මම පළමු වරට ඥානසාර හිමියන් දුටුවේ විහාරමහා දෙවි එළිමහන් රංග පීඨයේ පැවතී යුධ විරෝධී රැස්වීමකදීය ඔහු තවත් භික්ෂුන් කීප දෙනෙකු සමග බලහත්කාරයෙන් වේදිකාවට නැග රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළේය . පැමිණි සිටි පිරිස ඔහු සහ අනෙකුත් භික්ෂුන් වේදිකාවෙන් බිමට ඇද පන්නා දැම්මෝය . පහර කීපයක්ද ඔවුන්ට වදිනු දුටුවෙමි. ඉන් කලකට පසු දෙමල විරෝධය ඔහු අතහැර දැම්මේය තමන් වැරදි බව පිළිගත්තේය ඉන්පසු නොර්වේ රටට යාමට ආශාවක් ඥානසාර හිමිට පහලවූ අතර මහින්ද ආණ්ඩුවේද ඇමතිවරයෙක් වූ රාජිත සේනාරත්න මහතාගේ සහයෝගයෙන් නොර්වේ රටට ගොස් කෙටි කාලයක් එහි ගත කළ අතර නොර්වේ අමාත් ය සෝල්හයිම් සමග පින්තුර ගත් බවද ඔහු පිළිගත්තේය නොර්වේ සිට ආපසු පැමිණි ඥානසාර හිමි දෙමල විරෝධය වෙනුවට මුස්ලිම් විරෝධය ආරම්භ කළේය . එම මුස්ලිම් විරෝධී ව් යාපාරය කෝටි දහස් ගණනක දේපොළ විනාශ කළා පමණක් නොව මුස්ලිම් ජිවිත කීපයක්ද බිලිගත්තේය. ඒ අතර තුර දේශපාලනයට බැස නාගයා ලකුණෙන් මැතිවරණය තරඟ කළ උන්වහන්සේට ලැබුනේ ඉතා සුළු චන්ද ප් රමාණයකි එයින් මහත් කලකිරීමට පත් ඒ හිමි දේශපාලනයෙන් ඉවත් වෙන බව...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත