ගෘහ සේවයට 18 පිරුනොත් ඇද්ද ? ================= ඉෂාලිනිගේ මරණයෙන් පසු ඇතැමෙකු ඒ ගැන ලියන්නේ මුස්ලිම් විරෝධී ආකල්පයෙන් මිස ගෘහ සේවයේ යෙදෙන්නන්ගේ යහපත වෙනුවෙන් අවංකව සිතා නොවනැ බව පෙනේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අනුව කොළඹ සහ ගම්පහ දිස්ත් රික්වල ගෘහ සේවක සේවිකාවන් 43000 ක් සිටිති ඒ අනුව බැලු විට රට පුරා ලක්ෂ දෙකකට අධික පිරිසක් ගෘහ සේවයේ යෙදෙන බවට අනුමාන කළ හැකිය ගෘහ සේවයේ දෙන්නගේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය කියා නීති සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියනු මම අසා සිටියෙමි එය පමණක් ප් රමාණවත්ද ? ගෘහ සේවය ඇතුළු එතෙර රැකියාවලට යාමේදී ස්වාමියා සහ සේවකයා ගිවිසුමකට අත්සන් තබති . එසේ අත්සන් තබන ලද ගිවිසුම නොමැතිව එතෙර යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර නොදෙයි එම ගිවීසුම නොතිබුනේ නම් එතෙර රැකියා කරන වැඩි දෙනෙකුට වහලුන් සේ සේවය කිරීමට සිදුවනු ඇත අපේ රටේ ගෘහ සේවයේ යෙදෙන අයගෙන් විශාල පිරිසකගෙන් වහල් සේවයක් ලබා ගන්නා බව ඉෂාලිනිගේ මරණයත් ඊට පෙර අපට මාධ් ය මගින් කියවන්නට දකින්නට ලැබුණු පුවත් අනුව අනුමාන කළ හැක එබැවින් අපේ රටේ ඇති...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත