1987 ජුලි 29 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොළඹදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබුවේය .එවැනි ගිවිසුමකට එළඹීමට ලංකාවට සිදුවුයේ උතුරේ සහ නැගෙනහිර දෙමල සංවිධාන රැසක් ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ අරගලයක නිරතව සිටි නිසාය . එය මර්ධනය කිරීම සඳහා ජේ,.ආර් නොකළ දෙයක් නැත එහෙත් එය පාලනය කළ නොහැකි විය ජේ ආර් ඇමරිකාවෙන් උදව් ඉල්ලු විට ඇමරිකාව ඔහුට කිවේ ඉන්දියාව සමග ප්‍රශ්නය විසඳාගන්නා ලෙසය . ඉන්දියාව උතුරේ සංවිධානවලට උදව් කළේ හේතු දෙකක් නිසාය ජේ ආර සහ ආර් ප්‍රේමදාස ඉන්දියාවට විරුද්ධව ඇමරිකාවට පක්ෂ විදේශ ප්‍රතිපත්තියක් ගෙන යාම එක හේතුවකි ඕනෑම රටක් තම අසල්වැසියා සතුරු පිල සමග එකතුවීම ඉවසන්නේ නැත සතුරාට කෙනිත්තිමට මගක් සොයමින් සිටි ඉන්දියාවට කදිම අවස්ථාවක් ආණ්ඩුවේම ජාතිවාදී පිරිස සොයා දුන්නේය . ඒ 1983 කළු ජුලියයි. ඉන්දියානු ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නයට මැදිහත්විය .තමිල් නාඩුවේ කෝටි පහමාරක දෙමල ජනකායක් සිටි බැවින් ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට නිහඬව සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක . උතුරේ හමුදා ප්‍රහාර නිසාද කළු ජුලිය නිසාද ලක්ෂ දෙකකට ආසන්න දෙමල මිනිසුන් ආරක...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත