Skip to main content

ඔහු වීරයෙක් ද ?මිනිමරුවෙක් ද ?

 




 'සටන් සගයෙකුගේ නික්ම යාම' යනුවෙන් සඳහන් කරමින්   මෙම  මරණ දැන්වීම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙකු මුහුණු පොතේ පළකර තිබුණි  මොහුගේ නම මම මීට පෙර අසා තිබුණු බැවින් 'මොහු කවුද ?'යනුවෙන් විමසමින් ඉහත මරණ දැන්වීම  වහාම මුහුණු පොතේ  පලකලෙමි 

එයට ප්‍රතිචාර දැක්වූවන් අතර දයා පතිරණ ඝාතනය කරන ලද්දේ මොහු විසින් බව දෙතුන් දෙනෙකු ලියා තිබුණි 

ඉන් එක අයෙකු වුයේ සෝමසිරි පුංචිරාළ ය .දයා පතිරණ සමග පැහැරගෙන යනු ලැබූ අනෙක් තැනැත්තා සෝමසිරි පුංචිරාළ ය ඔහු මෙසේ ලියා තිබුනේය 

Somasiri Punchirala
දයා පතිරණ ඝාතනය කිරීමට ආගිරිස් කොස්තා සෘජුවම සම්බන්දයි. මා ඇතුලු දයාපතිරණත් ජපුර විශ්ව විද්යාලයෙන් පැමිණි ජවිපෙ සිසුන් දෙදෙනාත් තුම්මුල්ලේ හර්කියුලීස් ට්රේලර් ශොප් එක ලගදී පැහැර ගත්තා. ජවිපෙ සහෝදරවරු දෙන්නා අවස්තා දෙකකදී මග දාල ගියා. ඒ දෙන්නා පැය ගානක් අපි සමග කොලොබ කැම්පස් එකේ දී අදාල සාකච්ඡාවට සම්බන්ද උනා ඒ දෙන්නා අපි සමග තේ බීවා. බිල ගෙව්වේ මම.
මම අහන ඉතා සරල ප්රශ්නය මේකයි.
ජවිපෙ සිසුන් දෙන්නා මේ බරපතළ සිදුවීම පොලීසියට පැමිනිලි නොකලේ ඇයි?

දයා පතිරණ යනු කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාය  ඔහු නිසා කොළඹ විශව විද්‍යාලයේ බලය ජවිපෙට අත් කරගැනීමට නොහැකි විය මේ නිසා දයා පතිරණ ඉවත් කිරීම ජවිපෙට අත්‍යවශ්‍ය වී තිබුණි 

දයා පතිරණ සහ ජවිපෙ  ගැටුම ට තවත්  ප්‍රධාන හේතුවක් වුයේ  ජනවර්ග ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මත දෙකක් තිබීමය 

දෙමල ජනතාවට ස්වයන් නීර්ණ අයිතිය තිබෙන බව දයා පතිරණ ප්‍රමුඛ ස්වාධීන  ශිෂ්‍ය සංගමය දැරූ අතර ජවිපෙ ඊට මුළුමනින්ම එරෙහි විය 

(දෙමල ජනයාට ස්වයන් නීර්ණ අයිතිය තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ ද 1983 දක්වාම පිළිගත්තේය  1977 දී ජනතා විමුක්ති පෙරමුණ යලි ප්‍රසිද්ධ දේශපාලනය අරඹන විට ප්‍රසිද්ධ කළ ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එය සඳහන් කර තිබුණි )

ඉන්පසු මම දයා පතිරණ ගේ ඉරණමෙන් ගැලවී  යන්තම් දිවි බේරා ගත් සෝමසිරි පුංචිරාළට දුරකතනයෙන් කතා කලෙමි 

"දයා පතිරණව මැරුවේ කවුද ?"

"ආගිරිස් ද කොස්තා සහ ඔහු සමග සිටි අය  " ඔහු නොපැකිලව කීය 

"කොහොමද ඔය සිද්ධිය උනේ ? මුල ඉඳලම විස්තරේ කියන්න පුලුවන්ද ?


"ජනවර්ග ගැටලුව  සම්බන්ධයෙන්  ජවිපෙ  ශිෂ්‍යයන් ,  ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා  පතිරන සමග මාස තුනක් සාකච්චා කරමින් හිටියේ  එදා ,1986 දෙසැම්බර් 15 සවස්වරුවේ පැවැත්වූ සාකච්ච්වට ජවිපෙන් ආවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු වූ  උපුල් සහ ධර්මේ .එදා සාකච්ඡාව කරගෙන ගියා හැන්දාවෙනකම්ම ." මේ ගැන අද රෑටත් කතා කරලා අවසන් තීරණයකට එන්න ඕනේ    ඒ නිසා අපේ  බෝඩිමට ගිහින් කතා කරලා තීරණයක් ගමු "කියල  සාකච්ච්වට ආපු දෙන්න අපිට යෝජනා කළා .අපි  කැමති උනා 
                                                                    දයා පතිරණ 
සෝමසිරි පුංචිරාල 



"දයයි  මමයි ඒ දෙන්නයි  කොළඹ විශ්ව  විද්‍යාලයෙන් එලියට ඇවිල්ල තුන් මුල්ල දක්වා  ඇවිදගෙන ගියා 138 මහරගම  බස් එකක් අල්ලගන්න  එහෙම යනකොට සුදුපාට වැන් එකක් ඇවිත් "අපි රහස් පොලිසියෙන් " කියල පිස්තෝල උලුක් කරලා  අපි හතර දෙනාව බලහත්කාරයෙන් වැන් එකට දාගත්ත . ඒ වෑන් එකේ රියදුරා හැර  හතර දෙනෙක් හිටිය දෙන්නෙක් අතේ පිස්තොල තිබුන . රියදුරා ට පිටිපස්සේ ආසනේ දයා පතිරනව වාඩි කරලා දෙන්නෙක් දෙපැත්තෙන් වාඩි උනා ඊට පිටිපස්සේ සීට් එකේ මාව වාඩි කරවල තවත් දෙන්නෙක් මාව මැදි කරලා වාඩි උනා 
 අපිත් හිතුව ඇත්තටම CID එකෙන් කියල අපේ සැකයකුත් තිබුන කොයි වෙලවක හරි අපිව CID එකෙන් උස්සගෙන යයි කියල  පැය බාගයක් විතර දුර ගිහින් වාහනේ  නවත්තල උපුල්ගෙයි ධර්මේ ගෙයි  පස්සට පයින් ගහල දෙපාරකට  බැස්සුවා .පාර හොයාගෙන යන්න පුළුවන් නේද කියල ත් ඇහුව .


ඊට පස්සේ අපිව තවත් දුර අරන් ගියා   ගිහින් ගෙයක් ගාවට වාහනය රිවර්ස් කරා එතනදී තවත් දෙන්නෙක් නැග්ග එයින් එක්කෙනෙක් තමයි ආගිරිස් ද කොස්තා ,ඔවුන් වාහනේට නැග්ගේ ගෝනි දෙකක දාපු බඩුත් එක්ක . ඒවායේ තිබුනේ කෙටේරි පිහි සහ තුවක්කු වෙන්න ඇති  කියල පස්සේ තමා අවබෝධ උනේ  

මේ වෙනකොට රාත්‍රී 7.30 විතර වෙලා  එතන ඉඳල ආයිත් අපිව වාහනේ  අරන් ගියා මගදී පෙරහැරකුත් හමු උනා "අන්න පෙරහරක්.බලාගන්න "කියලත් වාහනේ හිටපු කෙනෙක් අපිට කිව්වා .  ඊට පස්සේ වාහනේ නැවැත්තුවේ බොල්ගොඩ ජලාශය ගාව. එතන තිබුන අම්බලමක් වගේ එකක්  එතැනදී අපි දෙන්නව දෙපැත්තකට අරගෙන ගියා දයා පහිරණට ගහන සද්දේ ඇහුන  ඊට පස්සේ මට ගහන ගමන්   ඇහුව ධර්මසිරි කොහේද ඉන්නේ කියල (ධර්මසිරි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකි ) දයාන් ජයතිලක ඉන්නේ කොහෙද කියල  ඇහුව . තිසරනී ගුනසේකර ඉන්නේ කොහෙද ඇහුව . මම කිව්වා හුඟ දවසකින් ඒ අය මුනගැහුනේ  නැහැ කියල

ඉන් පස්සේ මගේ කලිසම ,කමිසේ, බැනියම ගලවල ඔවුන් අතට ගත්ත . ඔරලෝසුවත් ගත්ත සාක්කුවේ තිබුණු සල්ලිත් ගත්ත රුපියල් සීයක් හමාරක් තියෙන්න ඇති    ඊට පස්සේ බිම වාඩිකරවල   ස්වයන් ක්‍රීය පිහියක් මගේ කිහිල්ල ඇතුලට යැව්වා   අනෙක් කිහිල්ලටත් ඒ විදිහටම පිහීයක්  යැව්වා පකිස්තාන් ස්වයංක්‍රීය පිහි තමා  එහෙම යවල තියෙන්නේ කියල පස්සේ සමහරු කිව්වා  ඒ පිහි ඇතුලට යැව්වම  අත්දෙක හොලවන්නවත් බැහැ  ඊට පස්සේ කෙටේරියෙන්  මගේ ඔලුව පිටිපස්සට  (කුඩාමොලය පෙදෙසට ) ගැහුවා . ඉන් පස්සේ මට සිහිය නැති උනා  දකුණු කනට යටින් බෙල්ලටත්  කෙටේරියෙන්  ගහල තියෙනවා   උගුරු දණ්ඩ කැපුවේ මොකෙන්ද කියල මම දන්නේ නැහැ දැලි පිහියකින් වෙන්න  ඇති උගුරු දණ්ඩ පැත්තේ මැහුම් පාරවල් 6ක් තවමත් තියෙනවා දකුණු කන තවමත් හිරිවැටිලා 


 පස්සේ තමයි දන්නේ මගේ උගුරු දණ්ඩ  කපල ඉවරයක් කරන්න බැරි උනේ ඒ වෙලාවේ ඔරුවක් පැදගෙන  එතනට තොටියෙක්  ආපු  නිසා කියල. එදා පෝය දවසක් නිසා එගොඩ තියෙන පන්සලට වන්දනකාරයෝ එගොඩ මෙගොඩ කිරීමටයි තොටියා ඇවිල්ල තියෙන්නේ  තොටියා ආපු නිසා මිනීමරුවෝ පැනල ගිහිල්ල   ඒත් එක ඝාතකයෙක් අහල තියෙනවා මුට (සෝමසිරි පුංචිරාළ ට ) වෙඩි තියමුද කියල තව එකෙක් කියල තියෙනවා  දැනටම ඌ මැරිලා ඉන්නේ .අපරාදේ උණ්ඩයක් නාස්ති කරන්නේ මොකටද  කියල 

හඳ එලියට  තොටිය දැකල තියෙනවා දයා පතිරන යි මමයි බිම වැටිලා ඉන්නවා   .  .ඔහු පාරට ගිහින් වටපිට අයට කියල . ඒ එක්කම වගේ  පොලිස් ජීප් එක ක් ඇවිල්ල තියෙනවා  පොලිස් ජීප් එකෙන් මාව කළුබෝවිල රෝහලට ගෙනිහින් .  එතනින් කොළඹ මහා රෝහලට මාරු කරලා තියෙනව  කිහිල්ලෙන් යවපු පිහි පාරවල්  නිසා පෙනහලිවලට ලේ ගිහිල්ල. .බට දාල ඒ ලේ  අරගෙන තියෙනව  

මට සිහිය ඇවිල්ල තියෙන්නේ සතියකට පස්සේ "

සෝමසිරි පුංචිරාල කතාව අවසන් කරමින් කීවේය 

  ගාමිණි මුතුකුමාරණ නම් අයෙකු මුහුණු පොතේ   වචන 500 කට අධික වර්ණනාවක්  ආගිරිස් කොස්තා ගැන  ලියා  තිබුනේය  එහි අවසන් කොටස මෙසේ විය 

" අද ජනවාරි 26 , පිළියන්දල , තුම්බෝවිල ආදාහනාගාරයේදී සමුගෙන යන ආගිරිස් කොස්තා සහෝදරයාගේ රූපකාය නැවත අපට මුණ නොගැසෙනු ඇත . එහෙත් ඔහුගේ උස්වූ වාමාංශික අදහස් හා මතවාද නිරන්තරයෙන්ම අප අතර සැරිසරන බවට සැකයක් නැත . 'විප්ලවවාදීහු සැමවිටම අමරණීය වේ " යැයි "චේ" පැවසුවේ එබැවිනි ."
සොයුර  ඔබට විප්ලවීය උපහාරය !!! 
ගාමිණි මුතුකුමාරණ 

මේ ලිපිය කීප දෙනෙකු share කර තිබුණි  ඉන් එක් අයෙකු වුයේ  1984 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වූ ලයනල් බෝපගේ ය 

ආගිරිස් කොස්තා සොයා ආණ්ඩුවේ ආරක්ෂක හමුදා කීපවරක් ඔහුගේ නිවසට ගොස් තිබුණු නමුත් ඔහු අසු උනේ නැත  ඔහු ඉන්නේ කොහේදැයි ඔහුගේ බිරිඳගේ ඇසුවත් නොදන්නා බව කියා තිබුණි  පසුව කිසියම් පිරිසක් ඇයව ඝාතනය කර තිබේ .

88-89 ජවිපෙ කැරැල්ල පරාජය වුවද ආගිරිස් කොස්තා දිගටම ජවිපෙ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර තිබෙන බව පෙනේ  

2010 ජනාධිපතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ තුල ඇතිවූ මත ගැටීමක් පුපුරා යාම නිසා කොටසක් ඉන් ඉවත්වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටවා ගත් අතර ආගිරිස් කොස්තා ජවිපෙ අතහැර  ඔවුන් සමග එකතුවිය .මරණය දක්වාම ඔහු එම පක්ෂයේ උද්යෝගිමත් සාමාජිකයෙකු වී සිටි බව ඔහුගේ මරණයෙන් පසු ඔහු ගැන පෙරටුගාමින් ලිය ඇති වර්ණනා සාක්ෂි දරයි 

 මුහුණු පොතේ ලිය ඇති සටහන් මගින් අපට අවබෝධවන කරුණනම්  ආගිරිස් කොස්තා වීරයෙකු ලෙස  ඔවුන් සලකන  බවය 

දයා පතිරණ දෙමල ජනයාට ස්වයං නීර්ණ අයිතිය ඇති බව පිලි ගැනීම  නිසා ඔහු ද්‍රෝහියෙකු බව මුහුණු පොතේ සමහරු ලියා තිබුණි  

ද්‍රෝහියන් මරා දැමිය යුතුය යි තවමත් සමහරු විශ්වාස කරන බව පෙනේ 

 වර්තමාන ජවිපෙ එම මතයෙන් බැහැර වී තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා  අවස්ථා දෙකකදී කරන ලද ප්‍රකාශ වලින් හෙළිවී තිබෙන බවද සඳහන් කිරීම අවශ්‍යය 

වෙනත් මතයක් දරන්නා ඝාතනය කල යුතු යන මතය ඉතා බිහිසුනුය   

කම්පුචියාවේ පොල් පොට් එම මතය දැරූ එක් පාලකයෙකි  

ඔහුගේ මතය සමග එකඟ නොවූ කම්පුචියාවේ වැසියන්  ලක්ෂ 15ක් ඔහුගේ පාක්ෂිකයන් විසින්  මරා  දමන ලදී 

සෝවියට් දේශයේ පාලකයෙකු වූ ජෝශප් ස්ටාලින් ගේ නියෝග මත මරා  දැමු වෙනත් මත දරන්නන් ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි මරා  දැමු ඇතැමෙකු කොමියුනිස්ට් පක්ෂයේම සාමාජිකයෝ වුහ 

 මාවෝ සේතුං ගේ පාලන සමයේදී ඝාතනය කරන ලද වෙනත් මත දරන්නන්ගේ  සංඛ්‍යව ලක්ෂ කීපයකි 

 බයිබලයේ සඳහන් කරුණු වලට විරුද්ධ මත දරන්නන්  කතෝලික පල්ලිය විසින් මධ්‍යතන යුගයේදී   ඝාතනය කල බව ඉතිහායේ සඳහන් වේ


අදත් ඇෆ්ගනිස්ථානයේ  ඉරානයේ වියට්නාමයේ ලාවොසයේ කියුබාවේ උතුරු  කොරියාවේ  සහ හමුදා පාලනයන්  පවත්වාගෙන යන මියන්මාරයේ  වැසියනට   වෙනත් මත දැරීමට ඉඩක් ඒ රටවල  පාලකයන්  ඉඩ දෙන්නේ නැත 




 

 
















Comments

Anonymous said…
@ Berty

Is this news true?

//

එංගලන්තයෙන් වීසා නොලැබුනු ආණ්ඩුවේ මන්ත්‍රී

CPA එක හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ UK ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුවක් අද ඉදලා දවස් තුනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියනවා. සෑම වසරකම වගේ CPA එක මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ හැම වෙලාවකම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ඒ ආරාධනාව යවනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමානව ඒ ආරාධනාව ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බෙදලා දෙනවා.

මෙවර වැඩමුළුව විපක්ෂයේ අවස්ථාව හිමි වෙන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිට. ඔහු කොහොමත් පරිඝණක තාක්ෂන ඉංජිනේරුවෙක් නිසා විපක්ෂනායකවරයා ඔහුව නම් කරලා තියනවා. චතුර අද ඉදලා ඒ වැඩසටහනට සහභාගී වෙනවා. ආණ්ඩු පක්ෂයේ අවස්ථාව හිමිවෙලා තිබුනේ ඡන්ද පෝස්ටරයට විතරක් තොරතුරු තාක්ෂන ඉංජිනේරුවෙක් වෙච්ච නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට. පෝස්ටරයට විතරක් කියලා කියන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවම මිනිහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මුකුත් නෑ. අඩුම ගානේ OL ගැනවත් සදහනක් නෑ. හැබැයි පෝස්ටරේ ඉංජිනේරු

කොහොම හරි මේ පෝස්ටර් ඉංජිනේරුවා පක්ෂයෙන් නම් කරාට බ්‍රිතාන්‍යය ඔහුව පිලි අරන් නෑ. ඒ නිසා වීසා දීලා නෑ. නිකමට හිතහංකෝ ඩිප්ලොමැටික් පාස්පෝට් වල සුවදටත් රටවල් වීසා දෙනවා. එහෙව් එකේ බ්‍රිතාන්‍යයම සංවිධානය කරලා, බ්‍රිතාන්‍යයම ආරාධනා කරලා, බ්‍රිතාන්‍යයම සම්පූර්ණ වියදම් දරලා වැඩක් කරද්දිත් ඒකට මිනිහෙක්ට වීසා දෙන්නෑ කියන්නේ. මං මේ නිකමට අහන්නේ 157 ක්ද කොහේද ඉන්නවනේ. හරිහමං මිනිහෙක් නැද්ද මේ වගේ වැඩකටවත් එවන්න. අපරාදේ ලංකාවට හම්බෙච්ච වටිනා චාන්ස් දෙකෙන් එකක් අපතේ.//

https://www.facebook.com/share/p/1DjfNJCyUT/
Ajith Dharma. said…
මේ මම ලියපු එකක් . https://kolambagamaya.blogspot.com/2019/06/blog-post.html
Ajith Dharma. said…
ඔය පෙසපේ අය හරිම දෙබිඩියි . අනුර එතන නැහැ කියල මමත් පිලි ගන්නවා . ලයනල් බෝපගේ තේරුමක් නැති කතාවක් ලංකා ඊ නිව්ස් එකට ලියල තිබුනේ . සෝවියට් දේශයේ ස්වයං නිර්ණය තිබ්බ කියල . හෙන පචයක්
Anonymous . Everything in the article is 100%true
True ,if you are interested you can talk to Somasiri Punchirala and veryfy
බෝපගේ ට හරි දේශපාලන ස්ථාවරයක් නැති බව පැහැදිලියි . ඔහු ජවිපෙ දාල ගියේ දෙමල ජනතාවගේ ස්වයන් නීර්ණ අයිතිය පිළිගැනීම ජවිපෙ 83 කළු ජූලියෙන් පස්සේ අත් හැරිම නිසා
ඒත් විජේවීර හරි කියල තවමත් විශ්වාස කරනවා ඊ'
ලඟට පෙරටුගමින් ගාවට ගිය මිනීමරුවෙකු වන ආගිරිස් කොස්තව වර්නන කරපු එකත් share කරනවා

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...