Skip to main content

ගෝටාභය දිනුවොත් ?




Image result for attack against arjuna ranatunga at petroleum corporation




Image result for attack against arjuna ranatunga at petroleum corporation


    ' නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  කවුරු දිනාවිද ?'යන්න අනුමාන කිරීම තවමත් දුෂ්කරය . ග්‍රාමීය සිංහල ප්‍රදේශවල ගෝටාභය මහතාට වාසි සහගත බවක් ඇතත්  රටේ සෑම දිස්ත්‍රික්කයක්ම සලකා බැලු කළ  ගෝටාභය සහ සජිත් කරට  කර සිටින බව බැලු බැල්මට  පෙනේ .


ගෝටාභය මහතා ජයග්‍රහණය කළොත් ඔහු ඒකාධිපතියෙකු වෙනු ඇතැයි බොහෝ අය තුල බියක් ඇතිවී තිබේ .විශේෂයෙන්ම ලංකාවේ වාමාංසික මත දරන්නන් සැලකිය යුතු පිරිසක්  මෙන්ම නිදහස් මත දරන්නන් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය  පළකරන්නේ ඒ නිසාය .


'ගෝටා බිය' තමනට අවාසි බව ජවිපෙ දනී. ඒ නිසා අනුර කුමාර මහතා සහ ජවිපෙ කියමින් සිටින්නේ ගෝටා ජනාධිපති උනත් 19 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති බලතල කපා ඇති බැවින් බිය විය යුතු නැති බවය .


 මේ ලිපියේ ප්‍රධාන  අරමුණ  ගෝටාභය 16 වන දා ජයග්රහනය කළහොත් ඉන් පසු ආසන්න සමයේ සිදුවිය හැක්කේ කුමක්ද යන්න විග්‍රහ කර ගැනීමය .

Image result for attack against arjuna ranatunga at petroleum corporation

 දින 52 පාලන සමය යලි ඔබට සිහියට නගා ගත හැකි නම් ගෝටාභය මහතා බලයට  පත් වුවහොත්  සිදුවිය හැකි බිහිසුණු තත්වය වටහා  ගත  හැක . අර්ජුන රණතුංග ඇමතිවරයා තෙල් සංස්ථාවේ කාර්යාලයට ගිය විට සිදුවූ සිද්ධි මාලාව  ඔබට මතක ඇතැයි සිතමි. නීති විරෝධී ලෙස ආණ්ඩුව පෙරලා මහින්දට අගමැති තනතුර දුන්  පසු  සිය නිවසේ යතුරු කැරැල්ල ගැනීමට තම කාර්යාලයට අර්ජුන ගිය විට සංස්ථාවේ පොහොට්ටු පාක්ෂිකයෝ උත්සහ  කළේ ඔහුට පහර දීමටය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා  වෙඩි තැබුවේ නැති නම්  ඔහු මරා දැමීමට  පවා ඉඩ තිබුණි .


Related image


 එමෙන්ම රුපවාහිනි සංස්ථාවේ සිදුවූ දේද යලි සිහිපත් කරගැනීමට වටි. එහි ගිය රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමතිවරුන් ට පහරදීමට පොහොට්ටු සේවකයෝ හඹා ආහ .  පොලිස් විශේෂ  කාර්ය බලකායට පින්සිදුවන්නට ඔවුන්ගේ ජිවිත බේරුණි 



ඒ ගෝටාභය  මහතා බලයට  පත්ව නොවේ . කුමන්ත්‍රණයකින් මහින්දට අගමැති කම දුන් පසුවය .

දැන් තත්වය ඊට වෙනස්ය . ගෝටාභය ඉදිරියට පැමිණ තිබේ . ඔහු වටා සිටින  කිට්ටුම පිරිස වන්නේ සිවිල් වැසියන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාස කරන්නන් නොව තුවක්කු පාවිච්චිය කෙරෙහි වැඩි ආශාවක් ඇති හිටපු හමුදා නිලධාරින් පිරිසකි . 


අවුරුදු හතරකට වැඩි කලක් තම  කුඩා රාජයයන් වල ආධිපත්‍යය අහිමිවීම නිසා   ඉමහත් අසහනයෙන් සිටින   දහස්  ගණනක් ප්‍රාදේශීය පොහොට්ටු නායකයෝ සිටිති  ගෝටා ජයග්‍රහණය කළහොත් පසුවදාම රාජ්‍ය ආයතන , අර්ධ රාජ්‍ය ආයතන වෙත  කඩා පැන විරුද්ධවාදීන්ට පහර දී තම කුඩා රාජ්‍යයන්හි බලය බලහත්කාරයෙන් ලබා ගැනීම  අරඹනු ඇත .ඔවුන්ට පහර දීම් කරනු ඇත.  ඇතිවන ගැටුම්වලදී කී දෙනෙකු පරලොව යවනු ඇතැයි දන්නේ දෙවියෝ සිටිනම් ඔවුහු  පමණි .


මේ සඳහා  අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම  පොහොට්ටු නායකයන් විසින් දැනටමත් අරඹා තිබේ .පොහොට්ටු පක්ෂයේ ප්‍රකාශ වලට  අනුව   ගෝටා ජනාධිපති වූ විගසම ආණ්ඩුව ඉබේම විසිරේ  .  එය බොරුවක් වුවත් එය  සත්‍යයක් ලෙස පොහොට්ටු පාක්ෂිකයන් විශ්වාස කරමින් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සිය අමාත්‍යංශ වල රාජකාරි කටයුතු සඳහා පැමිණීමට වත්  ඉඩ නොදෙනු ඇත 

Image result for attack against arjuna ranatunga at petroleum corporation


   මෙයට ප්‍රතිවිරෝධය දැක්වීමට  රනිල්ගේ ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි අපට දැන් සිටම කිව නොහැක.  බලහත්කාරයෙන් ආණ්ඩුව ලබාගැනීමට ඔවුන් කටයුතු කලත් එය වැලක්වීමට ඔවුන්ට හැකිවේද යන්න සැක සහිතය  . චන්දයකින් ගෝටා දිනා  ඇති පසුබිමක් තුල සිය පාක්ෂිකයන් මහපාරට ගැනීම ඉතා දුෂ්කර වනු ඇත . දින 52 ආණ්ඩු කාලය තුල  රනිල්  පාක්ෂිකයන් මෙන්ම සිවිල් සංවිධාන  ඉදිරියට ආවේ එම ආණ්ඩුව නීති විරෝධී වීමත්  චන්දයකින් පරාජය වී නැති නිසාත්ය . රටපුරා පවත්වන චන්දයකින් පරාජය වූ විට එජාප වැනි පක්ෂවල සාමාජිකයෝ මහත් සේ මානසිකව කඩා වැටි බියෙන් ගුලිවන්නට  පටන් ගනීති . ශ්‍රී ලංකා, පොහොට්ටු පාක්ෂිකයෝද පරාජය හමුවේ හැසිරෙන්නේ   එසේමය . ඔවුන් චන්ඩින් බවට  පත්වන්නේ බලය තිබෙන තාක් කල් පමණි .


එය එසේ බැවින් ගෝටා ජනාධිපති වුවහොත් හැකි ඉක්මනින් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා පොහොට්ටු පක්ෂය හැම සුත්තරයක්ම ක්‍රියාත්මක කරනු ඇත .  චන්ඩිකම මගින් ආණ්ඩුවක් පිහිටුවීමට පළමු උත්සාහය දරනු ඇත ,.එය අසාර්තක වුවහොත් රනිල් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස   බලකිරීමේ ව්‍යාපාරයක් වහාම  අරඹනු ඇත .


ඒ බලකිරීම සාර්ථක වුවත් නැතත් එම උද්ඝෝෂණ  ව්‍යාපාරය ඊළඟට  පවත්වන මහමැතිවරණයේදී  ජය ලබාගැනීමට  මහත් සේ උපකාරීවන බව පොහොට්ටු නායකයෝ හොඳින් දනිති .


කෙසේ වෙතත් පෙබරවාරි  මාසයේදී  ආණ්ඩුව නිත්‍යානුකුල ලෙස විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ  .  ගෝටා ජනාධිපති ලෙස පත්වුවහොත්  ලබන අප්‍රියෙල් මස  පවත්වන මහමැතිවරණයේදී පොහොට්ටු පක්ෂය අනිවාර්යයෙන් විශාල බලයක් ලබා ගන්නා බවට සැකයක් නොමැති අතර අගමැති කම අනිවාර්යයෙන්  හිමි වන්නේ මහින්දටය .


ගෝටා ජනාධිපතිද, මහින්ද අගමැතිද වූ විට  හකිම්ලාද, බදුර්දීන්ලද ඔවුන් වෙත ගෙන්වා ගනු ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කොටසක්ද ඇමතිකම් ලබා ගැනීම සඳහා මහින්ද වෙත යනු ඇත . තුනෙන්  දෙකේ බලයක් ලබාගෙන සියල්ල කණපිට හැරවීමට මහින්ද ගෝටා ඇතුළු පිරිස ඊළඟට ක්‍රියා කරනු ඇත .


මහින්ද බලයේ සිටියදී තුනෙන් දෙකක බලයක් හදාගත්තේ හකීම් ලාගේ බදුර්දීන්ලාගේ සහ එජාපයේ කොටස්වල සහය ලබාගෙනය . 


මහින්ද තුනෙන් දෙකක ආණ්ඩුවක්  පිහිටුවාගත් පසු කරන  පළමු කාර්ය වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමය .  


ඉන්පසු ඔබට පිහිටවීමට අල්ලා දෙවියන්ටත්  , කාදිනල් තුමාගේ දේවියන් වහන්සේටත් , තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ටත්  නොහැකිවනු ඇත  .



Comments

Anonymous said…
කල හොඳ ඉක්මනින් අමතක කරන ශ්‍රී ලාංකිකයා කල නරක ඉක්මනින් අමතක කරන්නේ නැත.ජවිපෙට තාමත් ගොඩ එන්න තියෙන අමාරුව ඒකයි. ගෝට ගැන කියන්න තියෙන්නෙ ඒකම තමයි.
Joseph said…
"මහින්ද තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවාගත් පසු කරන පළමු කාර්ය වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමය."

සිදු වීමට නියමිත දේ එයනම් ගෝඨාබයට චන්දය දීමට ඊට වඩා වෙන හේතුවක් අවශ්‍ය නැත.
Anonymous said…
රාජපක්ෂ රෙජීමයේ කාලේ මාධ්‍යවේදීන් /තරුණයන් ඇසීමට බියවූ නම් කිහිපයක් තිබුණි. ප්‍රධානම එක නම් ගෝඨාභය රාජපක්ෂය. අනෙක නම් නාවික හමුදා කප්පම්කරුවන්ය. ඒ වාගේම සුදු වෑන් වලටද මිනිසුන් බිය වුහ.


රාජපක්ෂලාගේ සුදු වෑන් භීෂණය කාලය මෙන් අති භයානක වකවානුවක්‌ වෙත මේ රට නොයනු ඇතැයි විශ්වාසය. එකල ගෝඨාභය රාජපක්ෂ පදිංචි නිවසේ මිනීකන මෝරුන් දැමු විශාල මාළු ටැංකියක් තිබුණි. සිය විරුද්ධවාදීන් මෙම මිනි මෝරුන්ට කන්නට දැමු ගෝඨාභය රාජපක්ෂ ඒ දෙස බලා සිට ඇත.

වසර කිහිපයට වූ එම අපරාධ වලට සහභාගී වූ බොහෝ දෙනෙක් අදටත් ජිවතුන් අතර සිටි.
Anonymous said…
ප්‍රේමදාස යුගයේ 88-89 භීෂණය කාලය මෙන් අති භයානක වකවානුවක්‌ වෙත මේ රට නොයනු ඇතැයි විශ්වාසය. එකල රනිල් වික්‍රමසිංහ පදිංචි නිවසට ආසන්යේ වූ බටලන්ද වධකාගාරයේ තරුණ තරුණියෝ ලතෝනි දුන් හඬ ඒ අසල නිවෙස්‌වල ජීවත් වූවන්ගේ හදවත් අදටත් පාරවන බව ඔවුහු පවසති.

වසර විස්‌සකට පෙරාතුව සිදු වූ ඒ ඝාතන කළ බොහෝ පිරිස්‌ අද ජීවතුන් අතර නැත. ඉන්නා පිරිසද වයෝවෘද්ධය. ඇතැම් අය දේශපාලන වශයෙන් කොන්වී හමාරය.

භීෂණ කාලයේදී මේ රටේ තරුණ තරුණියන් ඇසීමට බිය වූ නම් කිහිපයක්‌ තිබිණි. එකක්‌ ආර්. ප්‍රේමදාස නාමයය. අනෙක රන්ජන් විඡේරත්නය. ඒ වාගේම රෝහණ විඡේවීරගේ නම සහ ඩග්ලස්‌ පීරිස්‌ගේ නමට ද තරුණ තරුණියෝ බිය වූහ.
Anonymous said…
නොකී කතා බ්ලොග් එකේ හෙන්රි කියන මුඩුම කුහක ඩයල් එකද මේ ඇනෝ ගහන්නේ. අදනේ එක හරියටම දැන ගත්තේ. ඒ මනුස්සයාගේ මුණ දැක්කම පේන්නේ නැද්ද තියෙන වෛරී කුහක කම.
Anonymous said…
රනිල් වික්‍රමසිංහ සිය ආරක්ෂාවට රැඳී සිටි නිවස අසල වූ බටලන්ද වධකාගාරය කළු බළල්ලු සංවිධානය මගින් මෙහෙයවූ අතර ඒ සමඟද ප්‍රා සංවිධානය හොඳ ගනුදෙනුවක් තිබිණි. ප්‍රා නායක පොඩි සිල්වා සහ ධර්මසිරි 1989 ජුනි 19 වැනිදා රනිල් වික්‍රමසිංහද හමුවී තිබිණි. කර්නල් ජානක පෙරේරා ගෙන් 1989 අප්‍රේල් සහ මැයි මාසයේ වාර දෙකකදී අවි ලබාගත් බවට වාර්තා වේ. පොඩි සිල්වා සහ ධර්මසිරි, ඔසී අබේගුණසේකර සමඟ ඩග්ලස් පීරිස් ඇතුළු බටලන්ද වධකාගාරයේ මෙහෙයුම්වලට සම්බන්ධ කිහිප දෙනෙකු සමඟ ප්‍රා සංවිධානය වෙනුවෙන් සම්බන්ධතා නිරතුරුව තබා ගත්තේය. පොඩි සිල්වාගේ දිනපොත අනුව පද්මනාභ සමඟ නිරතුරුව උපදෙස් ලබාගෙන තිබිණි.
Anonymous said…
එජාපයේ ඇමති රාවුෆ් හ'කීම් හා මරාගෙන මැරෙන බෝම්බකරු සහ්' රාන් හ'ෂීම් සමග සාකච්ඡා කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් ඇමති රාවුෆ්හ 'කීම් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

//"මම මුස්ලි' ම් ජාතිකයෙකු ඉස්ලා' ම් භක්තික යෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලි ම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහ්' රාන් හ'ශීම් යනු උපතින් මුස්ලි' ම් ජාතිකයෙකි. ඉස්ලා ම් භක්තිකයෙකි. අන්ත වාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.

සහ් 'රාන් හ'ශීම්ද මුස්ලි' ම්, ඉස්ලා' ම් අන්තවාදියෙකු වීමට ඉඩ ඇති බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ශයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.

වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත.

තීරන ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.

බුදුර ජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.

රාවුෆ්හ 'කීම්,
ශ්‍රී ලංකා මුස්ලි' ම් කොං' ග්‍රස් නායක"//
This comment has been removed by the author.
Anonymous said…
තම ආගමික අයිතීන් ඉදිරියට ගෙන යාම හෝ නොයාම රැඳී ඇත්තේ මෙම ජනාධිපතිවරණය මත බව ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

තම දරුවන්ගේ අනාගතය සහ සැනසීම මෙම ජනාධිපතිවරණයේදී තිරණය වන බවද ඔහු පැවසීය.

ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ඉහළම ඡන්ද ප්‍රමාණයකින් දිනවීමට කැපවිය යුතු බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ දී පැවැති ජන රැළියක් අමතමිනි.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා