Skip to main content

ඉන්දු ලංකා ගිවිසුමෙන් ඊළම හැදුනාද?



Image may contain: 3 people, outdoor


         1987 ජුලි 29 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොළඹදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබුවේය .එවැනි ගිවිසුමකට එළඹීමට ලංකාවට සිදුවුයේ උතුරේ සහ නැගෙනහිර දෙමල සංවිධාන රැසක් ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ අරගලයක නිරතව සිටි නිසාය .


එය මර්ධනය කිරීම සඳහා ජේ,.ආර් නොකළ දෙයක් නැත එහෙත් එය පාලනය කළ නොහැකි විය ජේ ආර් ඇමරිකාවෙන් උදව් ඉල්ලු විට ඇමරිකාව ඔහුට කිවේ ඉන්දියාව සමග ප්‍රශ්නය විසඳාගන්නා ලෙසය .
ඉන්දියාව උතුරේ සංවිධානවලට උදව් කළේ හේතු දෙකක් නිසාය ජේ ආර සහ ආර් ප්‍රේමදාස ඉන්දියාවට විරුද්ධව ඇමරිකාවට පක්ෂ විදේශ ප්‍රතිපත්තියක් ගෙන යාම එක හේතුවකි ඕනෑම රටක් තම අසල්වැසියා සතුරු පිල සමග එකතුවීම ඉවසන්නේ නැත සතුරාට කෙනිත්තිමට මගක් සොයමින් සිටි ඉන්දියාවට කදිම අවස්ථාවක් ආණ්ඩුවේම ජාතිවාදී පිරිස සොයා දුන්නේය . ඒ 1983 කළු ජුලියයි. ඉන්දියානු ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නයට මැදිහත්විය .තමිල් නාඩුවේ කෝටි පහමාරක දෙමල ජනකායක් සිටි බැවින් ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට නිහඬව සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක .
උතුරේ හමුදා ප්‍රහාර නිසාද කළු ජුලිය නිසාද ලක්ෂ දෙකකට ආසන්න දෙමල මිනිසුන් ආරක්ෂාව සඳහා තමිල් නඩුවට පැන ගියහ
.
ලංකාවේ දෙමල රාජ්‍යයක් ඇතිවීම ඉංදියාවට තර්ජනයකි .එයතමිල් නාඩුවේ වෙනම රාජ්‍යයක් සඳහා දොර විවෘත කිරීමක් විය හැකි බැවිණි එබැවින් ඊළමක් බිහිවීම වැලැක්වීම මෙන්ම දෙමල ජනයාගේ ආරක්ෂාව සඳහාත් පියවර ගැනීමට ඉන්දියාවට අවශ්‍ය විය. එමෙන්ම එහි සිටින ලංකාවේ දෙමල සරණාගතයන් ආපසු ලංකාවට ඒමට හැකි පරිසරයක් ඇති කිරීමට සහය දීමද ඉන්දියාවේ අපේක්ෂාව විය .


ඒ අතරතුර ඉන්දියාවේ දෙමල දේශපාලන පක්ෂද ලංකාවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වෙන ලෙස ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කළහ.


ඉන්දු ලංකා ගිවිසුම ආවේ ඉහත කාරණා නිසාය ,එය දෙරට අතර මාස ගණනාවක සාකච්චාවල ප්‍රතිඵලයකි .
ඒ අනුව පළාත් සභා මගින් බලය බෙදා හැරීමටත් , LTTE සංවිධානය නිරායුධ කිරීමට ඉන්දියානු හමුදා එවීමටත් එකඟ විය .ඉන්දියාවේදී LTTE සංවිධානය සමග ඉන්දියානු ආණ්ඩුව සාකච්චා කළ අතර ප්‍රභාකරන් එයට එකඟ වුයේ දැඩි අකමැත්තෙනි


ඉන්දියානු හමුදා ලංකාවට ආවේය .LTTE සංවිධානය ඉතා සුළු ආයුධ ප්‍රමාණයක් පමණක් ඉන්දියානු හමුදාවට භාර දුන්නේය යාපනයේ බලය ඉන්දියානු හමුදාව අතට කොටින්ගෙන් ගත්තේය .උතුරේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් ගණනවක් ඉන්දු ලංකා ගිවිසුම පිළිගෙන පළාත් සභා වලට තරග කිරීමට තීරණය කළේය LTTE,සහ EROS සංවිධානය එයට එකඟද වුයේ නැත.EROS සංවිධානය විසුරවා LTTE සංවිධානයට එකතු විය .ඉන්දු ලංකා ගිවිසුම පිළිගත් අනෙකුත් දෙමල සංවිධාන ප්‍රභා විසින් තුවක්කුවෙන් විනාශ කළේය.


ඉන්දියානු හමුදාව සහ LTTE සංවිධානය එකිනෙකට එරෙහිව සටන් කළ අතර ඉන්දියානු යුධ භටයන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් කොටිවිසින් මරා දැමුහ .පසු කාලයේදී රජිව් ගාන්ධිවද කොටි විසින් මරා දමනු ලැබිණ ඉන්දු ලංකා ගිවිසුම ඊළම වැලක්වීමට ගෙන එන ලද උගුලක් බව ප්‍රභාකරන් විශ්වාස කිරීම එයට හේතුවයි.


එහෙත්මේ ගිවිසුමෙන් ඊළම බිහිවෙන බවත් ලංකාව කෑලිනමයකට කැඩෙන බව කියමින් විජේවීර කැරැල්ල පටන් ගත්තේය . පළාත්සභාවලට පක්ෂවූ දකුණේ දේශපාලන පක්ෂ නායකයන් රැසක් සහ සාමාජිකයන් 6000 කට අධික පිරිසක් ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබිය.

 ජවිපෙ නායකයන්ගේ අදුරදර්ශී තීරණවල අවසන් ප්‍රතිපහලය වුයේ ජවිපෙ නායකත්වය සහ 60000 ක් ජිවිත විනාශවී යාමය
.
පළාත් සභා නිසා හැදුනු ඊළමක් නැත.


ඇත්ත වශයෙන්ම පළාත් සභා යනු සුළු බලතල සහිත ආයතනයකි .ඒ නිසා එම ආයතන හරි හමං වැඩක් කළ හැකි ආයතන නොවේ .පළාත් සභාවලට විරුද්ධවූ ජවිපෙ සහ ශ්‍රිලනිපයද පසු කාලයේ පළාත් සභාවලට තරග කොට ඇමති කම් සහ මන්ත්‍රි කම් ලබා ගත්හ .


යුද්ධය අවසන් වී ඇත.එහෙත් උතුරේ ප්‍රශ්නය අවසන් නැත එබැවින් අදත් විශාල හමුදාවක් උතුරේ සහ නැගෙනහිර තබා ගැනීමට ආණ්ඩුවලට සිදුවී ඇත .


සංවර්ධනයට යෙදිය හැකි මුදල් කන්දරාවක් අතිවිශාල හමුදාවක් නඩත්තු කිරීමට සිදුවී තිබේ .

Comments

පලාත්සභා නිසා ඊලමක් හැදුනේ නැත.
එමනිසා වෙන ක්‍රමයකින් ඊලමක් සෑදීම සෑම වාමාංශිකයෙකුගේම වගකීමකි.

අයතුල්ලා කුමේනිගේ විප්ලවයට ඉරාන වාමාංශිකයන් සහය දුන්හ. ඒ ආරයටම දෙමළ ජාතිවාදයට සහය දීම ලංකාවේ වාමාංශිකයන්ගේ වගකීමකි.
Anonymous said…
කවුද මේ ජගත් පතිරණ කියන වල් බල්ලා. හැම blog එකටම ගිහින් රෙනවා මේ %%% ගෙ පුතා.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා