ඉකුත් ජනාධිපතිවරණයට සති කීපයක් තිබියදී Colombo Telegraph පත්තරයට ලිපියක් ලියමින් ජනාධිපතිවරණයෙන් මෛත්‍රි දිනන බව මා කිවේ නැකත් බලා නොවේ. දේශපාලන පක්ෂවල හැසිරීම සහ ජන විඥානය හැදෑරීමෙනි . මා මේ ලිපියෙන් 2018 වසරේ දේශපාලන අනාවැකි කියන්නේද එලෙසමය . ගිය අවුරුද්ද අවසන් වීමට පෙර ආණ්ඩුව පෙරලීමට මහින්ද රාජපක්ෂ මහතා අසමත් වීම නිසා ඔහුගේ අනුගාමිකයන් 2018 වසරට පා තබන්නේ අතෘප්තියෙන් බවට සැකයක් නැත . එබැවින් ඔවුන් තව දුරටත් රඳවා තබා ගැනීමට නම් 2018 අවසන් වීමට පෙර ආණ්ඩුව පෙරලන බව කිව යුතුව තිබේ. දැනටමත් ප්‍රසන්න රණතුංග මහතා ඒ ගැන ප්‍රකාශයක් කර තිබේ.හොඳින් හෝ නරකෙන් 2018 දී ආණ්ඩුව පෙරලන බවකීම එම ප්‍රකාශයයි . මහින්ද+මෛත්‍රී ආණ්ඩුවක් ? ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත