'සටන් සගයෙකුගේ නික්ම යාම' යනුවෙන් සඳහන් කරමින් මෙම මරණ දැන්වීම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙකු මුහුණු පොතේ පළකර තිබුණි මොහුගේ නම මම මීට පෙර අසා තිබුණු බැවින් 'මොහු කවුද ?'යනුවෙන් විමසමින් ඉහත මරණ දැන්වීම වහාම මුහුණු පොතේ පලකලෙමි එයට ප්රතිචාර දැක්වූවන් අතර දයා පතිරණ ඝාතනය කරන ලද්දේ මොහු විසින් බව දෙතුන් දෙනෙකු ලියා තිබුණි ඉන් එක අයෙකු වුයේ සෝමසිරි පුංචිරාළ ය .දයා පතිරණ සමග පැහැරගෙන යනු ලැබූ අනෙක් තැනැත්තා සෝමසිරි පුංචිරාළ ය ඔහු මෙසේ ලියා තිබුනේය Somasiri Punchirala දයා පතිරණ ඝාතනය කිරීමට ආගිරිස් කොස්තා සෘජුවම සම්බන්දයි. මා ඇතුලු දයාපතිරණත් ජපුර විශ්ව විද් යාලයෙන් පැමිණි ජවිපෙ සිසුන් දෙදෙනාත් තුම්මුල්ලේ හර්කියුලීස් ට් රේලර් ශොප් එක ලගදී පැහැර ගත්තා. ජවිපෙ සහෝදරවරු දෙන්නා අවස්තා දෙකකදී මග දාල ගියා. ඒ දෙන්නා පැය ගානක් අපි සමග කොලොබ කැම්පස් එකේ දී අදාල සාකච්ඡාවට සම්බන්ද උනා ඒ දෙන්නා අපි සමග තේ බීවා. බිල ගෙව්වේ මම. මම අහන ඉතා සරල ප් රශ්නය මේකයි. ජවිපෙ සිසුන් දෙන්නා මේ බරපතළ සිදුවීම පොලීසියට පැමිනිලි නොකලේ ඇයි? දයා පතිරණ යන...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත