Skip to main content

එයාබස් පගාව බෙදුවේ කාටද ?



Image result for airbus company


          ප්‍රංශයේ Airbus සමාගමෙන් ඩොලර් බිලියන 2.3 කට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාබස් 10 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේදී ගිවිසුමක් අත්සන් කළ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියා  වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පුරුවේ ගිණුමකට ඩොලර් මිලියන දෙකක  පගාවක්  එයාබස්  සමාගම තැන්පත් කොට ඇති බව පසු ගියදා ලන්ඩනයේ පැවති නඩු  විභාගයකදී හෙළිවීමෙන් පසු ලංකාවේ ඉහල නිලතල වල සිටින්නන් අමු හොරු රැලක් බව සැකයකින් තොරවම තහවුරු වී තිබේ .


ඩොලර් මිලියන දෙක සම්පුර්ණ පගාව නොවේ . පොරොන්වී තිබෙන මුළු පගාව ඩොලර් මිලියන 16 .84 කි .


කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ Biz Solution නමැති සමාගමට  ලැබුණු පගාවෙන් ඩොලර් ලක්ෂ 8 ක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන වන්නකවත්ත වඩුගේ  නිමල් හේමසිරි  පෙරේරා ට අයත්  SABRE VISION LTD නමැති සමාගමකට 2014 එවා තිබේ .එම සමගම ලියාපදිංචි කර තිබෙන්නේ බ්‍රිතානයට  අයත් වර්ජින් දුපතේය ( British Virgin Islands ). 


  ඒ අතර  ඇය විසින් එම වසරේදීම යුරෝ 160000 ක් (රු.මිලියන 30ක්) SL AGRO නමැති ලංකාවේ සමාගමකට එවා තිබෙන අතර එම සමාගමේ ස්ථිර ලිපිනයක් නැති බව  කියනු ලැබේ . සහෝදරයන් දෙදෙනෙකු  එම සමාගමේ අයිති කරුවෝ වන අතර   ඔවුන් දෙදෙනා කවුදැයි තවම හෙළි කර  නැත. එක් අයෙකු රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශයක්  ලබා ගෙන තිබෙන අතර අනෙත් සහෝදරයාට පසුදා  පැමිණෙන ලෙස  කියා ඇතත් පැමිණ නැත .


ප්‍රශ්නය උසාවියට ගොස් තිබෙන අතර නිමල් පෙරේරාට එතෙර යාම තහනම්  කර තිබේ .මේ අතර මේ සම්බන්ධයෙන් පෙබරවාරි 20 වනදා උසාවියට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත  මුදලිගේ මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට  පොලිසිය දක්වන උනන්දුව අසතුටු දායක බව  උසාවියට කියා සිටියේය .


මේ අවස්ථාවේ මහේත්‍රාත් රංග දිසානායක මහතා  ප්‍රකාශයක්  කරමින් මෙම මුදල් විශුද්ධිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස රහස් පොලිසියට  නියෝග කළ නමුත් රහස් පොලිසිය කිසිවක් කර නැති කියා කියා සිටීමෙන් පෙනේනේ හොරු හෙවීමට රහස් පොලිසිය දක්වන උනන්දුවෙ තරමය .


 

    මේ නිමල් පෙරේරා යනු කවුද?


මොහු ව්‍යාපාර  ජාලයක සභාපති වේ.  සමාගම් රැසක කොටස් හිමිකරුවෙකි. කොටස් වෙළඳපොල ව්‍යාපාරිකයෙකි . කලින් සමාගම් රැසක ඉහලම මට්ටමේ තනතුරු දරුවෙකි .


වත්මන් ආණ්ඩුවේ ලොකු ලොක්කන්  රැසක් ඔහුගේ  මිතරයෝය මුදල් විශුද්ධිකරණය සම්බන්දයෙන්මන්ත්‍රී  නාමල් රාජපක්ෂට එරෙහිව පැවරුණු නඩුවක නිමල් පෙරේරාගේ නමද සඳහන් වී තිබෙන බව සඳහන් වේ  .


එහෙත් කණගාටුවට කරුණ නම් මේ පිළිබඳව දෙරණ ,සහ හිරු කන්බිහිරිකරවන නිහඬතාවයක් රැකීමය . සිංහල මාධ්‍ය මේ ගැන කතා  කරන්නේ නැති තරම්ය  ඒ නිසා මේ දැවැන්ත වංචාව  ගැන බොහෝ දෙනා දන්නේ නැත .


හිරු  සහ දෙරණ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි දැන් හෙළිවී තිබේ . හිරු අයිතිකරු සහ දෙරණ අයිති කරු නිමල් පෙරේරාගේ ගජ මිත්‍රයෝ වීම එයට හේතුවයි  .


දැවැන්ත ව්යාපරයෙකු වන නිමල් පෙරේරාට එවූ ඩොලර් ලක්ෂ 8  ඔහු  ගන්නට නැතැයිද එම මුදල වෙනත් අයට ලබා දීම සඳහා ඔහුට එවන්නට ඇතැයිද සමහරු කියති . එසේ නම් ඒවා ලබා දුන්නේ කාටද ? ඔහුගේ දේශපාලන මිතුරන්  කීප දෙනෙකුටද ?


නිමල් පෙරේරාගේ මිත්‍රයන් කවුදැයි හඳුනා  ගැනීමට කදිම අවස්ථාවක් ඊයේ පෙරේදා උදාවිය .   එම අවස්ථාව උදා වුයේ  ඔහුගේ උපන්දින සාදයට පැමිණ තිබු යාලු මිත්‍රයන්ගේ චායාරුප ප්‍රසිද්ධියට  පත්වීම නිසාය.  එම  චායාරුප පළකර තිබුනේ BUSINESS TODAY පුවත් පතේය 


පහත දැක්වෙන්නේ එම පින්තුර වලින් කීපයකි .


Image may contain: 5 people, including Sani Cham and Sandya Abayasinghe, people standing and indoor


                     වම් පස පළමුවෙනියා නිමල් පෙරේරාය 

Image may contain: 5 people, people standing


Image may contain: 6 people, including Sani Cham and Sandya Abayasinghe, people standing, shoes and indoor

Image may contain: 11 people, including Sunilshantha Koralage, people standing


Image may contain: 5 people, people standing and indoor

          වම් පස සිටින්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ය

                              (මහින්ද රාජපක්ෂගේ ළඟ ඥාතියෙකි) 

එම සාදයට පැමිණි අය දැක්වෙන පහත පින්තුර සියල්ලම BUSINESS TODAY හි පලකොට තිබිණ 


Image may contain: one or more people and indoor



   

Comments

Anonymous said…
දැන් මහත්තයා කියන්නේ මේ ජයාරූප අනුව රාජපක්ෂ පවුලේ අයත් මේකට සම්බන්ධයි කියලද? මෙව්වා මේ අසත්‍ය ප්‍රචාර. මෙව්වට අපි රැවටෙන්නේ නැහැ. ලබන පාර්ලිමේන්තු ජන්දෙත් අපි ලබා දෙන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාන්ලාටයි.

චතුෂ කුමාර
Anonymous said…
Ai umbta invitation ekek awe nedda? ha ha ha
හැමදෙයක් දෙසම ආර්ථික විද්‍යාවෙන් බැලීම කසි කබල් මාක්ස්වාදී ක්‍රියාවක්.

සිංහල ජාතියට තියෙන ලොකුම ගැටළුව 1815න් පසු සිංහලයන්ට රටක් නැති වීමයි.
ඒ විදියට බැලුවාම මේක මොනතරම් සුළු දෙයක්ද?
ලංකාවේ දෙමළ මනුස්යෙක්ට ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.
ලංකාවේ මුස්ලිම් මනුස්යෙක්ට ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.
මම වගේ සිංහලයෙක්ටත් ඔ්කේ ප්‍රශ්ණයක් නෑ.

සිංහල පවුලක් මොනවා හරි කරලා ගොඩ යනවා නම් මම සලකන්නේ ඒක මගෙත් ජයක් හැටියට.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා