Skip to main content

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හාමිනේ


Melania Trump's strange legwear ends year of curious outfits

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නෝනා මෙලනියා ට්‍රම්ප් වතුර ගෙන ඒමට දිනපතා උදේ හවස අල්ලපු වත්තට යන්නීය ඊට හේතුව ධවල මන්දිරය තිබෙන භුමියේ ලිඳේ වතුර කිවුල් රහ නිසාය .ඇය එම ලිඳේ වතුර පාවිච්චි කරන්නේ රෙදි සේදීමට, වලන් පිගන් සේදීමට ආදි වැඩ වලට පමණි.


අල්ලපු ගෙදරට වතුර ගෙන එන්නට ඇය ගිය විට එම නිවසේ සිටින කාන්තාව මෙලනියා සමග ඕප දුප කතා කරන්නට නොවරදවාම එන්නීය ගිය සතියේ ඉරිදා හැන්දෑවේ වතුර ගෙන ඒමට ගිය විට මෙලනියා යන විට අල්ලපු ගෙදර කාන්තාව හෙවත් ජේන් ලිඳ ළඟ සිටියාය


"ඔයාගේ මහත්තය මේ දවස්වල චීනෙට ලවක්දෙවක් නැතිව බනින්නේ ඇයි අනේ ?අමු කැවිලද කියල හුඟක් අය අහනව ' ජේන් ඇසුවාය


"මේකනෙ ජේන් , අපේ මිනිහගේ ගොන් කම් නිසා මේ රටේ මිනිස්සු ලස්සෙකට වඩා කොරෝන වලින් මැරුනනේ. ඉතින් ලබන සැරේ චන්දෙ ඉල්ලන්නේ නැහැ කිව්වා ඉල්ලලා පරදින්න බැහැ කියල "


Melania Trump Might Actually Wield More Power in the White House ...

"ඉතින් චීනෙට බනින්නේ මොකද ? චීනේ මොකක්ද කරපු වැරැද්ද ?"


"මෙහෙමයිනේ අනේ, එයාගේ උපදේශකයෝ දීපු උපදෙස් නේ "


"නල්ලමලේ උපදේශකයෝ තමයි එයාටත් ඉන්නේ .උන් මොනවද කියල තියෙන්නේ "ජේන් ඇසුවාය .


"ඒ අය කියල කොරෝනවලින් මිනිස්සු මැරිච්ච එක තමන්ගේ ගොන්කම් වලින් උනා කියන එක වහගන්න තියෙන හොඳම ක්‍රමේ චීනෙට බනින එක කියල . මේ ලෙඩේ විස්තර චීනේ හංගපු නිසා ඇමරිකාවට බෝ උනා කියල එක දිගට බනින්න කියල. එහෙම දිගටම බැනගෙන බැනගෙන බැනගෙන යන කොට මිනිස්සු ඒක පිළිඅරගෙන ලබන සැරෙත් අපේ මහත්තයට චන්දෙ දෙයි කියල "


"ඔව් අනේ ඇමරිකාවේත් ඉතින් සැහෙන්න බය්යෝ ඉන්නවනේ .උන් නිකාම්මම අහුවෙනවා " ජේන් කිව්වාය


"බායි මෙලනියා "


"බායි ජේන් "


මැටි කලයට වතුර පුරවා ඉනේ තබා ගත් මෙලනියා උකුල දෙපසට පද්දවමින් ධවල මන්දිරය දෙසට ලැසි ගමනින් ගියාය .


Comments

චීනය කියන්නේ සිංහල සංස්කෘතිය ලංකාවේ විශේෂ සංස්කෘතිය ලෙස පිලිගන්න රාජ්‍යයක්.

ඒ නිසා අනිවාර්යයෙන්ම චීනය ඇමරිකාවට වඩා යහපත් රටක්.
Anonymous said…
ට්‍රම්ප් බනින විට චීනෙට
ඒ බව දුටුවිට උදේට
හරිම පුදුම සතුටක්
මගේ හිතට ගලා එනවා

බඩු ටික ගන්නට හවසට
කඩේට මං ගොඩ උනාම
ලාබෙට ඇති චීන බඩුව
ළඟ මා නවතිනවා
Anonymous said…
මැරුණ මිනිසුන් ගැන ගුණ කථනය කරන්න ඕනි නැහැ. රසිකගේ ලිපියේ අවසානයට සදහන් තැනැත්තා උග්‍ර ජාතිවාදියෙක්. දේශපාලන ගැත්තෙක්. ඒ බලය හිසේ තියාගෙන ඔළුව උදුමවාගෙන, තමුන්ගේ රක්ෂාවෙ තිබිය යුතු ගුණාංග පවා හැල්ලුවට ලක්කරපු අයෙක්. මට නං මේ කෙනාගේ මරණය දැනගන්නට ලැබුනම අප්‍රියන්ගෙන් වෙන්වීමේ සතුටක් දැනුනේ.

මේ තියෙන්නේ මේ කෙනා ෆේස්බුක් ඔස්සේ වපුරපු වෛරී සහගත අදහස්.


මගේ යාලුවෙක් බිත්තර පාන් කාලා මලා කිව්වැකි රසිකට දැන්.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා