Skip to main content

Posts

මළවුන් හතලිස් නව දෙනෙකු සමග රාත්‍රියක්

                                      දිනය 2017 අප්‍රියෙල් 4 වනදාය .කොළඹ  හෝටලයක පැවතුණු  මංගල උත්සවයකට සහභාගී වී  හෝටලයෙන් පිටතට  මා පැමිණෙන  විට  රාත්‍රී 11 ට  ආසන්න වී  තිබුණි .ගාල්ල  දෙසට  යන  බස්  රථයකින්  කළුතරට  ගොස්  කටුකුරුන්දේ  වසන  මගේ  ඥාතියෙකුගේ  නිවසේ  රාත්‍රිය ගත  කොට පසුදා උදැසන ගෙදර  යාම මගේ සැලැස්ම විය .ලේක්හවුස් වටරවුම දක්වා  පා ගමනින් ගිය  මා  එහි බස්  නැවතුමක  නතර වී  බල සිටියේ  ගාල්ල දෙසට  යන බස්  රථයක් එනතුරුය. පැය භාගයකට ආසන්න වෙලාවක්  බලා සිටි නමුත් බස්  රථයක් නොපැමිණියෙන්  මා සිටියේ  තරමක්  නොසන්සුන්වය .මගේ නොසන්සුන් තාවය වැඩි කිරීමට බස්  නැවතුමේ  සිටි  තරුණියද හේතුවූ බව  අවංකව  ඔබට  කිව  යුතුය.තරමක සුරුපිනියක් වූ ඇය මා  හා  කත...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

හොරගොල්ලේ පොල්ගහ

බණ්ඩාරනායක මහතා හොරගොල්ල වලව්වේ ඉදිරිපස එහාට මෙහාට සක්මන් කළේ අසහනනයෙන් සහ කේන්තියෙනි . එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා තමන් වුවත් ඩි . එස්. සේනානායකගෙන් පසු පක්ෂයේ නායකයා බවට ඩඩ්ලි සේනානායක පත් කිරීමට රහසිගත කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව බණ්ඩාරනායක මහතා දැන ගත්තේ හෝරා දෙකකට කලිනි. කිසිවෙකු තමන්ගේ හිසට පිස්තොලකින් වෙඩි තැබුවාක් මෙන් ඔහුට දැනිණ. බොහෝ වෙලාවක් සක්මනේ යෙදුණු ඔහු කීප දෙනෙකු සමග දුරකතනයෙන් කතා කොට අවසන් නිගමනයකට පැමිණියේය.   " You  fucking bastards ! I'll teach you a fucking lesson   " කියා හොරගොල්ල වත්තේ  සිට   මහපාරට ඇසෙන්නට  කැ  ගැසූ   බණ්ඩාරනායක  මහතා  පසුදා  සිට පන්සල්   චාරිකාවක් අරඹා අලුතෙන් ආරම්භ  කරන  පක්ෂයට භික්ෂුන් වහන්සේලාගේ  සහයෝගය ලබා  ගත යුතු  යැයි තීරණය  කළේය.  චාරිකාව  අරඹා  තුන්වන දිනයේ කැලණිය රජමහා විහාරයටද  ගොඩවිය . එහි අධිපතියාවූ බුද්ධරක්ඛිත ඔහු  සාදරයෙන් පිළිගෙන  විස්කි සංග්‍රහයක්ද ...