මහින්ද රාජපක්ෂ මහතාට 2015 ජනාධිපතිවරණයේදී චීනය ආණ්ඩුවට අයත් China Harbour Engineering Company නමැති සමාගම අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක් ලබා දී ඇති බව New York Times පුවත්පත ඊයේ (ජුනි 25 ) පළකළ ලිපියක සඳහන් වේ . 2015 ජනවාරි මස 1 වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම රු.131.23 ක් වුයෙන් චීන වරය සමාගම රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණය මැතිවරණ ව්‍යාපාරයට දී ඇති මුදල රු.ලක්ෂ 9975 කි . (කෝටි 100 කට ආසන්නය ) මේ පිළිබඳව කුමක් කියන්නේදැයි දැනගැනීම සඳහා රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුගේ අතවැස්සන්ගෙන් මාස ගණනක් තිස්සේ විමසු නමුත් ඔවුන් නිහඬව සිටි බව New York Times පුවත්පත කියයි China Harbour සමාගමෙන් මේ පිළිබඳව විමසු නමුත් ඔවුන්ද කට වසාගෙන සිටි බව පුවත්පත කියයි චීනයේ සියලු ඉල්ලීම වලට රාජපක්ෂ මහතා අවනත වී ඇති බවත් ඇතැම් රහස් තොරතුරු චීනයට දැනුම් දීමටද රාජපක්ෂ ආණ්ඩුව එකඟ වූ බ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත