රංජන් රාමනායක ඊයේ (2020-1-21 ) පාර්ලිමේන්තුවේ කළ කතාව ඉතා වැදගත්ය .ඇතැමුන් කියන්නේ ඔහු විසින් පාර්ලිමේන්තුවේ සිටි වැඩි දෙනෙකුගේ රෙදි ගලවා දැමු බවය . බොහෝ දෙනා නොදැන සිටි කතා රැසක් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ට අනුව ජුලියන අසන්ගේ විසින් ලොවට හෙළි දරව් කළ විකි ලීක්ස් ලේඛන වලට වඩා රන්ජන්ගේ හඬ පට බලවත්ය . ඊයේ රංජන් කල කතාව තව බොහෝ කලක් යන තුරු රැව් පිළිරැව් දෙනු ඇත . හොරුන් සම්බන්ධයෙන් ඔහු සතු සියලු හඬ පට පමණක් නොව ඔහු ළඟ තිබෙන වීඩියෝ පට, B වාර්තා, සහ වෛද්‍ය සහතික ද ඊයේ පාර්ලිමේන්තු සභා ගත කරන බව රංජන් කියා සිටියේය . මේවා ඉදිරි කාලයේදී මහජනයාට දැනගත හැකි වනු ඇත ඒවා මගින් තවත් බොහෝ අයගේ යට ඇඳුම්ද ගැලවෙනු ඇත . රංජන් ඊයේ කල කතාව අසන්න
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත