Skip to main content
ඉන්දු ලංකා ගිවිසුමෙන් ඊළම හැදුනාද?

1987 ජුලි 29 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොළඹදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබුවේය .එවැනි ගිවිසුමකට එළඹීමට ලංකාවට සිදුවුයේ උතුරේ සහ නැගෙනහිර දෙමල සංවිධාන රැසක් ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ අරගලයක නිරතව සිටි නිසාය .
එය මර්ධනය කිරීම සඳහා ජේ,.ආර් නොකළ දෙයක් නැත එහෙත් එය පාලනය කළ නොහැකි විය ජේ ආර් ඇමරිකාවෙන් උදව් ඉල්ලු විට ඇමරිකාව ඔහුට කිවේ ඉන්දියාව සමග ප්‍රශ්නය විසඳාගන්නා ලෙසය .
ඉන්දියාව උතුරේ සංවිධානවලට උදව් කළේ හේතු දෙකක් නිසාය ජේ ආර සහ ආර් ප්‍රේමදාස ඉන්දියාවට විරුද්ධව ඇමරිකාවට පක්ෂ විදේශ ප්‍රතිපත්තියක් ගෙන යාම එක හේතුවකි ඕනෑම රටක් තම අසල්වැසියා සතුරු පිල සමග එකතුවීම ඉවසන්නේ නැත සතුරාට කෙනිත්තිමට මගක් සොයමින් සිටි ඉන්දියාවට කදිම අවස්ථාවක් ආණ්ඩුවේම ජාතිවාදී පිරිස සොයා දුන්නේය . ඒ 1983 කළු ජුලියයි. ඉන්දියානු ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නයට මැදිහත්විය .තමිල් නාඩුවේ කෝටි පහමාරක දෙමල ජනකායක් සිටි බැවින් ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට නිහඬව සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක .
උතුරේ හමුදා ප්‍රහාර නිසාද කළු ජුලිය නිසාද ලක්ෂ දෙකකට ආසන්න දෙමල මිනිසුන් ආරක්ෂාව සඳහා තමිල් නඩුවට පැන ගියහ
.
ලංකාවේ දෙමල රාජ්‍යයක් ඇතිවීම ඉංදියාවට තර්ජනයකි .එයතමිල් නාඩුවේ වෙනම රාජ්‍යයක් සඳහා දොර විවෘත කිරීමක් විය හැකි බැවිණි එබැවින් ඊළමක් බිහිවීම වැලැක්වීම මෙන්ම දෙමල ජනයාගේ ආරක්ෂාව සඳහාත් පියවර ගැනීමට ඉන්දියාවට අවශ්‍ය විය. එමෙන්ම එහි සිටින ලංකාවේ දෙමල සරණාගතයන් ආපසු ලංකාවට ඒමට හැකි පරිසරයක් ඇති කිරීමට සහය දීමද ඉන්දියාවේ අපේක්ෂාව විය .
ඒ අතරතුර ඉන්දියාවේ දෙමල දේශපාලන පක්ෂද ලංකාවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වෙන ලෙස ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කළහ.
ඉන්දු ලංකා ගිවිසුම ආවේ ඉහත කාරණා නිසාය ,එය දෙරට අතර මාස ගණනාවක සාකච්චාවල ප්‍රතිඵලයකි .
ඒ අනුව පළාත් සභා මගින් බලය බෙදා හැරීමටත් , LTTE සංවිධානය නිරායුධ කිරීමට ඉන්දියානු හමුදා එවීමටත් එකඟ විය .ඉන්දියාවේදී LTTE සංවිධානය සමග ඉන්දියානු ආණ්ඩුව සාකච්චා කළ අතර ප්‍රභාකරන් එයට එකඟ වුයේ දැඩි අකමැත්තෙනි
ඉන්දියානු හමුදා ලංකාවට ආවේය .LTTE සංවිධානය ඉතා සුළු ආයුධ ප්‍රමාණයක් පමණක් ඉන්දියානු හමුදාවට භාර දුන්නේය යාපනයේ බලය ඉන්දියානු හමුදාව අතට කොටින්ගෙන් ගත්තේය .උතුරේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් ගණනවක් ඉන්දු ලංකා ගිවිසුම පිළිගෙන පළාත් සභා වලට තරග කිරීමට තීරණය කළේය LTTE,සහ EROS සංවිධානය එයට එකඟද වුයේ නැත.EROS සංවිධානය විසුරවා LTTE සංවිධානයට එකතු විය .ඉන්දු ලංකා ගිවිසුම පිළිගත් අනෙකුත් දෙමල සංවිධාන ප්‍රභා විසින් තුවක්කුවෙන් විනාශ කළේය.
ඉන්දියානු හමුදාව සහ LTTE සංවිධානය එකිනෙකට එරෙහිව සටන් කළ අතර ඉන්දියානු යුධ භටයන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් කොටිවිසින් මරා දැමුහ .පසු කාලයේදී රජිව් ගාන්ධිවද කොටි විසින් මරා දමනු ලැබිණ ඉන්දු ලංකා ගිවිසුම ඊළම වැලක්වීමට ගෙන එන ලද උගුලක් බව ප්‍රභාකරන් විශ්වාස කිරීම එයට හේතුවයි.
එහෙත්මේ ගිවිසුමෙන් ඊළම බිහිවෙන බවත් ලංකාව කෑලිනමයකට කැඩෙන බව කියමින් විජේවීර කැරැල්ල පටන් ගත්තේය . පළාත්සභාවලට පක්ෂවූ දකුණේ දේශපාලන පක්ෂ නායකයන් රැසක් සහ සාමාජිකයන් 6000 කට අධික පිරිසක් ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබිය.
ජවිපෙ නායකයන්ගේ අදුරදර්ශී තීරණවල අවසන් ප්‍රතිපහලය වුයේ ජවිපෙ නායකත්වය සහ 60000 ක් ජිවිත විනාශවී යාමය
.
පළාත් සභා නිසා හැදුනු ඊළමක් නැත.
ඇත්ත වශයෙන්ම පළාත් සභා යනු සුළු බලතල සහිත ආයතනයකි .ඒ නිසා එම ආයතන හරි හමං වැඩක් කළ හැකි ආයතන නොවේ .පළාත් සභාවලට විරුද්ධවූ ජවිපෙ සහ ශ්‍රිලනිපයද පසු කාලයේ පළාත් සභාවලට තරග කොට ඇමති කම් සහ මන්ත්‍රි කම් ලබා ගත්හ .
යුද්ධය අවසන් වී ඇත.එහෙත් උතුරේ ප්‍රශ්නය අවසන් නැත එබැවින් අදත් විශාල හමුදාවක් උතුරේ සහ නැගෙනහිර තබා ගැනීමට ආණ්ඩුවලට සිදුවී ඇත .
සංවර්ධනයට යෙදිය හැකි මුදල් කන්දරාවක් අතිවිශාල හමුදාවක් නඩත්තු කිරීමට සිදුවී තිබේ .
Comments
එමනිසා වෙන ක්‍රමයකින් ඊලමක් සෑදීම සෑම වාමාංශිකයෙකුගේම වගකීමකි.
අයතුල්ලා කුමේනිගේ විප්ලවයට ඉරාන වාමාංශිකයන් සහය දුන්හ. ඒ ආරයටම දෙමළ ජාතිවාදයට සහය දීම ලංකාවේ වාමාංශිකයන්ගේ වගකීමකි.