වමේ පක්ෂ මෙන්ම සිංහල ආධිප්තයවාදී මත දරන පතුරු පක්ෂද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනීමට විරුද්ධය ඔවුන්ගේ මතය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගත් කිසිවෙකු ගොඩ ගියේ නැති බවය. තවත් හිඟමනට වැටුණු බවය. ඇත්ත වශයෙන්ම ගොඩ ගිය රටවල් ගණනවක් තිබේ අසාර්ථකවූ රටවල් කීපයක්ද තිබේ අසාර්ථක වුයේ නම් ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශ්නයක් නොව එම රටවල ආර්ථිකය මෙහෙයවන්නන්ගේ දුර්වල කම් නිසා බව සමහරු කියති මේ ගැන වටිනා විග්‍රහයක් ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කබීර් හෂීම් මහතා කළේය YOU TUBE හි මෙම කතාව තිබිය හැක. එය සවන්දීමට වටිනා කතාවකි මන්ද ඔහු මධ්‍යස්ත ලෙස සිටිමින් එම කතාව කළ නිසාය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විකල්පයක් ඉදිරිපත් කරමින් කතා කලේ විමල් වීරවංශ පමණි ඔහු උදාහරණයක් ලෙස එල් සැල්වදෝරය දැක්වීය චීනය එල් සැල්වදෝරයේ ණය පවරාගෙන ණය සහ පොලිය අදාළ ආයතනවලට ගෙවීමට සුදානම් බවත් එල් සැල්වදෝරය මේ සම්බන්ධයෙන් චීනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වෙමින් සිටින බවත් ඔහු කීය මේ ගැන මවිසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය වුයේ චීනය එවැනි යෝජනාවක් එල් සල්වදෝරයට කර ඇති ...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත