Skip to main content

Posts

Showing posts from 2020

ආණ්ඩුව යක්ෂ පැණි උඩ දාන්නේ ඇයි?

          මේ වන විට මේසන් බාස් පැණිය අති ජනප්‍රියය . රිටිගල පැණිය ද කරලියට එමින් තිබේ  ඒවාට අවශ්‍ය ප්‍රචාරය ආණ්ඩුව විසින් නොමිලේම ලබා දී ඇත . මේසන් පැණියට ආණ්ඩුවේ ඉහලම  තැන්වලින් අනුග්‍රහය ලැබුණු  අතර රිටිගල පැණියට ආණ්ඩුවේ රුපවාහිනියක් වන ITN ලබා දෙමින් සිටි . එම පැණි නිපදවූ දෙදෙනා හැර අන් කිසිවෙක් එම නිෂ්පාදන වලින් කොරෝනා වයිරසය විනාශ වන බව කියා නැත  ආණ්ඩුව ඒවාට දෙන ප්‍රසිද්ධිය නිසා එම පැණි වලින් කොරෝනා සුව වෙන බව හෝ කොරෝනා වලක්වන බව විශාල පිරිසක් තදින්ම විශ්වාස කරන බව පෙනේ > දැනමුත්තන්ට අනුව   වයිරස්වලට බෙහෙත් නැත. එන්නත් මගින් කරන්නේ වයිරසය සමග සටන් කොට පරාජය කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ ශරීරයේ නිපදවීමය.  අනෙක් අතට මෙම පැණි මගින් වයිරසය විනාශ කරන බවට කිසිදු පරීක්ෂණයක් කර නැත. යම්කිසි  ඖෂධයක ප්‍රතිඵලය මැනීම සඳහා වසරක කාලයක් වත් එය පරීක්ෂණයට ලක් කරනු ලැබේ  එන්නතක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 10 කාලයක් අත්හදා බලයි   පළමුව සතුන්ට එම එන්නත හෝ ඖෂධය ලබා දී  එහි ප්‍රතිඵල සොයා බලනු ලැබේ    විවිධ රෝග තිබෙන අයට අලුත් ඖෂධයක් හෝ  එන්නතක් ලබා දීමෙන් පසු බලපාන්නේ කෙසේදැයි පරික්ෂ කෙරේ  විවධ වයස් කාණ්ඩවල

සුද්දෙක් කී කතාවක්

මේ කතාව මට කිව්වේ අපේ හාමිනේය අපේ හාමිනේ රස්සාව කලේ අගලවත්තේ පිහිටි ශ් ‍ රී ලංකා රබර් පර්යේෂණායතනයේය. මීට අවුරුදු 15 කට පෙර අවුරුදු 90 ත් පැන්න සුද්දෙක් සිය හාමිනේත් දුවත් සමග රබර් පර්යේෂණායතනයට ආවේය . දුව ආ විගස පිටිපස්සට දිව්වාය. ටිකකින් ආපසු ආවාය " මම උපන්නේ ඔය පිටිපස්සේ තියෙන ගෙයි. ඒක බලන්නයි මම දුවල ගියේ " දු කීවාය වයසක සුද්දා දුව සමග කඳු පල්ලම් නගිමින් බසිමින් ආයතනයේ සියලු ප් ‍ රධාන ස්ථාන දෙස බලමින් අතීතය සිහි කළේය . සුද්දාගේ නම මොල්රිච් ය ඔහු රබර් පර්යේෂණායතනයේ සිටි පළවෙනි ප් ‍ රධාන පරිපාලන නිලධාරියාය . 1948 තෙක් මෙහි සේවය කළ ඔහු සිය පවුල සමග ඕස්ට් ‍ රේලියාවේ පදිංචියට ගියේය . ඔහු මෙවර එහි සිට ලංකාවට ආවේ තමන් සේවය කල ස්ථානය බලා සතුටක් ලබන්නටය . හැමතැනම ඇවිද බැලීමෙන් පසු පර්යේෂණායතනයේ නිලධාරිහු මොල්රිච් ට සහ පවුලේ අයට තේ පැන් සංග් ‍ රහයක් කළහ . තේ බොන ගමන් ඔහු පරණ කතාවක් කිවේය . ඒ කාලේ උදේ 8 ට මේ ආයතනයේ වැඩ පටන් ගත්තේ . විනාඩියක් පරක්කු වෙලා ආවොත් මම දඩ ගහනවා . 1948 පෙබරවාරි 5 වෙනිදා මම ඔෆිස් එකේ ඉන්න කොට ක්ලාක් කෙනෙක් වැඩට

ඒකීය රාජ්ජයේ සිට ලියමි

ලංකාවේ ආණ්ඩුක් ‍ රම ව් ‍ යවස්ථා වේ නම් සඳහන් වෙන්නේ ලංකාව ඒකීය රාජ් ‍ යයක් බවය. ව් ‍ යවස්ථාවේ ඉන්ගිරිසි පිටපතේ ඒ බව ලියා ඇත්තේ මෙසේය THE PEOPLE, THE STATE AND SOVEREIGNTY 1. Sri Lanka (Ceylon) is a Free, Sovereign, Independent and Democratic Socialist Republic and shall be known as the Democratic Socialist Republic of Sri Lanka. 2. The Republic of Sri Lanka is a Unitary State. ඔය ඒකීය හෙවත් Unitary යන වචනය ගිනිගන්නා සුළුය. පුපුරන සුළුය. පාස්කු බෝම්බ තරම් භයානකය ඔය වචනය ව් ‍ යවස්ථාවෙන් ඉවත් කරන්නට ගියහොත් කීප දෙනෙකු පරලොව යනු ඇත සිය ගණනක් තුවාල ලබනු ඇත දාස් ගණනක් පෙලපාලි යනු ඇත මහසොන්නු ගිණි තියනු ඇත එහෙත් ඔය වචනය ව් ‍ යවස්ථාවේ කාලයක් තිස්සේ තිබුනා කියා රට ඒකීය වී තිබේද ? අපි ඉන්නේ ඒකීය රටකද ? ලාංකික පුරවැසියන් හදවත් වලින් ඒකීය ද ? ව් ‍ යවස්ථාවේ ඒකීය වචනය දමාගෙන රට බෙදන්නට අපි බොහෝ දෙනෙකු දායක වී ඇත්තෙමු . සිංහල ඉස්කෝල, දෙමල ඉස්කෝල ,මුස්ලිම් ඉස්කෝල, බෞද්ධ ඉස්කෝල, ක් ‍ රිස්තියානි ඉස්කෝල, හින්දු ඉස්කෝල ,ඉස්ලාම් ඉස්කෝල කියා ජනවර්ගය සහ ආගම මත පාසල් පවත්වාගෙ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හාමිනේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නෝනා මෙලනියා ට්‍රම්ප් වතුර ගෙන ඒමට දිනපතා උදේ හවස අල්ලපු වත්තට යන්නීය ඊට හේතුව ධවල මන්දිරය තිබෙන භුමියේ ලිඳේ වතුර කිවුල් රහ නිසාය .ඇය එම ලිඳේ වතුර පාවිච්චි කරන්නේ රෙදි සේදීමට, වලන් පිගන් සේදීමට ආදි වැඩ වලට පමණි. අල්ලපු ගෙදරට වතුර ගෙන එන්නට ඇය ගිය විට එම නිවසේ සිටින කාන්තාව මෙලනියා සමග ඕප දුප කතා කරන්නට නොවරදවාම එන්නීය ගිය සතියේ ඉරිදා හැන්දෑවේ වතුර ගෙන ඒමට ගිය විට මෙලනියා යන විට අල්ලපු ගෙදර කාන්තාව හ ෙවත් ජේන් ලිඳ ළඟ සිටියාය "ඔයාගේ මහත්තය මේ දවස්වල චීනෙට ලවක්දෙවක් නැතිව බනින්නේ ඇයි අනේ ?අමු කැවිලද කියල හුඟක් අය අහනව ' ජේන් ඇසුවාය "මේකනෙ ජේන් , අපේ මිනිහගේ ගොන් කම් නිසා මේ රටේ මිනිස්සු ලස්සෙකට වඩා කොරෝන වලින් මැරුනනේ. ඉතින් ලබන සැරේ චන්දෙ ඉල්ලන්නේ නැහැ කිව්වා ඉල්ලලා පරදින්න බැහැ කියල " "ඉතින් චීනෙට බනින්නේ මොකද ? චීනේ මොකක්ද කරපු වැරැද්ද ?" "මෙහෙමයිනේ අනේ, එයාගේ උපදේශකයෝ දීපු උපදෙස් නේ " "නල්ලමලේ උපදේශකයෝ තමයි එයාටත් ඉන්නේ .උන් මොනවද කියල තියෙන්නේ "ජේන් ඇසුවාය . &q

එයාබස් පගාව බෙදුවේ කාටද ?

          ප්‍රංශයේ Airbus සමාගමෙන් ඩොලර් බිලියන 2.3 කට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාබස් 10 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේදී ගිවිසුමක් අත්සන් කළ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියා  වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පුරුවේ ගිණුමකට ඩොලර් මිලියන දෙකක  පගාවක්  එයාබස්  සමාගම තැන්පත් කොට ඇති බව පසු ගියදා ලන්ඩනයේ පැවති නඩු  විභාගයකදී හෙළිවීමෙන් පසු ලංකාවේ ඉහල නිලතල වල සිටින්නන් අමු හොරු රැලක් බව සැකයකින් තොරවම තහවුරු වී තිබේ . ඩොලර් මිලියන දෙක සම්පුර්ණ පගාව නොවේ . පොරොන්වී තිබෙන මුළු පගාව ඩොලර් මිලියන 16 .84 කි . කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ Biz Solution නමැති සමාගමට  ලැබුණු පගාවෙන් ඩොලර් ලක්ෂ 8 ක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන වන්නකවත්ත වඩුගේ  නිමල් හේමසිරි  පෙරේරා ට අයත්  SABRE VISION LTD නමැති සමාගමකට 2014 එවා තිබේ .එම සමගම ලියාපදිංචි කර තිබෙන්නේ බ්‍රිතානයට  අයත් වර්ජින් දුපතේය ( British Virgin Islands ).    ඒ අතර  ඇය විසින් එම වසරේදීම යුරෝ 160000 ක් (රු.මිලියන 30ක්) SL AGRO නමැති ලංකාවේ සමාගමකට එවා තිබෙන අතර එම සම

පිටසක්වල වාසින් සොයා යන ගමනක්

පහත දැක්වෙන චායාරුපය ගත්තේ කවුද ? පිටසක්වල වසන බුද්ධිමත් ජිවියෙක්ද ? ඉහත පින්තුරයේ දැක්වෙන්නේ අපසමග නිරන්තරයෙන් වාගේ ගමන් බිමන් යන   චන්ද්‍රයා සහ අප වසන පෘථිවියයි. මෙම දර්ශනය චායාරුපය ගත හැක්කේ  අභ්‍යවකාශයේ ඉතා දුරක සිටයි  . මේ චායරුපය ගනු ලැබුවේ Voyager 2 යානයයි . එම යානය මෙම චායාරුපය ගනු ලැබුවේ පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 11.66ක් දුර සිට 1977 සැප්තැම්බර් 18 වනදායි ,පෘථුවිය වඩාත් පැහැදිලිව පෙනීම සඳහා කෘතීම ලෙස වර්ණ ගැන්වූ බව සඳහන් වෙනවා . Voyager 1 සහ Voyager 2 නමින් යානා දෙකක් 1977 දී දෙවරකට අවභ්‍යවකාශයට යවනු ලැබුවා එම යානා දෙක මේ වන විට ගමන් කරන්නේ පිලිවෙලින් අපේ ලෝකයේ සිට කිලෝමීටර් බිලියන 13.88 සහ 11.5 ක් දුරකින් .එම යානා යුරේනස් සහ නැප්චුන් ග්‍රහයන් පසු කොට ගියේ 1989 වසරේදී . එම යානා අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්ව අනන්තය බලා ගමන් කරමින් ඉන්නේ .                            Voyager 2  අභ්‍යවකාශ යානය      ටික දවසක් අක්‍රියව තිබු Voyager 2 යානය යලිත් ක්රියා කාරිවී තිබෙනවා .පොළොවේ සිට එම යානයට ආලෝකයේ වේගයෙන් නියෝග යවන අතර නියෝගයක් යාමට පැය 17 ක් ගත වෙනවා.

රංජන් රාමනායක ඊයේ (ජනවාරි 21 )පාර්ලිමේන්තුවේදී කල ආන්දෝලානාත්මක කතාව

රංජන් රාමනායක ඊයේ (2020-1-21 ) පාර්ලිමේන්තුවේ  කළ කතාව ඉතා වැදගත්ය .ඇතැමුන් කියන්නේ ඔහු විසින් පාර්ලිමේන්තුවේ සිටි වැඩි දෙනෙකුගේ රෙදි ගලවා  දැමු බවය . බොහෝ දෙනා නොදැන සිටි කතා රැසක් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය  ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ට  අනුව ජුලියන  අසන්ගේ විසින්  ලොවට හෙළි දරව් කළ විකි  ලීක්ස් ලේඛන වලට වඩා රන්ජන්ගේ හඬ පට බලවත්ය . ඊයේ රංජන් කල කතාව තව බොහෝ කලක් යන තුරු රැව් පිළිරැව් දෙනු ඇත .  හොරුන් සම්බන්ධයෙන් ඔහු  සතු සියලු හඬ පට  පමණක් නොව ඔහු ළඟ  තිබෙන වීඩියෝ පට, B වාර්තා, සහ  වෛද්‍ය සහතික ද ඊයේ පාර්ලිමේන්තු සභා ගත කරන බව  රංජන් කියා සිටියේය . මේවා ඉදිරි කාලයේදී මහජනයාට දැනගත හැකි වනු ඇත ඒවා මගින්  තවත් බොහෝ අයගේ යට ඇඳුම්ද ගැලවෙනු ඇත . රංජන් ඊයේ කල කතාව  අසන්න 

තෙල් නිපදවන වෙනිසියුලාවට සිදුවුණු අකර තැබ්බය

මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al  jazeera.com  අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය .වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය වෙනත් මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත . අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක්  වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා අය සමග කත ා බහකර තිබුණි . 500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි. අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු.1440  කී. "මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ " යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි . ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි .ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය. ලෝකයේ ප්‍රධානතම