රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ,මිස්ට ප්‍රභාකරන් සමග කොම්රෙඩ් විජේවීර සංසන්දනය කිරීම නිසා ජවිපෙ අනුගාමිකයන්ට මලයකා වැහි තිබේ. මියගිය තම සහෝදරවරුන් සිහි කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිනම් යුද්ධයෙන් මිය ගිය තම ඥාතින් සිහි කිරීමට උතුරේ වැසියන්ටද නොහැකි මන්දැයි රාජිත විසින් මාජ්ජ වේදී කියන දෙතුන් දෙනෙකුගෙන් පෙරලා ඇසීම නිසා දේශ පෙරේමි කියා කියා ගන්නා තවත් කෂ්ටියකට මහසෝනා වැසි තිබේ . ඒ අතර දඹදිව විසු බුදුන්වහන්සේගේ නොව නල මාර්ගයෙන් ලංකාවේ උපද්දවන ලද බුජුන් වහන්සේගේ අනුගාමිකයන්ට රාජිතගේ දෙවන ප්‍රකාශය නිසා මල පැන තිබේ . දඹදිව ඉපදී වසර 45 ක් තිස්සේ යුද්ධය නොව සාමය දේශනා කළ ගෞතම බුදුන් වහන්සේට මහත් ඉහලින් ගරු කරන අපට ද රාජිතගේ එම ප්‍රකාශ දෙක සම්බන්ධයෙන් මතයක් තිබේ .එය මෙහි අප ලියන්නේ යලිත් මේ රටේ ලේ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත