ප්‍රංශයේ Airbus සමාගමෙන් ඩොලර් බිලියන 2.3 කට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාබස් 10 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේදී ගිවිසුමක් අත්සන් කළ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පුරුවේ ගිණුමකට ඩොලර් මිලියන දෙකක පගාවක් එයාබස් සමාගම තැන්පත් කොට ඇති බව පසු ගියදා ලන්ඩනයේ පැවති නඩු විභාගයකදී හෙළිවීමෙන් පසු ලංකාවේ ඉහල නිලතල වල සිටින්නන් අමු හොරු රැලක් බව සැකයකින් තොරවම තහවුරු වී තිබේ . ඩොලර් මිලියන දෙක සම්පුර්ණ පගාව නොවේ . පොරොන්වී තිබෙන මුළු පගාව ඩොලර් මිලියන 16 .84 කි . කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ Biz Solution නමැති සමාගමට ලැබුණු පගාවෙන් ඩොලර් ලක්ෂ 8 ක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන වන්නකවත්ත වඩුගේ නිමල් හේමසිරි පෙරේරා ට අයත් SABRE VISION LTD නමැති සමාගමකට 2014 එවා තිබේ .එම සමගම ලියාපදිංචි කර තිබෙන්නේ බ්‍රිතානයට අයත් වර්ජින් දුපතේය ( British Virgin Islands ). ඒ අතර...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත