Skip to main content

ගෝටාභය අනුරාධපුරයේ දී කී කතාව






Image result for gotabhaya rally in anuradhapura

     

   ඊයේ අනුරාධපුරයේ පැවැත්වූ පොහොට්ටු රැස්වීමේදී කතා කළ ගෝටාභය මහතා සිර ගත කොට සිටින හමුදා සාමාජිකයන් ජනාධිපති වූ දිනම නිදොස් කොට නිදහස් කරන බව කීවේය .


.
ලංකාවේ නීති අනුව සිර කරුවන් නීදොස් කොට නිදහස් කිරීමට හැකියාව තිබෙන්නේ දඬුවම් කල උසවියට ඉහල උසාවිය විසින් යලිත් නඩු අසා නිවැරදි කරු වුවේ නම් පමණි .


ඒ සඳහා වුවද උසාවියට කිසියම් කාලයක් ගතවේ .


එහෙත් ඊයේ අනුරාධපුරයේ පැවති පොහොට්ටුවේ මංගල මැතිවරණ රැලියේදී කතා කල ගොටාභය මහතා කිවේ හිර ගෙවල්ව සිටින හමුදා සාමාජිකයන් තමා ජනාධිපති වූ පළමු දිනයේම නිදොස් කොට නිදහස් කරන බවය .


සියලු ශිෂ්ට රටවල මෙන්ම අපේ රටේද නිතිය අනුව ප්රධාන බලකෙන්ද්ර 3 කී. ඒ පාර්ලිමේන්තුව ,විධායකය,සහ අධිකරණයයි බලය ස්ථාන තුනකට බෙදා හැර තිබෙන්නේ එසේ නොවුනහොත් පාලකයා එකාධිපතිවී රට ඉවර කරන නිසාය .


එහෙත් ගොටාභය මහතා කිවේ ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කරමින් ඒකාධිපතියෙකු බවට පත්වෙමින්අධිකරණ බලයද තම අතට ගනිමින් වැරදි කල එවුන් පළමු දිනයේදීම නිදහස් කරන බවය.


චන්දයෙන් බලයට ආ හිට්ලට් ඒකාධිපතිවුයේ ඔය විදිහටමය .චන්දය දුන්නේද මිනිස්සුමය . ඒකාධිපති වූ විට හුරේ දැම්මේද මිනිස්සුමය .


හිට්ලර්ට අප්පුඩි ගැසූ තමන් ඇතුළු 43 ලක්ෂයක් ජර්මන් වැසියන්ට ඉදිරි අවුරුදු කීපය තුලදී හිට්ලර් විසින් වේදනාකාරී මරණ අත් කර දෙනු ඇතැයි ජර්මන් ජනයා එදා හිතුවේ නැත .


ලාංකිකයෝ වනාහි ලෝක ඉතිහාසයෙන් තබා තමන්ගේ රටේ ඉතිහාසයෙන් වත් පාඩම් ඉගන නොගන්නා ජාතියක් බව එක වරක් නොව කීපවරක්ම ඔප්පු කර තිබේ .


Image result for destruction of  germany 1945

Comments

Anonymous said…
ඇයි ජනාධිපති සමාව කියලා එකක් තියනවා නේද?
Wijebahu said…
Also he said based on unjustified charges, the word Premalal conveniently omitted. Looks like you are working overtime for Punchidasa?

Come to dictatorship and brutality UNPs history is not that rosy either, people who lived 88/89 Premadasa Bheema Samaya knows it well, Sajith may be the new kid but most of 88/89 killers are still active UNP+JVP.

You can only assume about Gota, but UNP+JVP is proven killers, who burned people like Wijeweera alive. Where have you been during 88/89 Premalal?
එතකොට ජර්මන් කාරයෝ ලක්ෂ 43ක මරනයට වගකිව යුත්තේ (ඊට වඩා මැරණා. සමහර වෙලාවට ජර්මන් මලමිනී යුදෙව් මිනී හැටියට ප්‍රදර්ශණය කෙරුණා) ඒ ජර්මන් වරුමද?
නැත්නම් නාසි විරෝධී යුධ අපරාධ කාරයොද?

ඒ ලොජික් එක අනුවනම් හමුදාකාරයෝ නිදහස්කල යුතුයි. වැරදිකාරයෝ දෙමෙල්ලුමයි.
Anonymous said…
ගෝට කයිවාරු ගැහැව්වට,ඊ ලඟට පත්වන ජනාදිපතිට ඔය කියන තරම් සෙල්ලම් දාන්න බැහැ.ටික කාලෙකට හරි බලවත් වෙන්නෙ රනිල් තමයි.ගෝට ඕව කරන්න ගියොත් ගමරාල ඇනගත්තට වඩා ඇනගන්නව.
Anonymous said…
ගෝඨාබය පැරදුනාට කමක් නෑ පුතේ. අති උතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන්ගේ ශුද්ධ පවිත්‍ර වූ ඇට දෙක.
ඒකාධිපති පාලනයකට ඇයි ඔය තරම් බය ඒකාධිපති පාලකයෙක් වුනත් හොද පාලකයෙක් නම් ප්‍රශ්ණයක් නැහැනේද

හොද ඒකාධිපති පාලකයෙක් හොයාගන්න නැත්නම් ඒකාධිපති බල බණ්ඩලයකින් රට පාලනය කරන එක මෙයට වඩා හොද නැද්ද

හැම ප්‍රශ්ණෙදිම නොයෙකුත් පැති වලට බෝලෙ පාස් කරමින් ඉන්න රැවටිලිකාර පොජාතන්තරවාදයට වඩා සමානාත්මවාදයක් ගැන රැවටිලිකාර සිහින මවන බොරු සමාජවාදයට වඩා ඒක හොද නැද්ද
ඉස්සරකාලෙ හොද රජවරු හොදට රට පාලනය කරල තියෙන්නෙ
ඒ කරල තියෙන්නෙ ඒකාධිපති පාලනය තමයි

පිටරටින් ගෙනාපු සමාජවාදය තවරගෙන පොරවල්වෙච්ච මිනිස්සුන්ට ඒ ව්‍යාජ ආකල්ප වලින් මිදෙන්න අමාරුයි
මොකද ඒකෙන් මිදුනොත් ඔවුන්ට ඉදිරි පැවැත්මක් නැහැනෙ
Wy yu angri wijebahu. Vat the problem with you sudda man?
Vat is unjustified charge?. Yu meen until jaj giv vardikt they go fre?. Bulshyt, lern how low work. Those bugers in jail not for kilin terrorist but kilin inosent peepal. takin ransom. giving istolan kar to wyf barthday is gud to yu. give yuvar kar to jail ranaviru wife. be gud.

Unp bad. Jvp bad. Slfp also bad and bad slfps istat pohottuva. Are they gud to you. Kam on. I no call sudu van. Lanka had onli blak van 2005-2015. No vyit van.

Unp burn wijeweera. Tru. Wijeweera men kill iskul teachers. Tru. There is a plac call rathupaswala in sri lanka.

Oh, I fogot you are a sudda man. Yu don’t no that. Yu onli rite vat others tell you. Sori. Sori.
Anonymous said…
අනංමනං, ඒකාධිපති බල බණ්ඩලේ කිව්වේ වීරවංශල, ගම්මන්පිලල, වාසුලා එහෙම ඉන්න එකක්ද? ෂෝක් ඈ ..

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා