Skip to main content

Posts

Showing posts from February, 2020

එයාබස් පගාව බෙදුවේ කාටද ?

          ප්‍රංශයේ Airbus සමාගමෙන් ඩොලර් බිලියන 2.3 කට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාබස් 10 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේදී ගිවිසුමක් අත්සන් කළ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියා  වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පුරුවේ ගිණුමකට ඩොලර් මිලියන දෙකක  පගාවක්  එයාබස්  සමාගම තැන්පත් කොට ඇති බව පසු ගියදා ලන්ඩනයේ පැවති නඩු  විභාගයකදී හෙළිවීමෙන් පසු ලංකාවේ ඉහල නිලතල වල සිටින්නන් අමු හොරු රැලක් බව සැකයකින් තොරවම තහවුරු වී තිබේ . ඩොලර් මිලියන දෙක සම්පුර්ණ පගාව නොවේ . පොරොන්වී තිබෙන මුළු පගාව ඩොලර් මිලියන 16 .84 කි . කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ Biz Solution නමැති සමාගමට  ලැබුණු පගාවෙන් ඩොලර් ලක්ෂ 8 ක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන වන්නකවත්ත වඩුගේ  නිමල් හේමසිරි  පෙරේරා ට අයත්  SABRE VISION LTD නමැති සමාගමකට 2014 එවා තිබේ .එම සමගම ලියාපදිංචි කර තිබෙන්නේ බ්‍රිතානයට  අයත් වර්ජින් දුපතේය ( British Virgin Islands ).    ඒ අතර  ඇය විසින් එම වසරේදීම යුරෝ 160000 ක් (රු.මිලියන 30ක්) SL AGRO නමැති ලංකාවේ සමාගමකට එවා තිබෙන අතර එම සම

පිටසක්වල වාසින් සොයා යන ගමනක්

පහත දැක්වෙන චායාරුපය ගත්තේ කවුද ? පිටසක්වල වසන බුද්ධිමත් ජිවියෙක්ද ? ඉහත පින්තුරයේ දැක්වෙන්නේ අපසමග නිරන්තරයෙන් වාගේ ගමන් බිමන් යන   චන්ද්‍රයා සහ අප වසන පෘථිවියයි. මෙම දර්ශනය චායාරුපය ගත හැක්කේ  අභ්‍යවකාශයේ ඉතා දුරක සිටයි  . මේ චායරුපය ගනු ලැබුවේ Voyager 2 යානයයි . එම යානය මෙම චායාරුපය ගනු ලැබුවේ පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 11.66ක් දුර සිට 1977 සැප්තැම්බර් 18 වනදායි ,පෘථුවිය වඩාත් පැහැදිලිව පෙනීම සඳහා කෘතීම ලෙස වර්ණ ගැන්වූ බව සඳහන් වෙනවා . Voyager 1 සහ Voyager 2 නමින් යානා දෙකක් 1977 දී දෙවරකට අවභ්‍යවකාශයට යවනු ලැබුවා එම යානා දෙක මේ වන විට ගමන් කරන්නේ පිලිවෙලින් අපේ ලෝකයේ සිට කිලෝමීටර් බිලියන 13.88 සහ 11.5 ක් දුරකින් .එම යානා යුරේනස් සහ නැප්චුන් ග්‍රහයන් පසු කොට ගියේ 1989 වසරේදී . එම යානා අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්ව අනන්තය බලා ගමන් කරමින් ඉන්නේ .                            Voyager 2  අභ්‍යවකාශ යානය      ටික දවසක් අක්‍රියව තිබු Voyager 2 යානය යලිත් ක්රියා කාරිවී තිබෙනවා .පොළොවේ සිට එම යානයට ආලෝකයේ වේගයෙන් නියෝග යවන අතර නියෝගයක් යාමට පැය 17 ක් ගත වෙනවා.