Skip to main content

Posts

Showing posts from December, 2021

ඊශ්‍රායලය 4 වෙනි එන්නත දීමට තීරණය කරයි

                    ( මේ එන්නත්  කරනුයේ ඊශ්රායලයේ  අවුරුදු 14 ළමයෙකුට ය )_    වේගයෙන් බෝවෙන ඕම්නික්රෝන්  කොරොනාව පැතිරීම වැලැක්වීම සඳහා  4 වෙනි එන්නතකුත් දීමට ඊශ්‍රායලයේ ලෝක වසංගත කමිටුව නිර්දේශ  කර තිබේ  මෙය වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ලෙස ඊශ්‍රායල් ආණ්ඩුව අදාළ අංශවලට නියෝග කර තිබේ  4 වෙනි එන්නත කුමන නිෂ්පාදනයක් දැයි සඳහන් නොවේ. එහෙත් මීට පෙර දුන් එන්නත් තුනම ෆයිසර් බැවින් 4 වෙනි එන්නතද එයම වීමට ඉඩ තිබේ . තුන්වන එන්නත මෙන්ම 4 වෙනි එන්නතද දීමට තීරණය කළ පළමු රට ඊශ්‍රායලයි  එහෙත් 4 වෙනි එන්නත සියලු දෙනාට විදින්නේ නැත  පහත සඳහන් අයට  හතරවන වරට  එන්නත් කරනු ඇත  සෞඛ්‍ය  අංශයේ  සේවක සේවිකාවන්  වයස අවුරුදු 60 ට වැඩි අය  ප්‍රතිශක්තිය අඩු අය     ඕම්නික්රෝන් වැළඳුනු අය අතරින් එක් අයෙකු මිය යාම මේ තීරණයට බලපා තිබේ  මියගිය අය අවුරුදු 60 ට වැඩි අයෙකු වන අතර  ඔහුට වෙනත් අසනීප තිබුණු බවද වාර්තා වෙයි ඔහු මිය යාමට හේතුව වී තිබෙන්න...

හොඳ හොඳ සෙල්ලම් මහා රෑ ජාමෙට

                                නිමල්කා මොරහෙල      යුගදනවී විදුලි බලාගාරය ඇමරිකානු සමාගමට ලබා දීම පිලිබඳ ගිවිසුමට අත්සන් කළ නිව් ෆොර්ට් ‍ රස් සමාගමේ නියෝජිතයා වූ ඩැනියෙල් නයිට්ගේ (Daniel Knight)ගේ අත්සන සහතික කිරීම සඳහා සාක්කි කරුවෙකු ලෙස අත්සන් කර ඇත්තේ ඇහින්දාස් කෙනෙකු බව වාර්තාවේ එම ඇහින්දාස් වනාහි නිමල්කා මොරහෙල නමැති සංචාරක ව් ‍ යාපාරය ප් ‍ රවර්ධනය කිරීමට සම්බන්ධ ලංකාවේ කාන්තාවකි ඇමරිකානුවා ගුවන් තොටුපොළේ සිට අත්සන් තබන ස්ථානයට වාහනයකින් එක් කර ගෙන ඒමත් ආපසු ගුවන් තොටුපොළට රැගෙන යාමත් ඇයට පැවරී තිබු වගකීම බවත් ඔහුගේ නම හැර ඔහු ගැන වෙන කිසිවක් ඇය නොදන්නා බවත් දිලිත් ජයවීරගේ ඉංග් ‍ රීසි පත්තරය වන The Morning විමසු විට ඇය කියා තිබේ  . ගිවිසුම අත්සන් කරන ස්ථානයටගිය පසු ඇමරිකානුවා ගිවිසුමට අත්සන් කළ බවත් ඔහුගේ අත්සන සහතික කරමින් අත්සන් කරන ලෙස ඇගෙන් ඉල්ලා සිටි බවත් ඇය කියා තිබේ .                           ...

මාක්ස්වාදියෙකු චිලියේ ජනාධිපති පුටුව අල්ලයි

       ඊයේ, දෙසැම්බර් 19 දින  පැවතී චිලියේ ජනාධිපතිවරණයෙන් යන්තම් අවුරුදු 35 සම්පුර්ණවූ ගේබ්‍රියෙල් බෝරිට් ෆොන්ට්   අති විශාල වැඩි චන්ද සංඛ්‍යාවක් ලබා මී ළඟ  ජනාධිපති ලෙස තේරී පත්විය  මේ ලිපිය ලියන විට ගණන් කර තිබු චන්ද සංඛ්‍යාව 99%කි  ගණින ලද චන්ද සංඛ්යාවෙන් 55.86%ක් ඔහුට ලැබී තිබුණ අතර අන්ත දක්ශිනාන්ෂිකයෙකු වන    ඔහුගේ ප්‍රතිවාදි ජොසේ ඇන්ටෝනියෝ කාස්ට්  ට  ලැබී තිබුනේ 44.14%කි  ගේබ්‍රියෙල් ලැබූ චන්ද සංඛ්‍යාව චිලියේ  ජනාධිපති අපේක්ෂකයෙකු ලැබූ වැඩිම චන්ද සංඛ්‍යාවයි  චිලි ජනාධිපතිවරණයේ පළමු වටයේදී ගේබ්‍රියෙල්  චන්ද   25.82%ක්  ලබා  දෙවෙනියා බවට පත්වීම නිසා ඔහුගේ වාමාංශික කතාවල සැර බාල කරන්නට සිදුවිය මධ්‍යස්ත මත ධාරීන්ගේ චන්දය නොමැතිව චන්දය දිනන්නට බැරි බව ඔහු වටහා ගත්තේය .       පළමු වටයෙදී 27.98% ලබා ඉදිරියෙන් සිටි දක්ෂිනාන්ෂික අපේක්ෂකයා දෙවෙනි වටයේදී ජයගනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාස කළහ එහෙත් වාමාංශික අපේක්ෂකයා විප්ලවීය කතා අත හැර දමා මධ්‍යස්ත ලෙස අදහස් පලකිර...

අඩෝ සකර්බර්ග් !

   අඩෝ සකර්බුර්ග් ,  මං හිතුව ඔහේ ජාතිවාදයට විරුද්ධ පොරක් කියල . දැන් බැලුවහම  පේන්නේ නම්  ඔහෙත් ඉන්නේ අඥානසාර සහ  මහසෝනා සමාගමේ පැත්තේ කියල  මං දවස් දෙකකට කලින්   ලිව්ව පෝස්ටුවක් නිසා දවස් තුනකට බුකියේ හෙවත් මුහුණු පොතේ  ලියන්න දෙන්නේ නැහැ කියල ඔහේ  ඊයේ  උදේ  මට පණිවිඩයක් එවල තිබුන  .මම ඔය තීරණේට  විරුද්ධයි කියල මම ආපහු ලියල යැව්වා එතකොට ඔහේ ආයි පණිවිඩයක් එව්වා.තීරණේ වෙනසක් නැහැ  දවස් තුනකට  ලියන්න දෙන්නේ නැහැ කියල අඩු වශයෙන් අනුන්ගේ පෝස්ටුවකට කොමෙන්ටුවක් තියා  like එකක්වත් දාන්න දෙන්න බෑ කියල  යකෝ මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ  නඩු ඇහිල්ලක් නේ  .       බඩුත් හාන්දුරුවන්ගේ  නඩුත් හාන්දුරුවන්ගේ .අර බයිලන්තයේත් ඔන්න ඔය විදිහම තමයි      අයිසේ සකර්බර්ග් ඔහේ මට දවස්  තුනක තහනමක් දැම්මේ ඔහෙ  සිංහල  දන්නා නිසා නේ.  එහෙනම් මම මේ කියන ටික අවසානයට වෙනකම්ම  කියවල ඔහේගේ අදහස් කොමෙන්ටුවක් විදිහට යටින් ලියල එවන්න හැබැයි ඔහේ ලියන ඒවා මම ...

පකිස්ථානයෙන් ආ ගැටයා

  මතුගම අධ් ‍ යාපන කලාපයේ ඉංග් ‍ රීසි විෂය භාර අධ් ‍ යක්ෂ කම කරන කාලයේ මම විදේශ විශ්ව විද් ‍ යාලවල ඉගෙන ගන්නා සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගෙන ළමුන්ට ඉංගිරිසි කතාව හුරු කිරීමට උත්සහ කළෙමි. එම සිසුන් සහ සිසුවියන් මට ගෙන්වා දුන්නේ රටවල සියගනනක විශ්ව විද්යාල සිසුන්ගේ සංවිධානයක් වූ අයිසෙක් (AIESEC) හි ලංකා ශාඛාව මෙහෙයවන සිසුන් කීප දෙනෙකු විසිනි . වරකට සිසුන් /සිසුවියන් හතර පස් දෙනා බැගින් ගෙන්වා දීමට ඔවූන් මට උදව් කළ අතර මගේ වගකීම වුයේ ඔවුන් පාසලකට අනුයුක්ත කිරීමත් ඔවුන්ට ආහාර සහ නවාතැන් සපයා දීමත්ය අදාල පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ඉංග් ‍ රීසි ගුරුවරුන්ගේ සහයෙන් එය ඉටු කිරීමට මට හැකිවිය . එසේ පැමිණි සිසුන්ට මම දුන් උපදෙස වුයේ ඉංග් ‍ රීසි උගන්වන්නට උත්සහ නොකරන ලෙසත් සිසුන් සමග විවිධ ක් ‍ රියාකාරකම් වල යෙදෙමින් ඉංග් ‍ රීසියෙන් ඔවුන්ට කතාකරන ලෙසත්ය. එසේ ගෙන්වූ එක සිසුවෙක් වුයේ පකිස්ථානයේ විශ්ව විද් ‍ යාලයක ඉගෙන ගනිමින් සිටි තල්හා වහීඩ්ය මම ඔහුව අනුයුක්ත කලේ මතුගම ජාතික පාසලක් වන ආනන්ද ශාස්ත්රාලයටය එකල එහි විදුහල්පතිවු රණවීර මහතාට ළමුන්ට ඉංග් ‍ රීසි ඉගැන්වීමට ලොකු කැක්ක...