Skip to main content

Posts

Showing posts from January, 2020

රංජන් රාමනායක ඊයේ (ජනවාරි 21 )පාර්ලිමේන්තුවේදී කල ආන්දෝලානාත්මක කතාව

රංජන් රාමනායක ඊයේ (2020-1-21 ) පාර්ලිමේන්තුවේ  කළ කතාව ඉතා වැදගත්ය .ඇතැමුන් කියන්නේ ඔහු විසින් පාර්ලිමේන්තුවේ සිටි වැඩි දෙනෙකුගේ රෙදි ගලවා  දැමු බවය . බොහෝ දෙනා නොදැන සිටි කතා රැසක් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය  ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ට  අනුව ජුලියන  අසන්ගේ විසින්  ලොවට හෙළි දරව් කළ විකි  ලීක්ස් ලේඛන වලට වඩා රන්ජන්ගේ හඬ පට බලවත්ය . ඊයේ රංජන් කල කතාව තව බොහෝ කලක් යන තුරු රැව් පිළිරැව් දෙනු ඇත .  හොරුන් සම්බන්ධයෙන් ඔහු  සතු සියලු හඬ පට  පමණක් නොව ඔහු ළඟ  තිබෙන වීඩියෝ පට, B වාර්තා, සහ  වෛද්‍ය සහතික ද ඊයේ පාර්ලිමේන්තු සභා ගත කරන බව  රංජන් කියා සිටියේය . මේවා ඉදිරි කාලයේදී මහජනයාට දැනගත හැකි වනු ඇත ඒවා මගින්  තවත් බොහෝ අයගේ යට ඇඳුම්ද ගැලවෙනු ඇත . රංජන් ඊයේ කල කතාව  අසන්න 

තෙල් නිපදවන වෙනිසියුලාවට සිදුවුණු අකර තැබ්බය

මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al  jazeera.com  අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය .වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය වෙනත් මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත . අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක්  වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා අය සමග කත ා බහකර තිබුණි . 500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි. අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු.1440  කී. "මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ " යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි . ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි .ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය. ලෝකයේ ප්‍රධානතම