Skip to main content

Posts

Showing posts from August, 2020

සුද්දෙක් කී කතාවක්

මේ කතාව මට කිව්වේ අපේ හාමිනේය අපේ හාමිනේ රස්සාව කලේ අගලවත්තේ පිහිටි ශ් ‍ රී ලංකා රබර් පර්යේෂණායතනයේය. මීට අවුරුදු 15 කට පෙර අවුරුදු 90 ත් පැන්න සුද්දෙක් සිය හාමිනේත් දුවත් සමග රබර් පර්යේෂණායතනයට ආවේය . දුව ආ විගස පිටිපස්සට දිව්වාය. ටිකකින් ආපසු ආවාය " මම උපන්නේ ඔය පිටිපස්සේ තියෙන ගෙයි. ඒක බලන්නයි මම දුවල ගියේ " දු කීවාය වයසක සුද්දා දුව සමග කඳු පල්ලම් නගිමින් බසිමින් ආයතනයේ සියලු ප් ‍ රධාන ස්ථාන දෙස බලමින් අතීතය සිහි කළේය . සුද්දාගේ නම මොල්රිච් ය ඔහු රබර් පර්යේෂණායතනයේ සිටි පළවෙනි ප් ‍ රධාන පරිපාලන නිලධාරියාය . 1948 තෙක් මෙහි සේවය කළ ඔහු සිය පවුල සමග ඕස්ට් ‍ රේලියාවේ පදිංචියට ගියේය . ඔහු මෙවර එහි සිට ලංකාවට ආවේ තමන් සේවය කල ස්ථානය බලා සතුටක් ලබන්නටය . හැමතැනම ඇවිද බැලීමෙන් පසු පර්යේෂණායතනයේ නිලධාරිහු මොල්රිච් ට සහ පවුලේ අයට තේ පැන් සංග් ‍ රහයක් කළහ . තේ බොන ගමන් ඔහු පරණ කතාවක් කිවේය . ඒ කාලේ උදේ 8 ට මේ ආයතනයේ වැඩ පටන් ගත්තේ . විනාඩියක් පරක්කු වෙලා ආවොත් මම දඩ ගහනවා . 1948 පෙබරවාරි 5 වෙනිදා මම ඔෆිස් එකේ ඉන්න කොට ක්ලාක් කෙනෙක් වැඩට