Skip to main content

මී ළඟ ජනාධිපති අගමැතිගේ රුකඩයක් ද ?නැද්ද?



Image result for ANURA KUMARA SAJITH PREMADAASA GOTABHYA RAJAPAKSHA


     මී ළඟ ජනාධිපතිට ආරක්ෂක අමාත්යංශය පවා නොමැති බව පසුගිය දිනක ජනාධිපතිවරයා කියා සිටියේය ඊට හේතුව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බොහෝ බලතල අහෝසි කර දැමීම නිසාය . සිරිසේන මහතාට අමාත්‍යංශ  කීපයක් දී තිබුණේ ඔහුගේ සේවා කාලය  අවසන් වන තුරු පමණය.

 

     එහෙත් ජනාධිපති වීම සඳහා තිබෙන්නේ පොරයකි.  රන්ඩු  සරුවල් වෙමින් ,   ජනාධිපති  අපේක්ෂකයා වීමට  මේ තරම් වලිකන්නේ මන්දැයි දැනගැනීම කාටත් හොඳය  . එම තනතුර එතරම්ම මිහිරිද ? පැණි කන්ටේනරයක්ද?



19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මීන් පසු බලයට  පත්වන ජනාධිපතිවරුන්ට තිබෙන බලතල මොනවාද ?  

මේ ලිපිය සකස්  කරේ අනාගත  ජනාධිපතිවරුන්ට තිබෙන බලතල මොනවාදැයි  මගේ ලිපි කියවන අය දැනුවත් කිරීමටය  . ලිපියට පාදක කරගත්තේ 19 වන ව්‍යවස්ථා   සංශෝධනයයි .

Image result for 19 ව්‍යවස්ථා සංශෝධනය



අනාගත ජනාධිපතිවරුන්ට හිමිවන  බලතල පහත දැක්වේ 


1 ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ මුලසුන දරයි .එහෙත් ඔහුට කිසිදු අමාත්‍යංශයක් හිමි නොවේ 

2 පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්රී සංඛ්යාවකගේ විශ්වාසය ඇතැයි ජනාධිපතිට සිතෙන මත්රිවරයා අගමැති ලෙස පත් කළ යුතුය .


3 අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය සහ නියෝජ්ය ඇමතිවරු පත් කිරීම අස්කිරීම කල යුතුය.


4 ඇමති මණ්ඩලයේ ලේකම් වරයා සහ අග්රාමාත්ය ලේකම් වරයා ජනාධිපති විසින් පත් කල යුතුය .


5 අගමැති ගේ උපදෙස් අවශ්ය අවස්ථාවල එම උපදස් ලබා ගෙන ඇමතිවරුන්ගේ විෂයන් මාරු කිරීමට ජනාධිපතිට පුළුවන .


6 ව්යවස්ථා දායක සභාවේ නිර්දේශ පරිදි ජනාධිපති විසින් රාජ්ය සේවා කොමිෂන් සභාව පත්කළ යුතුය .


7 ත්රිවිධ හමුදා ප්රධානින් පත් කිරීමේ බලය ජනාධිපති සතුවේ.


8 ව්යවස්ථා දායක සභාවේ අනුමැතියෙන් පොලිස්පති සහ නීතිපති පත් කරනුයේ ජනාධිපති විසිනි.


9 ව්යවස්ථා දායක සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු මහා ලේකම් වරයා පත් කරනුයේ ජනාධිපති විසිනි .


10 පාර්ලිමේන්තුව කැඳවීමට සහ කල් දැමීමට ජනධිපතිට බලය ඇත .


11 පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පවත්වපු දිනයේ සිට වසර හතරහමාරකින් පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට හැකිය.


12 ව්යවස්ථාදායක සභාවේ නිර්දේශ අනුව ජනාධිපති විසින් මැතිවරණ කොමිසම පත් කල යුතුය.


13 ව්යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව අග විනිසුරු සහ 

ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කරන්නේ ජනාධිපති විසිනි .


14 අභියාචනාධිකරණයේ සභාපති සහ විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිට පුළුවන එහෙත් ව්යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය .


15 ව්යවස්ථා දායක සභාවේ අනුමැතියට යටත්ව අධිකරණ සේවා කොමිසම ජනාධිපති විසින් පත් කරනු ඇත .


16 විගණකාධිපතිවරයා පත්කිරීම ව්යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් පත් කරනු ඇත .


17 විගණන සේවා කොමිසම ජනාධිපතිවරයා විසින් ව්යවතදායක සභාවේ නිදේශ අනුව පත් කරනු ලැබේ .


18 ව්යවස්ථා සභාවේ නිර්දේශය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති විසින් පත් කරනු ලැබේ .


19 ඔම්බඩ්ස්මන් හෙවත් පරිපාලනය සඳහා වන පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ව්යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් ජනාධිපති විසින් පත් කරනු ලැබේ.


20 අල්ලස් හෝ දුෂණ කොමිසමේ සාමාජිකයන් පත් කරනු ලබන්නේ ජනාධිපති විසිනි .පත් කිරීම ව්යවස්ථා දායක සභාවේ නිර්දේශ අනුව විය යුතුය .


21 ව්යවස්ථා සභාවේ නිර්දේශ අනුව ජනාධිපති විසින් ජාතික ප්රසම්පාදන කොමිෂන් සභා සාමාජිකයන් පත් කරනු ඇත .


22 පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්රතිපත්ති ප්කාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ .


23 උත්සවාකාරයෙන් අරඹන  පාර්ලිමේන්තු රැස්වීම් වලදී මුලාසනය දැරීමේ බලය ජනාධිපතිට ඇත .


24 තානාපතිවරු පත්කිරීමේ සහ අනෙකුත් තානාපති නියෝජිතයන් පත්කිරීමේ බලය ජනාධිපති සතුවේ .


25 ජනාධිපති නීතිඥයන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ .


26 රාජ්ය මුද්රාව ජනාධිපති සතු වන අතර එම මුද්රාව භාවිතා කොට කරන කාර්යයන් සදහා බලය ජනාධිපති සතුවේ .


27 යුද්ධය සහ සාමය ප්රකාශ කිරීමේ බලය ජනාධිපති සතුවේ .


28 ව්යවස්ථා විරෝධී නොවන ,ලිඛිත නීතිවලට විරුද්ධ නොවන ,ජාතන්තර නීතිවලට සහ සිරිත්වලට සහ භාවිතවන්ට විරූද්ධ නොවන කටයුතු වල දීමට ජනාධිපතිවරයාට බලය තිබේ .

Image result for 19 ව්‍යවස්ථා සංශෝධනය


Comments

Anonymous said…
යුධ අපරාධ චෝදනා තියෙන නිසා ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීමට විරෝධය පෑ එක්සත් ජාතීන් සාම සාධක හමුදාවට යවන භටයන් තවදුරටත් නොගැනීමට තීරණය කර ඇති නමුත් මිනී මැරුම් චෝදනා ඇති පුද්ගලයෙකු නිසි විභාගයකින් තොරව ජනාධිපති ලෙස පත්කර ගැනීමට ශ්‍රී ලංකාව සැරසේ!
Wijebahu said…
Well, all you need is a back-born. Constitution commissions are appointed by the president, if not appointed (like MR did) President has all the power. That is enough not act like puppet. As long as Ranil is party leader, any UNP President is a puppet.
The commissions cannot be appointed without the approval/recommendation of the Constitutional Council . The president has no power to appoint commission members without the sanction of the CC,
In case the president does not appoint the commission members even after receiving the approval of the CC the country would be ungovernable .
W Bahu,

if yu rite englis ples write korekt.
what is 'back born'. is it sam thin like brot into this warld som tym ago?
do not king kill

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...