Skip to main content

ආණ්ඩුව යක්ෂ පැණි උඩ දාන්නේ ඇයි?

 





       මේ වන විට මේසන් බාස් පැණිය අති ජනප්‍රියය . රිටිගල පැණිය ද කරලියට එමින් තිබේ  ඒවාට අවශ්‍ය ප්‍රචාරය ආණ්ඩුව විසින් නොමිලේම ලබා දී ඇත . මේසන් පැණියට ආණ්ඩුවේ ඉහලම  තැන්වලින් අනුග්‍රහය ලැබුණු  අතර රිටිගල පැණියට ආණ්ඩුවේ රුපවාහිනියක් වන ITN ලබා දෙමින් සිටි .


එම පැණි නිපදවූ දෙදෙනා හැර අන් කිසිවෙක් එම නිෂ්පාදන වලින් කොරෝනා වයිරසය විනාශ වන බව කියා නැත  ආණ්ඩුව ඒවාට දෙන ප්‍රසිද්ධිය නිසා එම පැණි වලින් කොරෝනා සුව වෙන බව හෝ කොරෝනා වලක්වන බව විශාල පිරිසක් තදින්ම විශ්වාස කරන බව පෙනේ >

දැනමුත්තන්ට අනුව   වයිරස්වලට බෙහෙත් නැත. එන්නත් මගින් කරන්නේ වයිරසය සමග සටන් කොට පරාජය කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ ශරීරයේ නිපදවීමය. 


අනෙක් අතට මෙම පැණි මගින් වයිරසය විනාශ කරන බවට කිසිදු පරීක්ෂණයක් කර නැත. යම්කිසි  ඖෂධයක ප්‍රතිඵලය මැනීම සඳහා වසරක කාලයක් වත් එය පරීක්ෂණයට ලක් කරනු ලැබේ  එන්නතක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 10 කාලයක් අත්හදා බලයි   පළමුව සතුන්ට එම එන්නත හෝ ඖෂධය ලබා දී  එහි ප්‍රතිඵල සොයා බලනු ලැබේ    විවිධ රෝග තිබෙන අයට අලුත් ඖෂධයක් හෝ  එන්නතක් ලබා දීමෙන් පසු බලපාන්නේ කෙසේදැයි පරික්ෂ කෙරේ  විවධ වයස් කාණ්ඩවලට බලපාන්නේ කෙසේ දැයි තව දුරටත් පරික්ශා කෙරේ මේ පරීක්ෂණ පිලිබඳ වාර්තා තිබිය යුතුය එමෙන්ම එම ඖෂධය හෝ එන්නත වගකිවයුත්තන් යටතේ  දස දහස් ගණනකට ලබා දී එහි ප්‍රතිපල අධ්‍යනයන කරනු ලබයි 


මේසන් බාස් පැණිය සහ රිටිගල පැණිය නිපදවූ දෙදෙනා අඩු වශයෙන් වෛද්යවරුවත් නොවේ සාස්තර කාරයෝය  ඔවුන්ට අනුව රාවනා යක්ෂයාගේ සහ කාලි යක්ෂනියගේ අනුග්‍රහයෙන් බෙහෙත් වට්ටෝරු අනුව එම පැණි නිපදවා ඇත. 

 වෙනත් රටක නම් මෙවැනි වංචනිකයන් උසාවිය හමුවට පමුණුවා හමාරය .


ආණ්ඩුව මේ වංචනිකයන් දෙදෙනාට අනුග්‍රහය දෙන්නේ ඇයි ?


ඊට ප්‍රධානම හේතුව දේශීය ඖෂධ වලට රුකුලක් දීමටද ? 


මේ යක්ෂ පැණි වලින් කොවිඩ් වෛරසය විනාශ නොවෙන බව ආණ්ඩුව හොඳින් දනී .ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ එන්නතක් රටට නොමිලේ හෝ ණයට  ලැබෙන  තුරු මහජනයා ගොනාට අන්දා තබා ගැනීමටය .




විශාල වශයෙන් ආර්ථිකය  කඩා වැටි තිබෙන පසුබිමක් තුල එන්නතක් ගෙන්වා ගැනීම ආණ්ඩුවට කාලිගේ මුහුනටත් වඩා බියකරු සිහිනයකි  විදේශ රැකියා කරන්නන් එවන  මුදල් හීන වෙමින් පවතී. සංචාරක ව්‍යාපාරය හරහා ලැබුණු ඩොලර් පවුම් යුරෝ මුළුමනින්ම පාහේ   හිඳී ගොස් තිබේ  ඇඟලුම් අපනයනය කිරීමෙන් ලැබෙන රට සල්ලි අඩුවෙමින් පවතී .

  

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අවශ්‍ය එන්නත් ප්‍රමාණයෙන් 20% ක් නොමිලේ ලබා දෙන බව කියන අතර   ආණ්ඩුව  ඒ කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටින  බව පෙනේ  එයත් ලැබෙනු ඇත්තේ මාර්තු මාසයේ  බවද  කියනු ලැබේ.


  ඉතිරි 80% ලබා ගන්නේ කෙසේද ? කාගෙන්ද ? කවදාද ? ඒවා ලබාගැනීමට මුදල් කොහෙන්ද ?


ඒ සඳහා විදේශ ආයතන කීපයකින් ණයක්  ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව ආණ්ඩුව දැන් කියයි .

  
රටේ ආර්ථිකය කඩා වැටීම නිසා ණය ගැනීමද අසීරු බව ඒ අතර  ආර්ථික විශේෂඥයෝ  කියති .


එබැවින් කොවිඩ් වලක්වන එන්නතක් ගැනීම සෙල්ලමක් නොවේ.



රටේ ජනගහනය මිලියන 21 කි දොස්තර  සංගමයට අනුව 70% කටවත් මෙම එන්නට ලබා දිය යුතුය . එහෙත්  ප්‍රශ්නය වී තිබෙන්නේ මෙම එන්නත් මිල අධික වීමය.

 

මාත්‍රා දෙකක් දෙවරකට ලබා දිය යුතු මෙම එන්නත් වල මාත්‍රා දෙකක  මිල මෙසේය .

ෆයිසර් එන්නත ඩොලර් 39 කි .

මොඩර්නා  එන්නත ඩොලර් 50 කි .

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත  ඩොලර් 5 කි. (තවමත් අනුමත කර නැත. )

රුසියන් ස්පුට්නික් එන්නත ඩොලර් 20 ට අඩු වෙන බව කියනු ලැබේ. 

චීන සයිනොවැක්  එන්නත ඩොලර් 60 කි .


ආණ්ඩුව නම් කියන්නේ චීන සහ රුසියානු එන්නත් ලබාගැනීමට අපේක්ෂා කරන බවය .


 අපේ රටේ ජනගහනයෙන් මිලියන 15 කට එන්නත ලබා දීමට කොපමණ මුදලක් අවශ්‍ය වේද ? ලාබම එන්නත චීන හෝ රුසියානු එන්නත නොවේ ඔක්ස්ෆර්ඩ් එන්නතය .එය එන්නත් මිලියන් 15 ක් මිලදී ගැනීමට පමණක් ඩොලර් මිලියන 75ක් වැයවේ . දැනට ඩොලරයක් රු.195 ක් වන අතර එම එන්නත මිලදී ගන්නා අවස්ථාව වනවිට ඩොලරයක වටිනාකම රු.200ක් වෙතැයි උපකල්පනය  කළහොත්  රු.මිලියන 15000ක් හෙවත් රු.කෝටි 1500ක් ඒ සඳහා  අවශ්‍යවේ .



 ඒ මිලදී ගැනීමට පමණය. ඒවා ගෙන්වීමට ප්‍රවාහන ගාස්තු ගෙවීමට සිදුවේ. එපමණක්ද ? එන්නත් එපමණ විශාල ප්‍රමාණයක් කොළඹ  ගබඩා කර තැබීමට, රටපුරා ප්‍රවාහනය කිරීමට, රෝහල්වල ගබඩා කර තැබීමට විශාල ශීතකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමටද සිදුවේ මිලියන 15 ක් ජනයාට එන්නත ලබා දීම සඳහා රට පුරා එන්නත් මධ්‍යස්ථාන දහස් ගණනක් විවෘත කිරීමට සිදුවෙන අතර එන්නත් ලබාදීමේ කාර්යට සමබන්ධ්වන කාර්ය  මණ්ඩලවලට ගෙවීමට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට ද සිදුවේ.

 

මෙවර අය වැයෙන් සෞඛ්‍යය සඳහා වෙන්කර ඇති මුදල පෙර වසරට වඩා අඩු බවද වාර්තා වී ඇත  .

 

ඉතින් රටේ මහජනයාට කොරෝනා වැළක්වීමේ එන්නතක් ලබා දීම ආණ්ඩුවට  දිවා රාත්‍රී  පෙනෙන  භයානක හීනයක් නොවේද ? 

ආණ්ඩුව කපු පැණි ජනප්‍රිය කොට මහජනයා ගොනාට ඇන්දවුවේ මේ නිසා මිස අන් කාරණාවකට නොවේ . 

Comments

එඩ්වඩ් ජෙනර් කියන්නෙත් වඩුබාස් කෙනෙක්.

පලාත්සභා අහෝසිකර එම මුදල් වලින් එන්නත් ගෙන්වීමට ආන්ඩුවට බල කරමු.
Ajith Dharma. said…
මිනිස්සුන්ව අන්දන්න තමයි

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා