ඇතිවී තිබෙන්නෙ බරපතල දේශපාලන අර්බූදයකි එය ආර්ථික අර්බූදයක් දෙසට ගමන් කරමින් තිබේ.සෑම පැයකම දේශපාලන අර්බූදය උග්‍ර අතට හැරෙමින් තිබේ.එය ලේ ගැලීම දක්වා පැතිරෙමින් යයි. තව මිනිස් ජීවිත ගණනාවක් බිලිගනු ඇත. මේ අර්බූදය ඇරඹුනේ රාත්‍රි කාලයේ රහසිගතව අගමැති ලෙස මහින්ද රාජපක්ශ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාය. එහෙත් මේ මොහොත වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර මංත්‍රිවරු පිරිසක් සහයෝගය ප්‍රකාශ කර තිබේ ඔවුන් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් කථානායකවරයා ට භාරදීමට යනබව වාර්තාවී තිබේ. ඔහුට සහය දෙන මංත්‍රි සංඛ්‍යාව 125 ඉක්මවා තිබෙනබව පෙනේ. එක්සත් ජාතික පක්ශයේ මංත්‍රිවරු පිරිසක් ජනාධිපති ට සහය දීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ශා කර තිබූ නමුත් එම බලාපොරොත්තු කඩවෙමින් තිබේ. ආනන්ද අලුත්ගමගේ මංත්‍රිවරයා හැර අන් සියලුම එජාප පෙරමුනේ මංත්‍රිවරු රනිල් වටා රැස්වී ඔහු ආරක්ශා කිරිමට ඉදිරියට පැමින සිටී. දැන් සිදුවෙමින් තිබෙන්නේ ජනාධිපති වරයා කිසිසේත්ම අපේක්ශා නො...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත