Skip to main content

Posts

Showing posts from March, 2021

මියන්මාරයේ මොකෝ වෙන්නේ ?

   බුරුමය හෙවත් මියන්මාරය  අද එකම ගිනි ජාලාවකි. ඉකුත් පෙබරවාරි 1 දා එරට හමුදාව සිවිල් පාලනය පෙරලා දමා  බලහත්කාරයෙන් පාලන බලය අත්පත් කර ගත්තේය   ඊට දින දෙක තුනකට  පසු මහජනයා වීදිවලට පැමිණ හමුදා කුමන්ත්‍රණයට සිය විරෝධය පළකරන්නට පටන් ගත්හ  . මේ වන විට මියන්මාර හමුදා පාලනයට එරෙහිව රටේ 80%කට අධික ජනතාවක්  සිය විරෝධය පළකරමින් සිටිති  පාලනය උදුරා ගැනීමට එරෙහිව  ලක්ෂ ගණන් ජනයා මේ වන විට  විරෝධය පළකර තිබේ  එය මර්ධනය කිරීමට හමුදා ජුන්ටා  පාලනය  දිනපතාම පාහේ මිනිසුන් මරා දමමින් සිටි  මේ වන විට 60 කට අධික පිරිසක් විදිවලදී වෙඩි තබා ඝාතනය කර ඇත. ජාතික ප්‍රජාතනත්‍රවාදී සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වදහිංසා කොට මර දමා තිබේ  දෙවන මන්ත්‍රීවරයා මරා දමා තිබුනේ අද පාන්දරය  මේ  වන විට    2000 කට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . එහෙත් මරණය හමුවේ දහ දහස් ගණනක් ජනයා දිනපතාම මහමගට බැස  අවුන් සාන් සුකී නිදහස් කොට ප්‍රජාතනත්‍රවාදී පාලනය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් කෑගසති .  ඉස්සර අපි මියන්මාරය හැඳින්වූවේ  බුරුමය කියාය.  ඉංග්‍රීසියෙන් කියන්නේ බර්මා (Burma) කියාය. බුරුමය, මියන්මාරය කියා වෙනස් කරේ 198