත්තා උග්‍ර ජාතිවාදියෙක්. දේශපාලන ගැත්තෙක්. ඒ බලය හිසේ තියාගෙන ඔළුව උදුමවාගෙන, තමුන්ගේ රක්ෂාවෙ තිබිය යුතු ගුණාංග පවා හැල්ලුවට ලක්කරපු අයෙක්. මට නං මේ කෙනාගේ මරණය දැනගන්නට ලැබුනම අප්‍රියන්ගෙන් වෙන්වීමේ සතුටක් දැනුනේ.

මේ තියෙන්නේ මේ කෙනා ෆේස්බුක් ඔස්සේ වපුරපු වෛරී සහගත අදහස්.


මගේ යාලුවෙක් බිත්තර පාන් කාලා මලා කිව්වැකි රසිකට දැන්.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...