Skip to main content

Posts

Showing posts from November, 2019

ජවිපෙ පැදුරෙන් බිමට වැටුනේ ඇයි

ජවිපෙ මෙවර අඩු වශයෙන් ලක්ෂ 8 ක් ගනු ඇතැයි බොහෝ අය ගණන් හැදුහ.මගේ විශ්වාසය වුවේද එයය . ජවිපෙ හිතවතුන් අනුමානය ඊටත් වඩා වැඩි විය .ලක්ෂ 10- 15 අතර සංඛ් ‍ යාවක් ගනු ඇතැයි ඔවුහු සිතුහ එයට හේතුද තිබිණ . ඉකුත් මහමැතිවරණයේදී චන්ද 544,154 ක්ද ගිය වසරේ පැවැත්වූ පලාත් පාලන චන්දයේදී ලක්ෂ 7 ඉක්මවාද ජවිපෙ ලබාගැනීම මෙන්ම ගාලු මුවදොර පිටිය පුරවා රැළියක් පැවැත්වීම සහ ජනාධිපතිවරණයේ ඔවුන්ගේ රැලි වලට සතුටුදායක මට්ටමේ සහභාගිත්වයක් තිබීම එවැනි අනුමාන කිරීම් වලට පදනම විය එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී චන්ද 418,553 (3.16%) පමණක් ජවිපෙ ප් ‍ රමුඛ සන්ධානය ලැබීම ජවිපෙ බරපතල ලෙස මානසික කඩාවැටීමකට පත් කරනු ලැබිය අවසාන ප් ‍ රතිඵලය ප් ‍ රකාශ කරන අවස්ථාවට අනුර කුමාර නොපැමිනිමෙන්ම එය පෙනේ. එහෙත් මැතිවරණ සමයේදී ජවිපෙ කියා සිටියේ ගොටාභයට බය නැති බවත් ඔහු බලයට පැමිණියහොත් මහජනයාට වන හිරිහැරවලදී ඊට මුහුණ දීමට තමන් ඉදිරිපත් වන බවත්ය . සිංහල සමාජයේ අති විශාල පිරිසක් දෙමල සහ මුස්ලිම් ප් ‍ රජාවෙන් තමන්ට තර්ජනයක් ඇතැයි විශ්වාස කරන බව මෙම ජනාධිපතිවරණ ප් ‍ රතිඵලවලින් අනුමාන කිරීමට සිදුවී තිබේ . 27