Skip to main content

නරියෙකුගේ කතාව

                           

             
    


   කපටි සුත්තර  කාර දේශපාලකයෙකු වූ   ජේ  ආර් . ජයවර්ධන මහතාට   old fox කියා නමක්  දැම්මේ ලංකාවේ   ඉංග්‍රීසි  පත්තරවිසිනි   . ජේ ආර් . ජයවර්ධන  මහතා  නාකි  නරියෙක්   ලෙස  නම් කරමින්  පත්තර  කාරයන් ලීවද  ඔහු එය තුට්ටුවකටවත්  ගණන්  ගත්තේ  නැත.  වර්තමාන දේශපාලකයන් අතර  වීරවංශ  මහතාද   නරියෙකු  බව  බොහෝ අයගේ  මතයයි.  විමල් වීරවංශ වනාහි නිකම්ම  නරියෙකු  නොව දේශප්‍රේමී  නරියෙකු  බව  කියන්නෝද සිටිති.  

මා  ලියන්නට  යන්නේ  ජේ.ආර්. ජයවර්ධන  ගැන  නොව වීමල් වීරවංස  මන්ත්‍රී  තුමා  ගැනය. එතුමා දක්ෂයෙකි . දේශප්‍රේමී  පෝස්ටරය ම්නිස්සුන්ගේ ඔලුවේ අලවා ඔවුන්ගේ  සාක්කුවට විදීමට දක්ෂ  කීප දෙනා  අතර ඔහු  පළමුවෙනියා නොව දෙවෙනියා  බව සැලකුවාට වැරද්දක්  නැත   . බයිසිකලයෙන්  දේශපාලන අරඹා කෝටි 4 ක් වටිනා වාහනයක අයිති  කරුවෙකු විය  හැක්කේ දක්ෂයෙකුට පමණි.  කුඩා  නිවසකින් ජීවිතය  ඇරඹු ඔහු අද  ජීවත්වන්නේ  අඩි 10ක් 12 ක් උස  තාප්පයකින් වට  කරනු  ලැබූ  මහල් ප්‍රාසාදයකය .දේශප්‍රේමයට  කප්  ගැසූ ජවිපෙට  මන්ත්‍රී  කම් 6ක්   පමණක්  ලැබෙද්දී දේශප්‍රේමී ගුලිය  ශ්‍රී  ලංකා  කාරයන්ට  කවා ඔවුන්ගේ  චන්ද  පික්පොකට්  ගසා  මන්ත්‍රී ධුර 5ක් ලබා  ගැනීමට වීරවංශ  මහතා  ශුර විය. 


 

කෙනෙකුගේ  හරි විස්තරයක් ලියන විට ඔහුගේ  උපතේ  සිට  ලිවිය  යුතුය.  කණගාටුවට  කරුණ  නම්  වීරවංශ මහතාගේ  උපතේ  සිට  ලිවීමට   නොහැකි වීමය .හේතුව ඔහුට  උපන් දින දෙකක් තිබීමය  .එක  උපන් දිනයක් 1965 මාර්තු 7 වන අතර අනිත් උපන් දිනය වන්නේ 1970 මාර්තු  7 ය. ඔහුගේ  දරුවන්ගේ  උප්පැන්න සහතිකවල  ඔහුගේ  උපන් දිනය ලෙස  1965 මාර්තු  7 ලෙස දක්වා ඇති  නමුත්  ඔහුගේ  උපන් දිනය  ලෙස  පාර්ලිමේන්තු ලේඛනවල ඇතුලත්  කර ඇත්තේ  1970 මාර්තු 7 ලෙසය.

 

වීරවංශ  මහතාගේ ඇඹේනියටද  උපන් දින දෙකකි .මුලින් ඇයගේ  උපන්නේ  1967 පෙබරවාරි 1 ය .පසුව ඇය 1971 පෙබරවාරි 3  යලි  ඉපදී  තිබේ. හැඳිනුම් පත් දෙකක්ද ඇයට  තිබුණු අතර ඒවා  භාවිතා  කොට  තානාපති ගමන් බලපත්‍රයක් ලබා  ගැනීමටද ඇය දක්ෂ වුවාය .


ලංකාවේ  නීතිය විසින්   වංචනික   ලෙස  උපන් දිනය වෙනස්   කරන අය සඳහා  අවුරුදු 7  සිර දඬුවමක්  නියම කර  තිබේ. එහෙත් දක්ෂයෙකු  වන  ඔහු විනිශ්චය  කරුවන්ගේ  කනෙන් රිංගා  ගෙදර එනු ඇද්දැයි  කීමට  තවමත්  කල් වැඩිය  .

වීරවංස  මහතාට ඇත්තේ උපන් දින  දෙකක්  පමණක්  නොවේ. ගමන්    බල පත්‍ර දෙකක්  (passport) දෙකක්ද  තිබුනේය .. වරෙක පරණ ගමන් බලපත්‍රය  අස්ථානගත වූ  අතර  තවත් විටෙක අලුත්  ගමන් බලපත්‍රය අස්ථාන  ගත විය . එව්වා  අත්භූත  බලයකින් යුක්ත විය පරණ පාස්පෝට් එක අස්ථාන ගත වනවිට අලුත් එක ප්රාතුර්භුත වේ. අලුත් ගමන් බලපත්‍රය අතුරු දහන් වෙන විට පරණ ගමන් බල  පත්‍රය  ඔහුගේ  මේසයට  පියඹා එන්නේය.


උපන් දින දෙකක් පාස්පෝර්ට් දෙකක් පමණක් නොව  භාර්යාවන් දෙදෙනෙකුද  තබා  ගැනීමට ඔහු  උත්සාහ  කළ  බව සමහරු  කියති  ඒ  පිලිබඳ  කතාන්දරය මෙසේය වීරවංශ  මහතා සහ  නෝනා  බලවත් ආර්ථික අමාරුකම් වලින්  පෙළෙමින් සිටි සමයේ ආධාරරෝපකර  කළ  පොළොන්නරුවේ  පවුලක අවුරුදු 24 ක තරුණියකට ලේක්හවුස් ආයතනයේ  පරිගණක  ක්‍රියා කරු තනතුරක් 2008 දී ලබා  දුන් වීරවංශ මහතා ඔහුට   හිමි නිවෙස් දෙකකින්  එකක ඇයට  නවාතැන්ද  දුන්නේය. ඉන් පසුව    විවිධ  තැන්  වලට  යාමට  පැමිණෙන  ලෙස  ඔහු ඇයට ආරාධනා  කළ  නමුත් ඇය  එම ඉල්ලීම්  ප්‍රතික්ෂේප කිරීම  නිසා ඔහුගේ එම උත්සාහය වැරදී  ගියේය. පසුව  එම උත්සාහය  පිළිබඳව කිසියම්   පුවත්පතක  පළවීම  නිසා වියරුවට  පත්  වීරවංශ  රාජපක්ෂ  මහතාගේ කුණුහරුප  පරදවන  කුණුහරුපයෙන් ඇයට  බැන වැදුනේය. ඉන්පසු   වහා   ක්‍රියාත්මක වන  පරිදි  ඇය අනුරාධපුරයට ස්ථාන  මාරු  කරනු  ලැබූ  අතර මහින්ද  රාජපක්ෂ  මහතාට දැනුම් දී  සහනයක් ලබා   ගැනීමට එම තරුණිය  උත්සාහ  කළ  නමුත් ඔහුගේ  හදවත්  උණු නොවුණු  බැවින්  ඇය අවසානයේදී  රැකියාවෙන් ඉල්ලා අස්වූවාය.


2008 දී  ජනතා විමුක්ති පෙරමුණ වීරවංශ  පක්ෂයෙන් නෙරපා  හැරිමේදී  එයට එක් හේතුවක් ලෙස  දැක්වුයේ ඔහු සොර ගැහැනුන්  තබා  ගන්නා  බව  කියමිනි.  ඉහත සිද්ධිය  කල එලියට  පැමිණියද වෙනත්  අනියම් සම්බන්ධකම් ඔහුට  තිබුණු  බවට ඒ  අනුව  සැක  කළ හැක.

අපේ  නරි  මහතා  කොපමණ දක්ෂ වුවද   අන්තිමේදී බලාපොරොත්තු  විරහිත  ලෙස  පඹ   ගාලක  පටලැව්නේය . අන්තිමේදී උසාවිය ඔහු සති දෙකකට රිමාන්ඩ්  කළේය  එහෙත් ඔහු   හිර ගෙදරට ගියේ වීරයෙකු  ලෙසිනි . හිරගෙදරට  කොටු කිරීම  තුට්ටුවකටවත්   මායින්   නොකරන  බව ඇඟවීමට  චිත්‍ර  අඳින්නට  පටන් ගන්නා   බව  කීවේය.  මහා  ග්‍රන්ථයක්  ලියන්නට  යන  බව  කීවේය. වැඩිම  උනොත්        මාසෙකින් හමාරකින්  ආපසු  තම නිවසට   යාමට  හැකිවෙනු ඇතැයි  ඔහු සිතන්නට  ඇත. එහෙත්  අනපේක්ෂිත  පරිදි සති දෙකෙන් දෙකට යලි යලි  රිමාන්ඩ් හිර  ගෙදර  ජීවිතය දිගු වන්නට වීම නිසා  අලුත් ගැටයක් ගසා වීරයෙකු ලෙස  හිරෙන්  එලියට ඒමට  කල්පනා  කළේය .  මහජන කැළඹීමක් ඇති  වෙතැයි  නඩුකාරයා බය  කොට  හිර ගෙදරින්  නිදහස්  වීමේ අරමුණෙන් දෝ උපවාසයක්  ඇරඹුවේය. 


එතෙත්  වීරවංස මහතාගේ  උපවාසය  දෙස  මිනිසුන් බලන්නේ  තවත්  උප්පර වැට්ටියක් ලෙස  බව  පෙනේ. මහජන  කැළඹීමක්  පෙනෙන තෙක්  මානයේ  නැති  බැවින්  දෝණියන්දෑ   බලවත් ලෙස  අසනීප වී ඇති  බව  කියමින් ඇප  ඉල්ලු නමුත් විනිසිරුවරිය ඒ  ගැන සලකා  බැලීම අප්‍රියෙල්  3 වනදා තෙක් කල් දැමීම  නිසා  වීරවංශ  මහතා ඇටවූ  උගුලේ  තව  තවත්  හිරවෙන්නට පටන් ගෙන  තිබේ. ඔහු දැන් පත්ව  සිටින්නේ ගෙදර  ගියොත් අඹු නසී  මග  හිටියොත්  තෝ  නසී  යන  තැනටය.





Comments

මමත් අකමැතිම තුජ්ජම දේශපාලකයෙක්. මමනං හිතන්නෙ මේ යකා හෙට අනිද්දම එලියට එනවාම තමයි. මේ යහපාලනයෙන් යහ පාලනය කරන්නෙ විමලෙ ලා වගේ යහ පාලකයන්.

නෙදකින් මෙහෙම දේශපාලකයන්..

😡😡😡😡
ඔබට හිමි සම්මානය ලබා ගැනීමට නොපැමිනියේ හෝ වෙන අයෙකු නම් නොකලේ ඇයි? අපරාදේ බ්ලොග් කරුවන් විශාල ප්‍රමාණයක් පැමින සිටියා. ඔබට සුභ පැතුම්!!!
මං දෑන හිටියේ නැහැ මට සම්මානයක් තිබෙන බව .සම්මානයක් හිමි වූ බව දැනුම් දීම ගැන ස්තුතියි.
දුකා said…
පාලන බලය හිමි කාලයේ හිටපු අගවිනිසුරුවරිය ගෙදරට වැදුනු බැල්ලියක එලවන්නාක් මෙන් නෙරපන්න මූලිකත්වය ගත් විමල්ට කරන කලට පව් මිහිරිය මී සේ කියා දැන් සිතෙනවා ඇද්ද?

ඩීල් දැමීමේ හැකියාව ගැන ත්කසේරුවෙන් "හිරගෙවල් සීයක් දැමම්ත් මම බය නෑ" කියා සිංහ නාද කල විමල් අද පීචං බල්ලෙක් මෙන් නැට්ට පුකේ ගහගෙන දරුවෝ පෙන්නා හෝ බොරු උපවාස පෙන්නා හෝ ඇප ලබා ගන්න උත්සාහ කිරීමත් "කොටි ආවෝ කොටි ආවෝ " කියා ගමුන් බය කල අවලන් කොල්ලාව ඇත්තටම කොටියෙක් ඇවිත් කා දැමූ කතාව සිහි නොකරන්නේද?
චන්ඩි කම් කියමින් කෑගසන්නන් සැබවින්ම බයගුල්ලන් බව නැවත වරක් විමල් තහවුරු කර තිබේ.
චන්ඩි කම් කියමින් කෑගසන්නන් සැබවින්ම බයගුල්ලන් බව නැවත වරක් විමල් තහවුරු කර තිබේ.
හා ... හා ... අපේ ජාතියේ මහාපචායුධය වන "චී ගූ හොරා" මහතාට අපහාස වන දේ පවසා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට හවුල් නොවන්න !
Manoj said…
අර පොත ලියලා ඉවර ඇති එළියට එන්න දගලන්නේ.ළමයි ගේ කඳුළු අලෙවි කරන්න විමල්ලාට අයිතියක් නැහැ.ඔවුන්ගේ දේශපාලනය තුල දරුවෝ කි දෙනෙක්ට කඳුළු උරුම කරදුන්නාද ?
ඉයන් said…
// ඔවුන්ගේ දේශපාලනය තුල දරුවෝ කි දෙනෙක්ට කඳුළු උරුම කරදුන්නාද ? //

මම හොඳින්ම දැනගෙන සිටි මිතුරෙකුගේ ඝාතනය නිසා එවකට අවුරුදු 4 ක් වූ එකම දරුවා මුහුණ දුන් මානසික කම්පනයෙන් සිහි විකල් අයෙකු බවට පත්වුනා. එම දරුවාට දැන් වයස 20 ගණනක් වුවත් තවම එය සුව වී නැහැ. සැමියා සහ දරුවාට වූ දෙයින් ජීවිත කඩාකප්පල් වී ඔවුන්ගේ ව්‍යාපාර සියල්ල වැසුණා. අද ඒ මව දරුවාට උවටැන් කරමින් ජීවත් වෙනවා.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...