Skip to main content

තෙල් නිපදවන වෙනිසියුලාවට සිදුවුණු අකර තැබ්බය







Image result for venezuela crisis"

මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al jazeera.com අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය .වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය වෙනත් මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත .



අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක්  වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා අය සමග කතා බහකර තිබුණි .


Nicolas Maduro's administration started giving away holiday pork about three years ago as part of a promise to deal with chronic hunger and undernourishment [File: Jorge Silva/Reuters]

500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි.


අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු.1440  කී.


"මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ " යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි .


ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි .ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය.


ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයෙකු වන වෙනිසියුලාව අවුරුදු කීපයක සිට යන්නේ රීම් එකෙනි . එයට හේතු දෙකකි.


එකක් සමාජවාදයට බර ප්‍රතිසංස්කරණ කරන්නට ගොස් අසාර්ථක වීමය අනික ඇමරිකාව විසින් තහංචි පනවා තිබිමය . වෙනිසියුලාවේ බැංකුවලට සහ තෙල් කොම්පැනියට තහංචි පනවා තිබේ . අවට රටවල් ගණනාවක්ද මදුරෝගේ ආණ්ඩුව පිළිගන්නේ නැත .


මේ නිසා වෙන රටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර් භාවිතා කිරීමට ඩොලර් වලට තෙල් විකිනීමට වෙනිසියුලාවට නොහැකි වී තිබේ.

Image result for venezuela crisis

   

   අද වෙනිසියුලාව දුවන්නේ චීනයේ සහ රුසියාවේ සහයෝගයෙනි දේශීය මුදල් සහ යුරෝ භාවිතා කොට රුසියාවට ගෙවන්නට තිබු ණය ගෙවූ බව සඳහන් වේ .


ලංකාවේ සමාජවාදින්ට වෙනිසියුලාවෙන් ඉගන ගැනීමට හොඳ පාඩමක් තිබේ . ඒ බලවත් රටවල් කීපයක් සමාජවාදී මාවත අනුගමනය කරන තුරු ලංකාව වැනි ආර්ථක වශයෙන් දුර්වල රටකට සමාජවාදයක් ගැන සිතීමටවත් නොහැකිය යන්නය .අප සමාජවාදය කරන්නට ගියහොත් බලවත් රටවල් අපට ආර්ථික සම්බාධක පැනවීම ස්ථිරය සියලු ඇඟලුම් කම්හල් වසා දමා ගොන් කරත්තවලින් ගමන් බිමන් යාමට අපිට සිදුවනු ඇත .

Comments

Anonymous said…
හරක් මස් කෑල්ලක් කෑවා නන ඔහොම වෙන්නේ නැහැනි.

-අසාම්
සමාජවාදය ආර්ථික වශයෙන් අසාර්ථක බව ඔප්පුවෙලා ඉවරයි.

හැබැයි බලාපොරොත්ත අතහරින්න එපා,
දැන් ඔයාලට කරන්න තියෙන්නේ ආර්ථිකය වෙනුවට සංස්කෘතික සමාජවාදයක් ඇතිකිරීම.

උදාහරණයක් හැටියට සර්ව සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා සිංහල ජාතියට පුළුවන්තරම් පාඩු කිරීම සලකන්න පුළුවන්.

ධනපතියා භංග කරනවා වෙනුවට සිංහලයා භංග කරන්න.
ඔය කරදර වෙනිසුලාවට විතරක් නෙවේ දකුණු ඇමරිකාණු රටවල් බොහෝමයක සිදු උනා...."ආර්ථික කුලී ඝාතකයා"පොත කියෙව්වොත් ලංකාවට ඉස්සරහට සිද්ද වන දේ හිතා ගන්නත් පුළුවන්...
සමාජවාදය දරන්න නම් ලොකු රටවල් තියෙන්න ඔ්නේ.
ලංකාවේ සමාජවාදියන්ට ඔ්නේ රට පුළුවන් තරම් බෙදන්න

මුන්ගේ මෝලේ තමයි.....

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා