හාල් කිලෝවක් මිලදී ගන්න, ගෑස් සිලින්ඩරයක් ගන්න , භූමිතෙල් ටිකක් හොයාගන්න ළමුන්ට උගන්වන්න ගෙයක් දොරක් හදාගන්න නොනවතින ධාවන තරඟ යක ට අපි එකතු වී සිටිනවා සේම විශ්වය පුරා අපි හැම මොහොතකම දුවමින් ඉන්නේ ඒත් අපි දුවන බව අපිට දැනෙන්නේවත් නැහැ ඒ මොකද ? ඒ කොහොමද ? 1 පෘතුවිය අපිවත් රැගෙන සිය අක්ෂය වටා නොනවත්වා දුවනවා එක වටයක් දුවන්නට පැය 23 විනාඩි 56 තත්පර 4.09 ඊට ගතවෙනවා සාමාන්යෙන් අපිව අරන් දුවන වේගය පැයට කිලෝමීටර් 1500 කට වැඩියි 2 පෘතුවිය අපිව රැගෙන සිය අක්ෂය වටා දුවනවා සේම සුර්යයා වටාත් දුවනවා. එම වේගය පෘතුවිය සිය අක්ෂය වටා දුවනවාට වඩා මහා වේගයෙන් දිවිල්ලක් එම වේගය තත්පරයට කිලෝමීටර් 30 ක් විතර දිවිල්ල එතනින් නතර වෙන්නේ නැහැ 3 සුර්යයා සිය ග් රහ ලෝක පද්ධතියත් රැගෙන අපගේ මන්දාකිනිය වන ක්ශීරපථය වටාත් දුවනවා එකවටයක් යාමට අවුරුදු මිලියන 220-250 අතර කාලයක් ගතවෙනවා . 4 ඉතින් දිවිල්ල එතනින් නවතින්නේ නැහැ අපගේ මන්දාකිනිය, (GALAXY) ආසන්නයේ තිබෙන අපේ මන්දාකිනි කණ්ඩායම සමග රේස් එක්ක දුවමින් ඉන්නේ. අපේ මන්දාකිනිය ඉන්නේ 60 ක කල්ලියක් එක්කයි . ඒ කල්ලියේ දෙවෙනියට විශාල මන්ද...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත