දවස් දහයක් දොළහක් තිස්සේ GMOA හෙවත් දොස්තර සංගමයේ ලොකු මහත්තරු අම්ම මුත්තා කාලේ වත් නොකාපු හොඳ පරිප්පුවක් කමින් සිටින නිසා බඩ සෑහෙන්න අප්සැට් එකේ සිටින බැවින් ඔවුන්ට ඉස්කොතුවක් දී ගොඩ වෙදකමක් කරන්නටයි මා කල්පනා කළේ. මා එසේ ඉස්කෝතුවක් දෙන්නේ වෙන කිසිවක් නිසා නොව පාසල්වලට ළමුන් ඇතුලත් කිරීම පිළිබඳව ලොකු මොළ, පුංචි මොළ, බුරු මොළ සහ කුණු මොළ තියන කාගේත් ඔලු කට්ට අස්සට හිතන්න උගන්වන සංවාදයක් GMOA ලොකු මහත්තුරු ඇති කළ නිසයි. අධ්‍යාපනය ගැන කැක්කුමක් තියෙන අපි වගේ අයගේ ලේ කෝප කරන සිද්ධියක් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා මීට මාස කීපයකට පෙර ඇති කළා. තෙවරප්පෙරුම උන්නැහැ උපවාසයක් හා දිවි නසා ගැනීමේ විගඩමක් රඟ ප...
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත